ඔයාලා මෙ තැනට ගිහිල්ලා තියනවද?
http://www.awidimu.com/urapola/
***
උපුටා ගැනිමක්..
උල්පත් වතුරින් නාලා දවසක් ඉන්න මරු තැනක්
Day outing එකක් ගැන හිතනවානම් ඒකට නියම තැනක් තියෙනවා නිට්ටඹුවේ ඌරාපොල. මෙතන තනිකරම Eco friendly Location එකක්. හෝටලයක් නෙවෙයි මේක Day outing location එකක්. මෙතන තියෙනවා ස්වාභාවික දිය උල්පතකින් හදපු swiming pool එකක්. වෙන swiming pool වලදි නාන්න වෙන්නේ නල ජලය. හැබැයි මේක එහෙම නෑ. මෙතන තනිකරම තියෙන්නේ උල්පතින් එන ජලය. ඒ නිසා සිහිලස කියන එක උපරිමයට තියෙනවා මෙතන. ඒ හින්දා උල්පත් ජලයේ හොඳහැටි නාගන්න, ඒකේ වෙනස අත්විඳින්න කියාපු තැනක් තමයි මේක.
මෙතන හොඳට සෙල්ලම් කරන්න ඉඩ කඩ තියෙනවා. එහෙම Day outing එකකට යන අයට පොඩි පොඩි games ටිකක් කරලා විනෝද වෙන්න මෙතන නියමයි. කෑම කනවා නම් කෑම කන්න තියෙන්නේ, Drink එකක් දානවා නම් Drink එකක් දාන්න තියෙන්නේ පොල් අතු හෙවිල්ලපු Eco friendly විදිහට හදපු මඩුවක්. කෑම කන්න බුෆේ එක දාන්නෙත් මෙතන. මැටි මුට්ටි වල පරිසර හිතකාමීතිවය ආරක්ෂා වෙන විදිහට තමයි මෙතනදි කෑම ලැබෙන්නේ.
මෙතන ගණන් හිලව් වුනත් හරිම සාධාරණයි. Day outing වලට මෙතන තියෙනවා පැකේජ් දෙකක්.
Package 01 (Minimum 10 pax) – මේ පැකේජ් එක සතියේ දවස් වල විතරයි තියෙන්නේ – සති අන්ත සහ නිවාඩු දවස් වල මේ පැකේජ් එක ක්‍රියාත්මක නෑ.
RATE : 1500/= P P
TIME : 9.00 am to 4.00 p.m
INCLUDES : Welcome drink
Lunch with 6 curries (Srilankan Buffet with Chicken, Pork Or Fish)
Evening Refreshments
BBQ Facility (Customer Should Bring the Meat & Charcoal)
පැකේජ් අංක 1 ට අඩුම 10 දෙනෙක් ඉන්න ඕන. උදේ 9.00 ඉඳලා හැන්දෑවේ 4.00 වෙනකල් මෙතන ගත කරන්න පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එක, කුකුල් මස් හෝ ඌරු මස් හෝ මාළු එක්ක එළවලු 6ක ශ්‍රීලාංකික බුෆේ එකක්, හවසට කිරි තේ එකක් මේ පැකේජ් එකට ලැබෙනවා. කාටහරි BBQ එකක් ඕන නම් එන අය මස් සහ අඟුරු අරගෙන ආවම ඒක දාලා දෙන්න පුළුවන්. මීට අමතරව Swimming pool එක පාවිච්චි කරන්න, තව ඕන නම් Games කරන්න පුළුවන්. මේ පැකේජ් එක එක්කෙනෙකුට රුපියල් 1500/- ක් වෙනවා.( අවම 10 දෙනෙක්ගේ ටීම් එකක් ඉන්න ඕන මේ පැකේජ් එක ක්‍රියාත්මක කරන්න)
Package 2 (Minimum 8 pax ) – සති අන්ත සහ නිවාඩු දවස්වල මේ පැකේජ් එක විතරයි තියෙන්නේ
RATE : 2500/= P.P
TIME : 8.30 a.m to 6.30 p.m
INCLUDES : Breakfast
Refreshment
Lunch with 8 curries (Srilankan Buffet with Chicken, Pork Or Fish)
Refreshment
BBQ Facility
පැකේජ් අංක 2 ට අඩුම 8 දෙනෙක් හිටියාම ඇති. උදේ 8.30 ඉඳලා හවස 6.30 වෙනකල් මෙතන ඉන්න පුළුවන්. වෙල්කම් ඩ්‍රින්ක් එක, තැඹිලි ගෙඩියක් , කුකුල් මස් හෝ ඌරු මස් හෝ මාළු එක්ක එළවලු 8 ක ශ්‍රීලාංකික බුෆේ එකක්, හවසට පළතුරු පැලට් එකක් මේ පැකේජ් එකට ලැබෙනවා. මීට අමතරව හවසට යන්න කලින් උණු උණු පොල්රොටී සහ කට්ට සම්බෝල පාරකුත් දාගන්න පුලුවන්. මේ පැකේජ් එකේ තියෙන විශේෂත්වය තමයි වැඩි වෙලාවක් මෙතන ගත කරන්න ලැබෙන එක, ඊට අමතරව උදේ 10.30ට විතර Pool එකේ බැහැලා ඉන්නකොට කපපු තැඹිලි ගෙඩියක් ලැබෙන එක, තව තම්බපු මඤ්ඤොක්කා, බැදපු කුකුල් මස්, ආහාර වලට අමතරව ලැබෙන එක, තව කට්ටියටම බෙදාගෙන රස විදින්න පුළුවන් හොඳ පළතුරු වට්ටියක් ලැබෙන එක මෙතනදි විශේෂයි. කාටහරි BBQ එකක් ඕන නම් අර අතරවාරයේ දෙන බැදපු කුකුල් මස් ටික BBQ එකක් විදිහට දාලා දෙන්න පුළුවන්. එහෙම නැත්තං එන අය මස් සහ අඟුරු අරං ආවොත් මෙතනදි දාගන්නත් පුලුවන්.
මේ පැකේජ් දෙකටම බෝතල් අරං එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඒවට අමතර අයකිරීම් නෑ හැබැයි Bites ගන්න ඔන් මෙතනින්. සාමාන්‍යෙයන් ඩෙවල් චිකන් 1KG – 1250/-LKR, Pork 1KG – 1250/-ක් වගේ වෙනවා. එහෙම නැතුව මඤ්ඤොක්කා වගේ දෙයක් ගන්නවා නම් කිලෝවක්ම රුපියල් 250/- ක් වගේ ගාණකට හදාගන්න පුළුවන්.
ඇත්තටම කිව්වොත් නිදහසේ නාලා, කාල බීලා ඉන්න මෙතන නියම තැනක්. අනික එක දවසකට එක කණ්ඩායමක් විතරයි දාන්නේ. ඒ නිසා නිදහස කියන එක උපරිමයෙන් තියෙනවා. හෝටල් වල වගේ දරුණු නීති රීති පද්ධතියක් නෑ. නිදහසේ විවේකය ගත කරන්න පුලුවන්. Bath room එක්ක Changing room එකක් වෙනමම තියෙනවා.
****

