Tilvin ගෙ ගානට එකත් බාල කරයි. වාහන අංක තහඩුවෙන් විශේෂ ආරක්‍ෂක අංග ගැළවෙයි!

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,046
    113
    වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

    වර්තමානයේ පවතින අංක තහඩුවේ ‘සිංහ’ ලාංඡන කීපයක් සහ ඩී.එම්.ටී. හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන්න විශේෂ ආරක්‍ෂක පියවරයන් ලෙස පිටතට නිරාවරණය වන ලෙස සහ පිටතට නිරාවරණය නොවන ලෙස පැවැති බවත් නව ටෙන්ඩරයෙන් එම ලාංඡන සහ අකුරු ඉවත්කර ඇති බවත් එහි සේවකයෝ කියති.

    ‘සිංහ’ ලාංඡන පේලී තුනක් ‘ලේසර් වෝටර් මාක්’ ලෙස ද, ඩී.එම්.ටී. යන ‘ඉංග්‍රිසි’ අකුරු තුන විශාල සහ කුඩා මුද්‍රණ ලෙස ද, වර්තමාන වාහන අංක තහඩුවක පවතින බවත් ඒවා නව ටෙන්ඩරයෙන් ඉවත්කිරීම ජාතික ආරෂාවට ද තර්ජනයක් වියහැකි බවත් ඔවුහු කියති.

    සැපයුම්කරුවකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් මෙම ආරක්‍ෂක ලාංඡන ඉවත්කර ඇති බව කියන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ නව ලෝකය වෙත යන ශ්‍රී ලංංකාව කළ යුතුතේ ආරක්‍ෂක පියවරයන් තවත් වැඩි කිරීම බව ද සඳහන් කළහ.

    වාහන අංක තහඩු ටෙන්ඩරය මෙරට රාජ්‍ය ආයතනයක් පිරිනමන ඉහළම වටිනාකමින් යුත් ටෙන්ඩර්වලින් එකක් මෙන්ම මෙම ටෙන්ඩරය පිටුපස විශාල දූෂණයන් සහ කොමිස් කුට්ටි ඉතිහාසය පුරාම වාර්තා වූ බවත් එම ටෙන්ඩරයට සම්බන්ධ වූ ඇතැම් දේශපාලඥයන්ට සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු ඇතැම් ඉහළ තනතුරු දැරූ නිලධාරීන්ට තවමත් අංක තහඩුවලින් කොමිස් ලැබෙන බවත් සේවකයෝ පවසති.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ එම ටෙන්ඩර් කැඳවීම සම්පූර්ණයෙන්ම ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ක්‍රියාත්මක කරන බවත් නව ටෙන්ඩරයෙන් විශේෂ ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවත්ය.

    එම ආරක්‍ෂක පියවරයන් හේතුවෙන් වාහන අංක තහඩුවේ මිල ඉහළ යෑම නිසා ආරක්‍ෂක පියවරයන් කීපයක් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව කී එම නිලධාරියා මාර්ගයේ වාහනයක් ධාවනය වන විට එහි අංක තහඩුව ව්‍යාජ ද යන්න පරීක්‍ෂා ක්‍රමයක් නොමැතවීම නිසා ආරක්‍ෂක පියවර ඉවත්කිරීම ගැටලුවක් නොවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    මෙම සිද්ධිය පිළිබඳව විමසීමට ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යයේ මාධ්‍ය අංශ සම්බන්ධ කරගැනීමෙන් පසුව එහි ප්‍රධානියකු එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සම්බන්ධ කරන්නේ යැයි පැවසුව ද පසුව දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.

    - https://www.lankadeepa.lk/latest_news/වහන-අක-තහඩවන-වශෂ-ආරකෂක-අග-ගළවය/1-670347
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සිංහ ලාංඡන අයින් කරපු එක නම් වැරදි

    ඕක පිටිපස්සේ ඇත්තේ ඊබ්‍රහීම් නානා :yes: