Titan සබ්මැරිනයේ නියමුවා ටයිටැනික් පුරාවස්තු 5,000ක් ගොඩට ගෙනවිත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    titan-submarine-debris-titanic

    උතුරු අත්ලාන්තික් සාගර පතුලේදී පසුගියදා අනතුරට ලක් වූ OceanGate සමාගමට අයත් Titan සබ්මැරිනයේ නියමුවා ලෙස කටයුතු කළ ප්‍රංශ ජාතික කිමිදුම්කරුවෙකු වූ අභාවප්‍රාප්ත පෝල්-හෙන්රි නාගොලෙට්, ගතවූ දශක දෙකකට අධික කාලයක් පුරා සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ ඇති පුරාවස්තු 5,000කට අධික සංඛ්‍යාවක්ගොඩට රැගෙන විත් ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.RMS Titanic Inc. නම් සමාගමක් වෙනුවෙන් ඔහු මෙලෙස එම පුරාවස්තු ගොඩට රැගෙන ඒම සිදුකර තිබේ. ඔහුගේ මෙම ක්‍රියාව පසුගිය කාලය පුරාම දැඩි මතභේදයට තුඩුදුන් කරුණක්වූ බවත් පැවසෙයි.

    අද වනවිට ටයිටැනික් නෞකාවට අයත් පුරාවස්තු ප්‍රදර්ශනය කිරීමේ එකම අයිතිය හිමි සමාගම වන්නේද මෙම RMS Titanic Inc. සමාගමයි.Premier Exhibitions නම් සමාගමේ පරිපාලිත සමාගමක් වන එයට 1986 වසරේදී අධිකරණය හරහා මෙම අවසරය හිමිව තිබේ. 1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ සුන්බුන් තැන්පත්ව ඇති මීටර් 3,000කට අධික ගැඹුරක් වෙත අවස්ථා ගණනාවකදී කිමිදෙමින් ඔහු මෙම පුරාවස්තු රැගෙනවිත් තිබේ. වර්තමානයේදී ටයිටැනික් සුන්බුන් වෙත වැඩිම වාර සංඛ්‍යාවක් ගිය පුද්ගලයා වන්නේද පෝල්-හෙන්රිය. ඔහු මෙම ගමන්වලදී ගොඩබිමට රැගෙන ආ පුරාවස්තු අතර දුම් පයිප්ප, රැවුල කපන උපකරණවල සිට ඉටිපන්දම් රදවන ඇතුළු විශාල ප්‍රමාණයේ උපකරණද ඇතුළත් වන බව පැවසෙයි.


    ඒ අනුව, පෝල්-හෙන්රි යනු නවීන තාක්ෂණය යොදා ගනිමින් සොහොන් මංකොල්ල කන්නෙකු බවටද ඇතැම් අවස්ථාවලදී චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම, මෙම ටයිටැනික් නොකා අනතුරින් මියගිය අයගේ වර්තමාන ඥාතීන් ඔහුගේ එම ක්‍රියාවන් හෙළා දැක ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති RMS Titanic Inc. සමාගම, මේ අවට ප්‍රදේශයේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් සෙවීමේ කටයුතු හරහා සාගරවිද්‍යාව සහ විද්‍යාත්මක දත්ත ඇතුළත් වස්තූන් සොයාගැනීමේ අවස්ථාව උදාකරදී තිබෙන්වා. ඒ වගේම මේ පුරාවස්තු නැවත ගොඩබිමට රැගෙන ඒම හරහා මේ පුරාවස්තු වෙත ඓතිහාසික සහතිකයක් සහ ඒ පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් හා මහජන දැනුවත් කිරීමක් සිදුකළ හැකි වෙනවා.” යනුවෙන් පවසා ඇත.

    ඒ අනුව, එම සමාගම දැනටමත් එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදී Titanic : The Artifact Exhibition නමින් ප්‍රදර්ශනයක්ද පවත්වාගෙන යයි. එහිදී බහුජාතික නියාමන ආයතන සහ ලාභ නොලබන ආයතන කිහිපයක්ද සමග එක්ව ඔවුන් ටයිටැනික්හි ඓතිහාසික සංරක්ෂණයක්ද සිදුකරන බව පවසයි. කෙසේ වෙතත්, මෙලෙස පෞද්ගලික සමාගමක් මගින්ටයිටැනික් නෞකාවේ පුරාවස්තුවල හිමිකාරීත්වය ලබාගනිමින් ඒවා ප්‍රදර්ශනය කරවීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත් ඒ පිළිබඳ අදහස් දක්වන පුද්ගලයන් පෙන්වා දෙයි.

    මේ අතර, 2016 වසරේදී Premier Exhibitions RMS Titanic Inc. යන සමාගම් බංකොලොත්වීමට ලක් වූ අවස්ථාවේදී ඔවුන් තමන් සතු වූ මෙම ටයිටැනික්හි පුරාවස්තු වෙන්දේසි කිරිමට සූදානම් විය. එම අවස්ථාවේදී ඉදිරියට පැමිණි ටයිටැනික් නොකාවේ සුන්බුන් ප්‍රථම වරට සොයාගත් පුද්ගලයා වන රොබර්ට් බලාර්ඩ් සහ 1997දී සුප්‍රසිද්ධ ටයිටැනික් සිනමාපටය නිපදවූ ජේම්ස් කැමරන් දෙපළ එක්ව මෙම පුරාවස්තු මිලදී ගන්නා ලෙස කොතුකාගාර වෙත ඉල්ලීම් කළේය.
    ඒ හරහා මෙම පුරාවස්තු පෞද්ගලික හිමිකාරීත්වයෙන් ඉවත් කළ යුතු බව ඔවුන්ගේ අදහස විය. එහෙත් එම වෙන්දේසිය සිදුනොවූ අතර, අදටත් මෙම පුරාවස්තුවල හිමිකාරීත්වය පවතින්නේ RMS Titanic Inc. සමාගමටය.

    මෙලෙස ටයිටැනික් නෞකාවේ ඇති පුරාවස්තු කොල්ලකන බවට, එම නෞකා අනතුරින් මියගිය පුද්ගලයෙකුගේ දියණියකගෙන් තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් 2012 වසරේදී Forbes සගරාව වෙත අදහස් දක්වා ඇති පෝල්-හෙන්රි, “මම එය පිළිගන්නවා. ඒත් මම මේ කරන වැඩේට හොද කියත, මේ නෞකා අනතුරින් දිවිගලවා ගත් පිරිස් ස්තවත් බොහෝමයක් සිටිනවා. මේ පුරාවස්තු කොතැනක හෝ වර්තා වීම හොදයි කියලයි මා කියන්නේ. ඒ හරහා අධ්‍යාපනයට වගේම ඒවා සංරක්ෂණයටත් එය වැදගත්. එය තමයි මගේ ඉලක්කය.” යනුවෙන් පවසා ඇත. එහෙත් පසුගියදා සිදුවූ මෙම Titan සබ්මැරීන අනතුරින් මියගිය පස්දෙනා අතර පෝල්- හෙන්රිද සිටින අතර, ඔහුගේ මෙම නික්මයාමෙන් අනතුරුව ටයිටැනික් පුරාවස්තු ගොඩබිමට රැගෙන ඒමේ කටයුත්තටද යම් බලපෑමක් එල්ල වී තිබේ.
    6498f69a65b9ce0018a4b64c-down.webp
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,340
    113
    ඕවා මූදු පතුලටම තියෙනවට වඩා හොඳයි නේ ඒක..තවත් ලෝකෙට ණය වෙවී ඉන්නේ නැතුව ලංකාවේ තියෙන නිධන් උනත් මම නම් කියන්නේ පොලවට පස් වෙන්න නොදී මේ වගේ රටට අමාරු කාලෙක ගොඩ අරන් රටේ දියුණුවට යොදවන්න ඕන..වැඩේ අපේ උන් රටේ දියුණුවට කෙසේ වෙතත් උන්ගේ දියුණුවට ඒවා කරන ඵකනේ.
     

    Similar threads