TikTok පිටුපස Psychology සෙල්ලම

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    TikTok පිටුපස Psychology සෙල්ලම

    මේ වසරේ ලොව ජනප්‍රියම mobile app එක බවට TikTok පත් වී ඇත. තොරතුරුතාක්ෂණ ලෝකයේ දැවැන්තයන් වන බටහිර රටවල සියලු apps අභිබවා චීනයේ බිහිවූ TikTok අංක එකට පැමිණීමද විශේෂිතයි. දැන් ඔබ බලනවා ඇති TikTok ගැන මොකද Psychology Group එකේ කතා කරන්නෙ කියල. TikTok කියන්නෙ සම්පුර්ණයෙන්ම Psychology සෙල්ලමක්. තාක්ෂණිකව මෙය ඉතා සංකීරණ app එකක් නොවේ, නමුත් මෙහි ජනප්‍රියත්වයට සම්පූරණයෙන්ම හේතු වී ඇත්තේ මෙහි ඇති Psychology උපක්‍රම ටික කියල කියන්න පුළුවන්. ඒ පිළිඹදව අපි විමසා බලමු. අප නිතර කතා කරන Depression, සම්බන්දතා ගැටළු ආදියෙන් ඔබ්බට ගොස් මනෝවිද්‍යාවේ රසවත් ඉසව් වෙත ඔබගේ අවධානය යොමුකර ඒ සම්බන්දයෙන් උනන්දුවක් ඇති කිරීම මාගේ සැබෑ අරමුණයි.

    TikTok සරලවම ඇබ්බැහිවීමක්. එක වරක් හෝ ඔබ මේ app එක පාවිච්චි කර ඇති නම් ඔබ දන්නවා ඇති ඔබ කොතරම් ඉක්මනට මේකට ආසක්ත වනවාද කියා. අපි බලමු TikTok කොහොමද මේ ඇබ්බැහිය ඇති කරන්නෙ කියල.

    පුංචි පුංචි වීඩියෝ කෑලි
    ඔබ දන්නවා ඇති TikTok වල තියෙන්නෙ තත්පර 15 වගේ ඉතා කුඩා කාලයක් play වෙන පොඩි වීඩියෝ කෑලි කියල. මනෝවිද්‍යාවේ තියනව අවධාන පරාසය (Attention Span) කියල සංකල්පයක්. අවධාන පරාසය කියල කියන්නෙ මනුෂ්‍යයෙක්ට යම් කිසි දේකට එක දිගට අවධානය තියාගෙන ඉන්න පුළුවන් කාලය. එක ඇත්තටම සාමාන්යෙන් තත්පර 10-12 ක් වගේ ඉතා අඩු කාලයක්. එතකොට බොහෝ විට අපේ අවධාන පරාසය Tiktok වීඩියෝ එකක කාලයත් හරියටම ගැලපෙනවා. වෙන විදිහකට කිව්වොත් ආයාසයකින් තොරවම අපේ අවධානය TikTok වීඩියෝ එක අල්ලාගෙන ඉන්නවා.

    අපි ආස දේ අපිට පෙන්නනව
    Youtube, Facebook හැම එකක්ම වගේ අපිට බලන්න වීඩියෝ ටිකක් එයාල යෝජනා කරනව. නමුත් TikTok එතනින් එහාට ගිහින් ගොඩක් සංකීර්ණ විදිහට පරිශ්‍රීලකයාගේ හැසිරීම නිරෙක්ෂණය කරල අපිට ඊළඟට බලන්න ඕනි වීඩියෝ එක අපිට පෙන්නනව. අපි TikTok app එක open කරපු ගමන් යන්නෙ "For you" කියන පිටුවට. එතන පෙන්නන ඔක්කොම වීඩියෝ කෘතීම බුද්ධිය (Artificial Intelligence) ඇසුරින් app එක තුල අපගේ තොරතුරු සහ හැසිරීම් අධ්‍යනය කරල අපිට බලන්න යෝජනා කරන වීඩියෝ. එක සංකීරණ ගණනය කිරීමක් (Algorithm). අපි වීඩියෝ බලන්න බලන්න, අප app එක පාවිච්චි කරන්න කරන්න ඔවුන් අපිව අධ්‍යනය කරනව. උදාහරණයක් විදිහට අපි app එක install කරපු ගමන් ඔවුන් දන්නව අපි ශ්‍රී ලංකාවෙන් කියල. ඊට පස්සේ ඔවුන් අපිට ශ්‍රී ලංකාවේ අය වැඩියෙන්ම බලපු වීඩියෝ අපිට පෙන්නනව. එකෙන් අපි කුරුල්ලෙක් ඉන්න වීඩියෝ එකක් බැලුවොත්, app එක දන්නව අපි සත්තුන්ට ආසයි කියල. ඊට පස්සේ අපිට සත්තුන්ගේ වීඩියෝ පෙන්නනව. මේ විදිහට අපි ආස දේ දකින්න දකින්න අපිට තව තව බලන්න හිතෙනව.

