රනිල් අගමැති කරනවා කියල මයිත්‍රී ම නෙ කිව්වෙ.
කුලසිරි උඩුගම්පොළ ලව්වා මිලේනියම් සිටි එකේ බුද්ධි අංශේ පාවලා දීල නම් ගම් හෙළි කරාට පස්සේ ඒකෙ ප්‍රධානියෝ ටික මැරෙනකොට, කොටි පිස්තෝල කල්ලිය අපේ ඔත්තුකරුවන් එකා එකා මරනකොට, අපට අවාසි සාම ගිවිසුම් ගහලා කොටි ශක්තිමත් වෙනකොට
රටේ අගමැති රනිල්. ජනාධිපතිනි චන්ද්‍රිකා
මහින්දගේ පාලනේ දූෂණ වංචා තියෙන බව ඇත්ත. ගොබ්බ බේබිලා තුන්දෙනා සල්ලි කන බව ඇත්ත. ඒත් ඇත්ත ඇත්ත විදියටත් බොරුව බොරුව විදියටත් දකිමු.
යුද්ධය මෙහෙයවීමේ ප්‍රධාන ගෞරවය අනිවාරෙන් මහින්දට එනවා. ත්‍රිවිධ හමුදාවම එක වගේ රණවිරුවෝ.
ඊට කලින් චන්ද්‍රිකා ඉඳලා කොරපු දෙයක් නෑනේ. රත්වත්තේ හින්දා යාපනේ ඇල්ලුවත් ඉන්පස්සේ අලිමන්කඩදී අපේ කොල්ලෝ බල්ලෝ බළල්ලු වගේ මරල දැම්මේ.
කවදාහරි යුද්ධාධිකරණයක් තිබ්බොත් අපේ රටෙන් ඒකට කැඳවන්නේ මහින්දයි ගෝටයි මිසක් වෙන කව්ද? කැනඩාවේදී ඉන්දියාවේදී මැලේසියාවේදී කොටි පඹයෝ පෝස්ටර් පුච්චන්නේ මහින්දගේ මිසක් පොන්න රනිල්ගේ නෙවේ. මොකද අපේ සමහර එවුන්ට වඩා උන් දන්නවා කොටින්ව නැත්තටම නැති කරේ කව්ද කියල.
අපේ සමහර එවුන්ට ගෙදරට මිනි පෙට්ටිය එන්නම ඕන ඇස් ඇරෙන්න. කටුබැද්ද බොම්බේ ගැහුවේ මම කැම්පස් කාලේ නැවතිලා හිටපු මෝල පාර බෝඩිම ගාව. මයිත්‍රිට බොම්බේ ගැහුවෙත් මම දැන් වැඩ කරන පිරිවෙන හන්දිය ගාව. මහින්දට බනින එවුනුත් දැන් ඒ ටික කොරන්න හරි ඉතුරු වෙලා ඉන්නේ කොටි නැති හින්ද.
TNA එකේ ශිවාජිලින්ගම්ලා එලිලන් ගෙ ගෑණි වගේ එවුන් තවමත් කොටි තමයි. හකීම්ට ඕන නැගෙනහිර උන්ට ගන්න.
මහින්දට වීරයෙක් වගේ යන්න තිබ්බ චාන්ස් එක නැතිකරගත්ත බව ඇත්ත. මයිත්‍රී හැබැයි ඔය වටේ තියන් ඉන්න හැතිකරේ එක්කනං ඒ මනුස්සයට වැඩි දුර යන්න අමාරුයි.