Tillys Beach Hotel

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    1983 ජූලි මාසයේදී මැරයන් විසින් පුළුස්සා දැමූ මවුන්ට් ලැවීනියාවේ ටිලීස් බීච් හෝටලය

    ගල්කිස්ස වෙරළ තිරය ආසන්නයේ පිහිටි ගුප්ත ගොඩනැගිල්ලක්, ඔබ එහි අවට සැරිසරන හෝ දුම්රියෙන් පසුකරයනවිට දැක ඇති බව සිතමි.
    එය වරෙක දෙමළ ව්‍යාපාරිකයෙකුට අයත් ටිලීස් බීච් හෝටලය විය.
    මෙම හෝටලය කොළඹ වැසියන් මෙන්ම ජර්මානු සහ රුසියානු සංචාරකයින්ගේ ප්‍රියතම ස්ථානයක් විය.

    1983 ජුලි 25 දිනදී කොළඹ දෙමළ ජන සංහාරයේදී ටිලීස් බීච් හෝටලය ගිනි තබා ඇති අතර මැර පිරිසක් ගිනි තැබීමට පෙර හෝටලය එහි කාර්ය මණ්ඩලය සහ නේවාසිකයන් ඉවත් කර ඇත.එය ජාතිවාදී අපරාධ දේශපාලන සලකුණක් වන සිරිල් මැතිව්ගේ ක්‍රියාවක් බව සැලකෙනවා.
    මෙම ගොඩනැගිල්ල 1983 කළු ජූලියේ කැරලිකරුවන්ගේ පළමු ඉලක්ක වලින් එකක් බව පැවසෙනවා.

    මෙම ගොඩනැගිල්ල බොහෝ සංවර්ධකයින් අත්පත් කර ගැනීමට උත්සාහ කර ඇතත් ශ්‍රී ලංකා රජයට අවශ්‍ය වුයේ එය අයිතිකරුට හෝ ඔහුගේ උරුමක්කාරයින්ට ආපසු ලබා දීමට ය.
    සමහරු පවසන්නේ ඔහු 1983 දී ගාතනයට ලක්වූ බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයන් නොමැති බවත්ය. තවත් අය පවසන්නේ ඔහු කැනඩාවේ හෝ එක්සත් රාජධානියේ ජීවත් වන අතර නැවත ශ්‍රී ලංකාවට පය තැබීමට උනන්දුවක් නොදක්වන බවයි.

    සමහර විට මෙම ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම නින්දිත කථාංගයක ස්මාරකයක් හැකිය.

    131297891_10157310076872691_4814013505903788992_o.jpg