    TikTok ඩොපමීන් ෆැක්ටරියක්
    සරලව ඩොපමීන් (Dopamine) කියන්නෙ අපිව ප්‍රමෝදයට පත් වීමේ පණිවිඩය ගේන හෝමෝනය කියල කියන්න පුළුවන්. අප සතුටු හිතෙන දෙයක් අප ආසන්නයට එනවිට අපේ මොලයට ඩොපමීන් හෝමෝනය ශ්‍රාවය වෙනව. මොළය කැමතියි ඩොපමීන් මට්ටම ඉහළ තබා ගන්න. එම නිසා නැවත නැවතත් එම ක්‍රියාව කරන්න අපව මොළය විසින් පොළඹවනවා. අප රස කෑමක් දැක්කම ඩොපමීන් මට්ටම ඉහළ ගිහින් අපට කෑම කන්න සතුට ලබා දෙනව වගේම ඒ කෑම නැවත කෑමේ අසාවකුත් ඇති කරනවා. මේක සවාභාවික ක්‍රියාවලියක්, මේක මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ Reward system එක කියල. මත්ද්‍රව්‍ය භාවිතයේදී වෙන්නෙ මේ ස්භාවික ක්‍රියාවලිය වෙනුවට කෘතිමව අපේ මොළයට ඩොපමීන් ශ්‍රාවය වෙන එක. එකයි එක දරුණු ඇබ්බැහියක් වෙන්නෙ. TikTok වලත් මේ සංසිද්ධියම වෙනව. TikTok වල තියෙන්නෙ ලස්සන ගීත කොටස්, සුන්දර දේවල්, විනෝදජනක විහිළු තහළු, සොඳුරු කාන්තාවන්ගේ නර්තනයන් වගේ අපව සතුටු කරන දේවල්. වීඩියෝ එකක් දෙකක් බලනකොට ඩොපමීන් හෝමෝනය ශ්‍රාවය වෙලා අපට තව තව වීඩියෝ බලන්න හිතෙනවා. පොඩි වීඩියෝ නිසා අපට වෙලාව යනව තේරෙන්නෙත් නෑ. අපි ආස දේවල්ම app එකෙන් තෝරල අපිට පෙන්නන නිසා මේක ස්වයංක්‍රියවම ඇබ්බැහියක් බවට පත් වෙලා app එක නොනවතින ඩොපමීන් ධාරාවක් බවට පත් වෙනවා.

    අපිටත් වීඩියෝ එකක් කරන්නම හිතෙනව
    අපි ඉන්නවට වඩා බොහෝ ලස්සනට තමයි TikTok වීඩියෝ එකකින් අපට අපිව පෙන්නන්නේ. ඒ app එකේ තියන beauty filters වලින් අපිට නැති ලස්සනක් අපිට දෙනවා. මනෝවිද්‍යාවේ තියන තවත් සංකල්පයක් තමයි ආත්ම සම්මානය (Self-Esteem). ආත්ම සම්මානය කියල කියන්නෙ අපේ වටිනාකම ගැන අපේම ඇගයීම. මේක අපිට ඉහළින් එහෙත් යථාර්තවාදී මට්ටමක තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම අපේ මනස එකට කැමතියි. TikTok app එකෙන් අපිව හරි ලස්සනට පේනකොට අපේ Self-Esteem සෑහෙන්න ඉහළ යනව. ඒවගේම ඒවාට පළ කරාට පස්සේ ඒවාට වැටෙන like ප්‍රමාණයෙන් Self-Esteem එක තව තවත් ඉහළ යනව. එතකොට අපි තව තව TikTok වීඩියෝ කරන්න පෙළඹෙනවා.

