touch screen surface (New technology)

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බිත්තියක් වුව ක්ශණයකින් touch screen surface බවට පත්කල හැකි තාක්ශණයක් බිහිවෙයි!

    කැලිෆෝනියාවේ රාජ්‍ය බහුතාක්ශණික විශ්වවිද්‍යාලයේ touch surface තාක්ශණය අත්හදා බැලෙන අයුරු



    ඔබද මා මෙන්ම නිතරම ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් වැනි මෘදුකාංගයක් භාවිතා කරන්නෙක් නම් තිරයේ වැටෙන ස්ලයිඩ් මාරු කිරීම අයිපෑඩයක මෙන් අතින් කල හැකිනම් කෙතරම් අගේදැයි සිතා ඇතුවාට සැක නැත? වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වන මට එලෙස සිතෙන වාර අනන්තය. ස්ලයිඩ් මාරු කිරීම, ස්ලයිඩ් එක මත පැහැදිලි කිරීම් සඳහා අතින් හෝ ස්ටයිලස් එකකින් රූපසටහනක් හෝ කටු සටහනක් ඇඳීමේ හැකියාව ඇත්නම් මාගේ දේශන වඩාත් පහසුවෙන් මෙන්ම සිසුනට උගැනීම තවත් පහසුවෙන ආකාරයට කල හැකිය.

    මේ සඳහා ස්මාර්ට්-බෝඩ් නම් තාක්ශණයක් ඇති අතර, එම ස්මාර්ට් බෝඩ් එක ස්පර්ශ සංවේදී පෘශ්ඨයකින් යුතුය. එය මතට ප්‍රසෙන්ටේශණයක් ප්‍රක්ශේපණය කලවිට, එම පෘශ්ඨය ස්පර්ශ සංවේදී බැවින් ප්‍රසෙන්ටේශණය මෙහෙයවීම හා සටහන් ඇඳීම පරිගණකයට අත නොතබා කල හැකිය. විදෙස් රටක ඉගැන්වීම කරද්දී මෙවැනි ස්මාර්ට් බෝඩ් භාවිතා කිරීමේ අවස්ථාව මට ලැබුණත්, පෞද්ගලිකව මා ස්මාර්ට්-බෝඩ් භාවිතයට අකමැති වූයේ එය ඉතා කරදරකාරී මෙන්ම, මිලෙන් ඉතා අධික, ගෙවන මිලට එතරම් උපයෝගීතාවයක් ලබා නොදෙන උපකරණයක් බැවිනි. එය භාවිතා කල හැක්කේද ස්මාර්ට්බෝඩ් එකක් සවිකල දේශණ ශාලාවකදී පමණකි.

    එහෙත් දැන් ඕනෑම තැනක් ස්මාර්ට් ටච් ස්ක්‍රීන් පෘශ්ඨයක් කල හැකි තාක්ශණයක් බිහිවී ඇතිබව ඇසීම සතුටට කරුණක් වූ බැවින්, විස්තරයක් ගෙන එන්නට සිත්වුනි.

    කැලිෆෝනියාවෙන් ලැබෙන වාර්තා අනුව Ubi Interactive නම් සමාගම සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක් හරහා ඕනෑම පෘශ්ඨයක් ස්පර්ශ සංවේදී පෘශ්ඨයක් බවට පත්කල හැකි මෘදුකාංගයක් බිහිකර ඇත. එම සමාගමේ පැහැදිලි කිරීම්වලට අනුව, ප්‍රොජෙක්ටරයකින් දසුනක් ප්‍රක්ෂේපණය කල හැකි ඕනෑම පෘශ්ඨයක් (බිත්තියක්, ප්‍රොජෙක්ටර් තිරයක්, මේසයක්) සර්ශ සංවේදී පෘශ්ඨයක් බවට පත්කොට එයට අයිපෑඩ් (හෝ වෙනත් ටැබ්ලට්/ස්මාර්ට්ෆෝන් යන්ත්‍රයක ) ටච්-ස්ක්‍රීන් තිරයක ක්‍රියාකාරිත්වය ලබාදීම සඳහා අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මෘදුකාංගය දිවෙන වින්ඩෝස් 7 හෝ 8 පරිගණයකයක්, සාමාන්‍ය ඩිජිටල් ප්‍රොජෙක්ටරයක් හා මයික්‍රෝසොෆ්ට් X බොක්ස් ක්‍රීඩා යන්ත්‍රයට සවිකරන කිනෙක්ට් සෙන්සරයක් පමණකි.


    Untitled.jpg


    මයික්‍රොසොෆ්ට් X බොක්ස් පරිඝණක ක්‍රීඩා යන්ත්‍රයට සවිකරන කිනෙක්ට් සෙන්සරය.
    මෙය මගින් ත්‍රිමාණ අවකාශයේ භාවිතා කරන්නා සිදුකරන චලන හඳුනාගෙන එම චලනවල දත්ත පරිගණකයට ලබාදේ. ක්‍රීඩා කරන්නා සිය දෑත් මෙහෙයවන ආකාරය නිරීක්ශණය කරන මෙම සෙන්සරය එම චලන X බොක්ස් යන්ත්‍රයට ලබාදී ක්‍රීඩකයාට උවමනා ආකාරයට ක්‍රීඩාව මෙහෙයවීමේ හැකියාව ලබාදෙයි.

    මෙම සෙන්සරය, පරිගණකය හරහා යූබී සමාගමේ මෘදුකාංගය හා සම්බන්ධ කලවිට, එය ප්‍රක්ෂේපණ තිරය මත භාවිතා කරන්නාගේ දෑත් සිදුකරන චලන නිරීක්ශණය කොට, එම දත්ත මෘදුකාංගයට ලබාදෙන අතර, එයට අනුරූපව පවර්-පොයින්ට් ප්‍රසෙන්ටේශන් එක ක්‍රියාකරවීමට මෘදුකාංගය සමත්වෙයි. ඒ අනුව භාවිතා කරන්නාට සිය බිත්තිය ස්පර්ශ සංවේදී තිරයක් ලෙස ක්‍රියා කරන බව හැඟේ.

    Ubi Interactive සමාගම මෙම මෘදුකාංගය හා පද්ධතිය නිර්මාණය කොට ඇත්තේ මයික්‍රෝසොෆ්ට් සමාගම වෙනුවෙනි.





    හොදනම් රේපක් දිලායන්න අමතක කරන්නේපා
    තව කාටහරි බලන්න බම්ප් එකක් දාලා යන්න
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,652
    5,847
    113
    Projector and sensing device are two separate devices right ... it will be great if it will come in combined manner. So we will have to turn on the projector and act as any object as the touch screen ... great product.