TIME’ සඟරාව නිරුවත පෙන්වයි
‘TIME’ සඟරාව නිරුවත පෙන්වයි; ඡන්ද විමසීමෙන් ජනපති මහින්ද ඉවත් කරයි
April 22, 2011 at 10:19 am | Lanka C News
දේශපාලන නායකයින්, දාර්ශනකයින්, කලාකරුවන් හා ක‍්‍රීඩකයින් ඇතුළු ලොව ප‍්‍රබල පුද්ගලයින් සිය දෙනෙකු ඇතුළත් කොට ‘ටයිම්’ සඟරාව මගින් පවත්වනු ලබන වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අන්තර්ජාල ඡන්ද විමසීමේ අවසන් ලැයිස්තුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අදාළ ඡන්ද විමසීමේදී අවසන් දසදෙනා අතරින් සිව්වන ස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබුණි. 26 වසරක යුද්ධය නිමා කිරීමත් සමඟ මෙලෙස ලොව වඩාත් බලපෑම් කළ හැකි ප‍්‍රබල පුද්ගලයින් අතරට ජනාධිපති රාජපක්ෂ මහතා පත්ව ඇති බව ‘ටයිම්ස්’ සඟරාව දක්වා තිබිනි.
නමුත් වඩාත් බලපෑම් කළ හැකි ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අවසන් ලැයිස්තුව ටයිම් සඟරාවේ කර්තෘ මණ්ඩලය මගින් තීරණය කරන අතර එම ලැයිස්තුවට ඡනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළත් නොවන බව සඳහන්ය. අවසන් දසදෙනා අතරට තේරී පත්ව සිටි ඇතැම් පුද්ගලයින්ද කර්තෘ මණ්ඩලය මගින් සකස් කරන අවසන් ලැයිස්තුවට ඇතුළත් නොවන බව වාර්තා වේ.
ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් සහ ඔහුගේ රජය පෙරලා දැමීමට මූලික වූ අන්තර්ජාල කි‍්‍රයාකාරිකයෙකු වන වයෙල් ගොනිම් ලොව බලගතුම පුද්ගලයා බව ඔවුන්ගේ තේරීමයි. දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටින්නේ ඇමෙරිකානුවන් වන, ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිට්ස් හා ව්‍යාපාරික රීඞ් හේස්ටිංග්ස් ය. දේශපාලනඥයින් අතරින් ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කල් අටවැනි ස්ථානයට හා බුරුමයේ අවු සාන් සූකී 18 වැනි තැනට පත්ව ඇත.
සබැඳි පුවත් 01 02