    අපි app එක පාලනය කරනව වඩා, ටික වෙලාවකින් app එක අපිව පාලනය කරනවා
    TikTok එකේ කරන්න තියෙන්නෙ ඉතා සීමිත දේවල් ටිකක්. බොහෝවිට ඊළඟ වීඩියෝ එකට යනව, like එකක් දානව, comment එකක් දානව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. වීඩියෝ Fast-forward කරනව වගේ දෙයක් කරන්න බෑ. කොහොමත් තප්පර කීපයක් නිසා අපි අකමැති දෙයක් පෙන්නුවත් අපි එක බලන්න පෙළඹෙනවා. අනිත් අතට වීඩියෝවේ කාලය පෙන්නන්නේ නෑ. එමනිසා වෙලාව යනව තේරෙන්නෙත් නෑ. ඒ කියන්නෙ, ටික වෙලාවක් යනකොට app එක පෙන්නන ඕනි එකක් බලන තත්වයට අපි පත් වෙනවා. කොහොමත් අපිට වීඩියෝ යෝජනා කරන TikTok ගණිත සුත්‍රය (Algorithm එක) අපි අකමැති වීඩියෝත් අතරින් පතර පෙන්වනවා. ඒක app එකත් එක්ක අපිව තියාගන්න කරන තවත් උපක්‍රමයක්. මොකද අපි කැමති එක එනකන් ඊළඟ වීඩියෝ එකත් බලනව. එකට මනෝවිද්‍යාවේ කියන්නෙ අහඹු වෙරගැන්වීමේ න්‍යාය (Intermittent Reinforcement Theory) කියල. සූදු ක්‍රීඩා වලට මිනිස්සු ඇබ්බැහි වෙන්න හේතුවත් මේ න්‍යායම තමයි.

    එසේ වුවත් TikTok app එක මිනිසුන්ගේ නිරමාණශීලී බව දියුණු කර තිබෙන බවද කිව කිවයුතුයි. මිනිසුන්ගේ රංගන දක්ෂතා සහ බොහෝ නිරමාණශීලී අදහස් වලට TikTok හොඳ ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ඒවගේම මේ වැනි ගෝලීය වසංගත අවස්තාවක මිනිසුන්ගේ පීඩනය නිදහස් කරගැනීමේ උපක්‍රමයක් ලෙසත් මෙය භාවිතා වෙනවා. කෙසේ වෙතත් මාගේ ලිපියේ අරමුණ වන්නේ TikTok හොඳ හෝ නරක බව කීම නොවේ. ඔබට මෙය හොඳට හෝ නරකට භාවිතා කිරීමට අවශ්‍ය මනෝවිද්‍යාත්මක අවබෝධය ලබා දීමයි. එමනිසා අවබෝධයෙන් පාවිච්චි කරන්න.
    ✍️ Saji Gomes
    FB_IMG_1624899293549.jpg
     

    LakshanDev

    Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    මට නම් tik tok කියන්නෙ මල ජරාවක්😖😖 ඔලුව අවුල් වෙන එක විතරයි වෙන්නෙ

    අනිත් එක මචන් ඔය AI සීන් එක tik tok වල විතරක් නෙවෙයි හැම මගුලෙම වගේ තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් ටික් ටොක් බලනවා.ඇටෙන්ශන් සීකර්ස්ල්ලගෙ ෆුල් ආතල් ලෝකයක්.ඒවටම හරියන මිනිස්සු. නැති උන් ඇති වගේ තියනවා පෙන්නන ඇප් එකක්.සල්ලි තියනවනම් බඩු සාගරේ.

    හැබැයි මෙච්චර කල්.නම්.ටික් ටොක් කරන්න හිතිලා.නෑ.


    බලහන් ඉතින් කොච්චර ගොන්ද කියල
    ------ Post added on Jun 29, 2021 at 12:17 AM
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕනෑම සමාජ මද්‍යක හොද නරක දෙකම තියෙනවා. තමන් අවශ්‍ය දේ ගන්න එක තමයි වැදගත්.

    ටික්ටෝක් වලින් තත්පර කීපයකින් අවශ්‍ය පණිවිඩය දෙනවා. අපි හිතමු රටක නගර දෙකක් අතර වෙනස දන ගන්න ඕනේ කියල. YouTube වල ඕනේ තරම් video තියෙනවා. මුල් විනාඩි දෙකේ YouTube channel එකේ අයිතිකාරයාගේ marketing පාර දෙනවා. එට පස්සේ ඕනේ එවයි එපා එවයි කවලමේ දෙනවා. විනාඩි 5 විතර යනකොට එපා වෙනවා. ticktok වල තත්පර 15 වැදගත් කරුණු ටික ටක් ගලා දැනගන්න පුළුවන්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මම නම් ටික්ටොක් වලින් සෑහෙන්න දේවල් ඉගෙන ගන්නව. ටික්ටොක් එකට කෙනෙක් බනිනව නම් ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ බනින එකාගෙම අභ්‍යන්තරයයි. බනින එකාගෙ රුචි අරුචිකම් බනින එකාටම සෙට් වෙන්නෙ නෑති ප්‍රශ්නයක්. දැන් මේකෙ ඔය උඩ දාල තියෙනව වගේ විඩියෝස් කවදාවත් සජෙස්ට් වෙන්නෙ නෑ. මේ අද සජෙස්ට් වෙච්ච පට්ට විඩියෝ එකක්.

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මම නම් ටික්ටොක් වලින් සෑහෙන්න දේවල් ඉගෙන ගන්නව. ටික්ටොක් එකට කෙනෙක් බනිනව නම් ගොඩක් වෙලාවට ප්‍රශ්නෙ බනින එකාගෙම අභ්‍යන්තරයයි. බනින එකාගෙ රුචි අරුචිකම් බනින එකාටම සෙට් වෙන්නෙ නෑති ප්‍රශ්නයක්. දැන් මේකෙ ඔය උඩ දාල තියෙනව වගේ විඩියෝස් කවදාවත් සජෙස්ට් වෙන්නෙ නෑ. මේ අද සජෙස්ට් වෙච්ච පට්ට විඩියෝ එකක්.


    අනිව මගෙත් දැන් සුපිරි වීඩියෝ එන්නෙ. Short & sweet...වැල් වටාරම් නෑ.

    හැබැයි මං දැක්ක ඕකෙ AI වලින් ලස්සන මිනිස්සු ඉන්න වීඩියෝ track කරල ඒවා up කරනවලු. Positive vibe එක දෙන්න සෑහෙන උත්සාහ කරනව. මං හැබැයි ඒක හොද දෙයක් විදිහට දකින් නෑ.
    ------ Post added on Jun 29, 2021 at 2:41 AM
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    අනිව මගෙත් දැන් සුපිරි වීඩියෝ එන්නෙ. Short & sweet...වැල් වටාරම් නෑ.

    හැබැයි මං දැක්ක ඕකෙ AI වලින් ලස්සන මිනිස්සු ඉන්න වීඩියෝ track කරල ඒවා up කරනවලු. Positive vibe එක දෙන්න සෑහෙන උත්සාහ කරනව. මං හැබැයි ඒක හොද දෙයක් විදිහට දකින් නෑ.
    ------ Post added on Jun 29, 2021 at 2:41 AM
    AI wala lassana kiyana fact eka thama define karala na. TedX balanna. e nisa eka nam wenna ba. user engagement walin lassana maninna ba. mokada godak katha kello inna ewaye views over 1M yanawa mama dakala thiyenawa.