Travis Sinniah ට‍්‍රැවිස් සින්නයියා
නාවික හමුදාව පවසන අන්දමට යුද සමයේ කොටි සංවිධානයේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමේ මෙහෙයුම්වලට නායකත්වය දී තිබෙන්නේ ඔහුය. යුද ගැටුම් සමයේ සක්‍රිය මෙහෙයුම් සඳහා දායක වූ ජ්‍යෙෂ්ඨතම නාවික හමුදා නිලධාරියා ද ඔහුය.
එසේ තිබියදී නාවික හමුදාව හැරයාමට සිදුවූයේ ඇයි දැයි විමසූ විට ඔහු කියා සිටියේ එය අතීතයට අදාළ කරුණක් බවය.
යුද සමයේ ක්‍රියාන්විත පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, සිය පවුලට එල්ටීටීඊ සංවිධානයෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් මේ කිසිදු ක්‍රියාන්විතයක ඔහුගේ නම සඳහන් නොවූ බවයි.
"ඒ තර්ජන හින්ද තමා මගේ නම කියවුනේ නැත්තේ කවදාවත්. මොකද ඒ මෙහෙයුම් යන කොට මගේ බිරිඳටයි ළමයින්ටයි ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා යුද බිමේ හිටපු. ඒ කට්ටියගේ නම් කොහෙවත් ලියලත් නැහැ, කියලත් නැහැ, කවුරුත් දන්නෙත් නැහැ."
ඇවන්ගාඩ් ව්‍යාපාරය පිළිබඳව නැගුනු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ නාවික හමුදාව විසින් සාර්ථකව පවත්වාගෙන ආ ව්‍යාපාරයක් ඒ අවස්ථාවේ කුඩා ආරක්ෂක සමාගමක් වූ ඇවන්ගාඩ් ව්‍යාපාරයට බන්දෙසියක දී ලබාදීමක් පසුගිය කාලයේ සිදු වූ බවයි.
දැන් නැවත එම ව්‍යාපාරය නාවික හමුදාව විසින් සාර්ථකව පවත්වාගෙන ගොස් එහි ආදායම රජයට ලබාදෙන බව ඔහු සඳහන් කළේය.
ඇවන්ගාඩ් සමාගම මෙන් නාවික හමුදාව ආදායම් නොලබන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළ නාවික හමුදාපතිවරයා, "අපි කරන්නේ මුහුදු ආරක්ෂක සේවාව විතරයි. මොකද මේක නාවික හමුදාවක්. අපිට බැහැ නවාතැන් පහසුකම්, විනෝද සේවා කටයුතු සපයන්න. ඒවා දැන් අනිකුත් සමාගම් කරනවා," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

Last edited: