Top e-Learning Websites (සිංහල​ version)

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,574
    1,226
    113
    matara
    ආයුබොවන් හැමදෙනාටම. අද ZUBAP වෙතින් ටිකක් වෙනස් post එකක් ගෙනාව. ZUBAP බලන ඔයා බොහෝදුරට අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුලුවන්. සමහරවිට ඔයා university student කෙනෙක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් පාසල් ශිෂ්‍යෙක් වෙන්නත් පුලුවන්. ඉතින් ඔයා ඔයාට අවශ්‍ය කරන දැනුම අරගන්නෙ පොත් වලින් විතරමද. නෑ.20 වෙනි ශතවර්ශයේ ජිවත් වන ඔයා අනිවාර්‍යයෙන්ම internet එකෙන් දේවල් ඉගනගෙන ඇති. එත් ඔයා තාමත් youtube එකට හිර වෙලාද ඉන්නෙ. එහෙමනම් අද post එකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ youtube වලට අමතරව ඔයාට internet එකෙන් ඉගන ගන්න පුලුවන් website මොනාද කියල කියන්න.

    ඔයා දැනටමත් udemy, Lynda වගේ website ගැන දන්නව ඇති. එත් ප්‍රශ්නෙ තමා මේ website වලින් ඉගන ගන්න ගියාම අපිට ලොකු ගානක් වියදම් වෙන එක. ඉතින් අපි අද කියන්න බලපොරොත්තු වෙන්නෙ ඔයාට නොමිලෙම internet එකෙන් ඉගන ගන්න පුලුවන් website ගැන. මේ website ටික IT field එකෙ ඉන්න අයට ගොඩක්ම වැදගත් වෙයි.

    Udacity
    udacity-logo.png

    IT field එකෙ ඉන්න අයටනම් ඉතාම වටින website එකක්. Google ආයතනය ඉදිරිපත් කරන courses විශාල ප්‍රමානයක් මෙහි අඩංගු වෙනව. Website එකක් හදන තැන ඉදන් flying cars හදන තැනට එනකම් පරාසයක courses මෙහි අඩංගු වෙනව. විශේෂයෙන් ඔයා android developer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවනම් ඔයාට සෑහෙන්න හොද courses මේකෙ තියනව. Udacity එකේ තියන courses වැඩි ප්‍රමානයක් ඔයාට නොමිලේම ඉගන ගන්න පුලුවන්.

    Tutorialspoint
    maxresdefault.jpg

    ඔයා කියවන්න කැමති කෙනෙක් නම් ඉතාම වටින website එකක්. දැනට නිර්මානය කරල තියන සියළුම වගේ programming language වලට අදාලව tutorials මෙහි තියනව. Tutorialspoint වල තියන විශේෂත්වය තමා මෙයාලගෙ තියන tutorials library එක. ඉතා විශාල subjects ප්‍රමානයකට අදාලව tutorials තියනව. කියවන අයට අමතරව video අකාරයටත් tutorialspoint හි tutorial තියනව.

    Edx
    1200px-edx-svg.png

    Science and technology ඉගන ගන්න අයට university level එකේ courses නොමිලේම ඉගන ගන්න පුලුවන් website එකක් තමයි edx. Manchester Institute of Technology සහ Harvard University එක එකතු වෙලා තමා මේ programme එක කරගෙන යන්නෙ. ඔයාට ඕනිනම් මුදල් ගෙවල certificate එකක් ගන්නත් පුලුවන්.

    Brilliant
    b2.jpg

    Users ල මිලියන 4 කටත් වඩා register වෙලා ඉන්න programme එකක් තමා brilliant website එක. Science and technology ඉගන ගන්න ඔයාට මේ website එක ඉතා වැදගත් වෙයි.

    Codeacademy
    eo_codecademy_01.jpg

    IT field එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඉතා වැදගත් වෙන්න පුලුවන් website එකක්තමයි codeacademy. විශේෂයෙන්ම ඔයා beginner කෙනෙක් නම් ඉතාම හොද website එකක්. ඔයාට step by step උඩට යන්න codeacademy උදව් කරනව.

    ඔයාලට වැදගත් වෙන්න පුලුවන් තවත් websites කීපයක්ම පහල දක්වල තියනව.

    SimpliLearn

    SoloLearn

    Khan Academy

    MIT OpenCourseware

    JavaTpoint

    එහෙනම් ඊලග post එකෙන් හමුවෙනක්ම් හැමොටම ජය වේවා..!



    https://zubap.com/2018/11/13/top-e-learning-websites%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E2%80%8B-version/