Tiny Planet Photography

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Tiny Planet Photography
    Using Panoramic photos​

    ____________________________________________________________________________________________________​



    panoramic-photography-tiny-planet.jpg


    ඔන්න අද කව්රු හරි මගේ පරණ නූලක් උඩට ඇදල තිබ්බ Photography ගැන දාපු.
    මේ තියෙන්නේ ඒක. නොබලපු අය ඕන නම් එකත් බලන්න.
    https://www.elakiri.com/forum/showthread.php?t=1813186

    මේක දැකපු නිසා ඔන්න අලුත් එකක් දන්නා හිතුන.

    ඇත්තටම අද වැඩේට අමුතුවෙන් මුකුත් ඕනෑම නැ, මොකද අපි හැමෝම ගාව තියෙන mobile phone එකෙන් Panorama photos ගන්න පුළුවන් නිසා.
    දැනටමත් කට්ටිය දැකල ඇතිනේ facebook එකේ instagram වල කට්ටිය මෙන්න මේ වගේ photos දාල තියෙනවා.

    වැඩේට බහිමු,

    01 මුලිම්ම වත්තපිටියේ, පාරක, පිට්ටනියක, මුහුදුවෙරලේ, අඩුතරමේ වහලේ උඩ හරි නැගල/ ඇවිදලා Panorama පින්තූර ටිකක් අරන් එන්න.
    (දැන් ඇවිදලා මහන්සිත් ඇතිනේ, ඇඟපත හොදන් සරමක් එහෙම ඇඳගෙන computer/ lap එක ලඟින් වැඩි උනොත් තමා වඩා හොඳ.)​

    02 දැන් අර ගත්ත පින්තූරයක් photoshop වලින් open කරගන්න. (Ctrl + O)

    03 ඊළඟට Image ගිහින් Image Size එකට යන්න. එකේ පල්ලෙහින් තියෙන Scale Styles සහා Constrain Proportions දෙකේම ටික් ඉවත් කරන්න.
    දැන් OK කරන්න.​

    04 දැන් පින්තූරේ උඩ යට මාරු කරන්න. (Image / Image rotation / 180°)

    05 දැන් පින්තූරේ අඹර ගන්න තියෙන්නේ. (Filters / Distort / Polar Coordinates)
    මතක ඇතුව Ok ඔබන්න කලින් පල්ලෙහා Rectangular to Polar ද select වෙලා තියෙන්නේ කියල බලන්න.​



    දැන් ඔයාලට අම්බරිච්ච සහා තැලිච්ච පින්තූරයක් ලැබිල ඇති.​


    06 දැන් අපි තැලිච්ච එක හදා ගමු.

    මුලින්ම Layers වලට ගිහින් ඉබ්බා දෙපාරක් ඔබල කඩාගෙන එන්න.
    ඊළඟට Image වලට ගිහින් Canvas size ඔබලා එන එකේ Width එකේ තියෙන ප්‍රමානෙම හෝ වැඩිපුර Height එකට දෙන්න.
    ඊළඟට Move Tool (V ඔබ්ල හෝ) එකෙන් පින්තුරේ උඩට පල්ලෙහාට අදාල (Shift ඔබන්නේ නැතිව) ලස්සන රව්මට එන ගානට හදා ගන්න.​

    07 දැන් වැඩේ alomost ඉවරයි. පින්තුඋරේ ඇඹරිලා අකතු උන තැන ඉරක් පෙන එක නැති කරගන්න
    Brush (J) ඔබලා Healing Brush Tool එකත් පාවිච්චි කරන්න පුළුවන්.​


    මේ මම කිව්වේ සරලවම පින්තූරේ හද්ද ගන්න විදිය. මීට අමතරව පින්තූරේ කලාත්මක කරගන්න ඔයාල කැමති ඕනෑම දෙයක් කරන්න. Colours හදා ගන්න.
    කිසිම වෙලාවක වැරදි කියල හිතලා කිසිම option එකක් පාවිච්චි නොකර ඉන්න එපා. Undo කියල එකක් තියෙන්නේ එකට තමා. දෙයක් එකපාරම හරියට කරන කෙනාට වඩා වැරදියට කරන කෙනා ඉක්මනට ඉගෙන ගන්නවා.
    ඔන්න එකටත් Short Cuts ටික.

    Ctrl + Z = එක පියවරක් පස්සට
    Ctrl + Alt + Z = වැඩි පියවර ගානක් පස්සට
    Ctrl + Shift + Z = වැඩි පියවර ගානක් ඉස්සරහට


    Tiny-planet---sunrise-6437.jpg


    Pique_360-1.jpg


    Toronto_tinyplanet.jpg



    කට්ට්ය හදපු පින්තුර ටික අපි හැමෝටම බලන්න මේකේ පල්ලෙහායින් දන්නා කියල ඉල්ලන ගමන්, එහෙනම් අපි ගියා.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දන්න සිංහලෙන්ම කෙටුවට බොහොම ස්තූතියි..:yes:
    ෆොටෝෂොප් ඕපන් කරපු කාලයක් මතක නෑ..:sorry:

    +Rep​