Touch Screenඑක ආරක්ෂා කරගමු.!!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Touch Screenඑක ආරක්ෂා කරගමු.!!

    මෙකළ Touch Screen උපාංග එදිනෙදා භාවිතා කරන මට්ටමට ජනප්‍රිය වී ඇත.

    v12-dual-touch-screen-laptop1.jpg


    How+Does-TouchScreen-Of-Mobile-Phone-Work2.jpg


    Touch Screen භාවිතා කරන විවිධ උපාංග අතර ජංගම දුරකථන, පාම් ටොප් උපාංග, i pod, mp3 players ආදිය ඇත. මේවායේ භාවිතා වන Touch Screen වර්ග තාක්ෂණය අනුව වර්ග කළවිට ගණනාවකි.

    නමුත් වඩාත්ම ප්‍රකට Touch Screen වර්ග දෙකක් හදුනාගත හැක.

    1.
    Resistive touch screen

    nokia_n97-touchscreen.jpg


    මෙය වඩා පැරණි තාක්ෂණයයි. මෙහිදී
    Touch Screen එක සෑදී ඇත්තේ තට්ටු 3ක් හෝ ඊට වැඩි ගණනකිනි.

    2n9cq2r.jpg


    ඉහළින්ම ඇති තට්ටුව සීරීම් වලට ඔරොත්තු දෙන ආකාරයෙන් තනා ඇත. නමුත් මෙය යම් තරමකට නම්‍යශීලී ද වේ.
    මෙම තට්ටුව ස්පර්ෂ කළ විට එය සුළු වශ්‍යයෙන් ඇතුලට එබෙන අතර ඊට පහළින් ඇති තට්ටු දෙකක් (මේ තට්ටු අතර ඉතා කුඩා ඉඩක් ඇත ) එකිනෙක ස්පර්ෂ වීම නිසා විද්‍යුත් ධාරාවක් ගමන් කරයි.
    මේ ධාරාව ආධාරයෙන් ඇඟිල්ල හෝ පෑන තැබූ ස්ථානය හඳුනා ගත හැකි වේ.

    සරලව කියන්නේ නම් මේ වර්ගය
    Touch Screen එක මත යොදන පීඩනයට සංවේදී වේ.

    මෙහි ප්‍රධාන වාසි නම් - දෙවන වර්ගයට වඩා මිල අඩු වීම, වඩා සංවේදී වීම, වඩා නිරවද්‍ය වීම, ඇඟිල්ල පමණක් නොව ඕනෑම වස්තුවක් (පෑනක් ආදී) භාවිතා කළ හැකි වීම, වාතයේ ආර්දතාවය මත රඳා නොපැවතීම, අත්වැසුම් සමඟ භාවිතය, අත් අකුරු හඳුනාගන්නා මෘදුකාංග හා භාවිතය පහසු වීම.

    මෙහි අවාසි - පිටත තට්ටුව ඝනකම්ව සෑදිය නොහැක. මේ නිසා යමක් වැදුනහොත් හානි සිදුවීමේ හැකියාව වැඩිය. දූවිළි වලින් වන බලපෑම වැඩිය, බිම වැටීමකදී හානි සිදුවීමේ හැකියාව වැඩිය. තට්ටු ගණන වැඩි නිසා හිරු එළිය පරාවර්තනය වැඩි වේ. මේ නිසා හිරු එළියේදී
    Screen එක දර්ශනය වීම අඩුය. ඉහළ තට්ටුවට සීරීම් සිදුවීමේ හැකියාව වැඩිය.

    2.
    Capacitive touch screen

    iphone-touchscreen.jpg


    මෙහිදී ඉහළම තට්ටුව වීදුරු වර්ගයකින් තනා ඇත. මෙහි විද්‍යුත් ආරෝපණ ගබඩා කෙරේ.
    ඇඟිල්ල තැබූ විට මෙම ආරෝපණ වලින් කොටසක් ශරීරයට ඇදී යන නිසා ආරෝපණ වල අඩුවක් ඇතිවේ.
    මෙම ස්ථානය ගණනය කොට ඇඟිල්ල තැබූ ස්ථානය සොයා ගනී.

    iphone-11.gif


    ipod-touch-touch-sensing.gif


    මෙහි වාසි - පිටත තට්ටුව වීදුරු නිසා දැකුම්කළු වේ, දිලිසෙන සුළුය, ඝනකම්ව සෑදිය හැක. දූවිළි වලින් බලපෑම අවම වේ, හානි සිදුවීමේ හැකියාව අඩුය, හිරු එළියේද හොඳින් පෙනේ.
    Multi touch support නම් පහසුකම ඇත.

    අවාසි - වාතයේ ආර්දතාවය යම් මට්ටමක (5%) තිබීම අවශ්‍ය වේ. මිල අධිකය, සංවේදී කම අඩුය, නිරවද්‍ය බව අඩුය, නියපොතු, අත් වැසුම් ආදිය භාවිතා කළ නොහැක.

    සංක්ෂිප්ත ලෙස මේ කරුණු පහත දැක්වේ..

    How_Does_a_Touchscreen_Work.jpg


    මෙම වර්ග දෙවර්ගය භාවිතා වන උපකරණ පහත දැක්වේ -

    p7w2w.jpg


    20jjy8n.jpg


    පළමු වර්ගය වඩා පරිස්සම් කළ යුතු බව වැටහෙනවා ඇත.

    දිගු කලක් භාවිතයට කළ යුතු දෙවල්-

    1. Resistive වර්ගය සඳහා හැකිතාක දුරට ආරක්ෂිත ආවරණයකින් වැසීම වැදගත්ය. පීඩනයට සංවේදී නිසා මෙයින් මේවායේ සංවේදී බව අඩුවන්නේ මඳ වශයෙනි. ජංගම දුරකථනයකට පහසුවෙන් මෙවැන්නක් සවිකරගත හැක.

    2. දෙවර්ගයම දූවිල්ලෙන්, වතුරෙන්, තෙල් වලින්, ග්‍රීස් වලින් ආරක්ෂා කළ යුතුය. දූවිලි අධික ස්ථානවලදී භාවිතය අවම කරගන්න. හැම විටම ඇඟිලි පිරිසිඳුව තබා ගත යුතුය. වැස්සේ ඉවතට නොගන්න.

    3. පිරිසිඳු කිරීම අවම පීඩනයක් යොදා පරිස්සමින් කළ යුතුය. මේ සඳහා ඇස් කන්නාඩි පිරිසිඳු කරන රෙද්දක් භාවිතා කරන්න. මේ රෙද්ද දූවිළි වලින් තොර විය යුතුය. නැතහොත් සීරීම් සිදුවේ.

    4. පිරිසිඳු කිරීමේ ද්‍රාවණයක් අවශ්‍ය නම් වඩා සුදුසු වන්නේ වීදුරු පිරිසිඳු කිරීම සඳහා නිපදවන ලද ද්‍රාවණයකි. මෙහි ඇමෝනියා නැති විය යුතුය. එවැන්නක් සොයා ගත නොහැකි නම් i pod සඳහා නිපදවන ලද ද්‍රාවණයක් සලකා බලන්න. (මිල අධිකය )

    5. කිසිම විටක මේ ද්‍රාවණ කෙලින්ම screen එකට නොවිදිය යුතුය.
    කන්නාඩි පිරිසිඳු කරන රෙදිකඩට විද භාවිතා කරන්න.

    6. පිරිසිඳු කරන විට වෘත්තාකාරව (Circular motion) රෙදිකඩ හසුරුවන්න.

    7. නැවත භාවිතයට පෙර සම්පූරණයෙන්ම වියලී යන්නට දෙන්න.

    8. ආරක්ෂිත ආවරණය යෙදීමට පෙර මෙසේ පිරිසිඳු කර ගන්න.

    9. Resistive වර්ගයේ Screen වලට දැඩි පීඩනය අහිතකරය. එහිදී නැවත යථා ත්ත්වයට ගත නොහැකි ලෙස හානි විය හැක.

    10. කළිසමේ පසුපස සාක්කුවේ කිසි විටක නොදමන්න.

    11. වැටීම වල බලපෑම අඩු වීමට සම් ආවරණයක් යොදා ගත හැක.

    12. කිසි විටක හිරු රැස් වලට කෙළින්ම අනාවරණය නොකරන්න. තාපයෙන් හානි වේ.

    13. පිරිසිඳු කිරීමට පෙර උපකරණය ක්‍රියා විරහිත කරන්න.

    14. ඔබ ආරක්ෂිත ආවරණයකට අකමැති නම් හැකි සෑම විටම සපයා ඇති
    stylusඋපකරණය යොදා ගන්න.

    15. දිගු වේලාවක් ඇඟිල්ල භාවිතා කිරීමේදී දාඩිය, තෙල් ආදිය තැවරෙන නිසා නිතර පිරිසිඳු කිරීම අවශ්‍ය වේ. මින් ආයු කාලය අඩු වේ.
    දිගු වේලාවන් සඳහා සපයා ඇති stylusඋපකරණය යොදා ගන්න.

    ප්‍රයෝජනවත් වුනා නම් Comment එකක් දාන්න...:)
     
    Last edited:

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ah all-rounder hoda mokak kiyalada oya hithanne? 1st eke multi touch nahane ! hmmm
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    shaa godak honda article ekak ... mamath langadi Nokia C6 ekak ganna yanawa ...ee nisa meeka mata godak wadagath una... Bohoma isthuthii Saho :)