TK ඩොමේන් නාමයක් ගැනීමට පෙර
TK ඩොමේන් නාමයක් ගැනීමට පෙර සැළකිය යුතු කරුණු
TK ඩොමේන් නාමය පිළිබදව මේ වන විටත් ඔබ දන්නවා ඇති. TK ඩොමේන් නාමය යනු නොමිලේ හෝ මුදල් ගෙවා ලබා ගත හැකි ඩොමේන් නාමයකි. නොමිලේ TK ඩොමේන් නාමය ලබා ගත හැකි වුවත් ඇතැම් TK ඩොමේන් නාම සදහා මුදල් ගෙවීමට සිදුවනවා. නොමිලේ TK ඩොමේන් නාමයක් ලබා ගැනීමේදී පහත කරුණු ඉතා වැදගත්.
1 . ලබා ගන්නා ඩොමේන් නාමයේ උපරිම අකුරු ගණන 255 කි.
2 . TK ඩොමේන් නාමය සහිත වෙබ් අඩවිය සදහා දින 90 කාලයක් තුල අවම වශයෙන් වෙබ් අඩවියට පිවිසීම් 25 ක් වත් තිබිය යුතුය. එලෙස අවම වශයෙන් පිවිසීම් 25 ක් වත් නොමැති ඩොමේන් නාම ඉවත් කරනු ඇත.
3. TK ඩොමේන් නාමය ලබා ගත් පසු ඔබේ වෙබ් අඩවියට එක් පිටුවක්වත් එක් කරන්න. ඩොමේන් නාමය ලබා ගත් පසු එයට අදාල වෙබ් අඩවිය නිර්මාණය කිරීමට විශාල කාලයක් ගතහොත් dot.tk වෙබ් අඩවිය විසින් ඔබ ඩොමේන් නාමය ලබා ගෙන ඇත්තේ නොපවතින වෙබ් අඩවියකට යැයි සිතා ඔබගේ ඩොමේන් නාමය ඉවත් කිරීමට ඉඩ ඇත.
4 . TK ඩොමේන් නාමය යොදා නිර්මාණය කළ වෙබ් අඩවිය dot.tk වෙබ් අඩවියේ Content Policy වලට අදාල විය යුතුයි.
5 . වෙනත් නොමිලේ ලබාදෙන ඩොමේන් නාමයක් භාවිතා කර නිර්මාණය කරන ලද වෙබ් අඩවියකට TK ඩොමේන් නාමයක් යෙදිය නොහැක.
6 . ඔබේ වෙබ් අඩවිය වෙනත් වෙබ් අඩවි වලට දමන ලද Link වලින් පුරවා සැකසීමෙන් වළකින්න

by ධීෂාන්