TNA සහය ආණ්ඩුවට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට දෙමළ ජාතික සන්ධානය මීට සුළු මොහොතකට පෙර තීරණය කර තිබේ.
    එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේ අද (11) සවස රැස්වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ලංකාදීපයට පැවසීය.
    දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විවිධ අදහස් ගොඩනැගීම මත දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමට අවස්ථා දෙකකදී රැස්වීමටද සිදුවිණි.
    ඒ අනුව අද පස්වරු 2.00 ට දෙවන වර්ට රැස්වී දීර්ඝ සංවාදයකින් අනතුරුව ඒකමතික තීරණයක් වශයෙන් රජයට සහාය දැක්වීමට තීරණය කර ඇත.
    ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම අද සවස සිදුකිරීමටද නියමිතව ඇත.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    විශ්වාස භංගයට පක්ෂව චන්ද 92යි. විපක්ෂව 119යි. යෝජනාව පරාදයි


    edit: කල්මුනේ සඳහා නව ප්‍රාදේශීය සභාවක් ලබා දීමට රනිල් වික්‍රමසිංහ එකඟතාවය පල කොට, මංගල සමරවීර විසින් ඒ සඳහා අවශ්‍ය සම්බන්දීකරන කටයුතු කර දී අවසන් වීමෙන් පසු දෙමල සන්ධානය ආණ්ඩුවට පක්ෂව චන්දය ලබාදීමට එකඟතාවය පල කොට ඇත.
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ද? TNA කොහොමත් ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මොකක් වෙයි කියලද බලන් හිටියේ :rofl::rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔවු එහෙම නොවෙයි කියලා හිතුවා නම් ජේවීපී එක විශ්වාසභන්ගේ ගෙන්නේ නෑනේ. කට්ටිය එකතු වෙලා නේ ගියපාර බේර ගත්තේ. මේ පාරත් එහෙමයි. අපි නොදන්න චෙස්
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔවු එහෙම නොවෙයි කියලා හිතුවා නම් ජේවීපී එක විශ්වාසභන්ගේ ගෙන්නේ නෑනේ. කට්ටිය එකතු වෙලා නේ ගියපාර බේර ගත්තේ. මේ පාරත් එහෙමයි. අපි නොදන්න චෙස්

    :rofl: