ඩ්‍රෝන් කිව්ව ගමන් මේ කාලේ ඕන කෙනෙක් දන්නවා මොනව ගැනද කතා කරන්නෙ කියලා. සාමාන්‍යයෙන් ලංකාවේ වෙන්නෙ මොනවද කියලා දන්න මනුස්සයෙක්ගේ හිතේ ඇඳෙන්නේ අර හතර කොණේ තියෙන රොටර් තල හතරක බලෙන් උඩ යන යානාවක්. හොලිවුඩ් ෆිල්ම් උණ තියෙන කොල්ලෙක්, කෙල්ලෙක්ට ඩ්‍රෝන් කිව්ව ගමන් මතක් වෙන්නේ යුනයිටඩ් ස්ටේට්ස් එයාෆෝස් එකට අයිති, ත්‍රස්තවාදියෝ ඉන්න තැන් වලට සද්ද නැතුවම අහසින් ගිහිල්ලා ඔත්තු බලන, ඕන නං හරි ඉලක්කෙට බෝම්බයක් අතෑරලා ගේම ක්ලෝස් කරන පුංචි ප්‍රමාණේ ප්ලේන් වගේ තියෙන නියමුවෝ නැති යානා. ඔය මොකුත් දන්නෙ නැති ගමේ ගොඩේ කෙනෙක් වුනත් එක දවසක් හරි ඩ්‍රෝන් එකක් දැකලා තියෙනවා නං කියයි “අර රූංපෙති වලින් උඩ ගිහින් පොටෝ ගන්න සුකුරුත්තමක්” තමයි ඩ්‍රෝන් කියන්නෙ කියලා! ඇත්තටම ලංකාවේ අපි ඩ්‍රෝන් වලින් මොනවද කරන්නේ? මොනවද කරන්න පුලුවන්?
1. ලංකාවේ ඩ්‍රෝන් පාවිච්චිය
ලංකාවට මුලින්ම ඩ්‍රෝන් ආවේ සෙල්ලම් බඩු විදියට කියලා කිව්වොත් පිළිගන්නවද? ඉස්සරත් තිබුණේ ආර්.සී.හෙලිකොප්ටර්ස් කියන අර රිමෝට් කන්ට්‍රෝල් වලින් පාලනය කරලා උඩ යවන හෙලිකොප්ටර්. ඉන් පස්සේ ඒ වගේම රොටර් තල හතරේ ක්වඩ් කොප්ටර් ආවා. හැබැයි මේ වල ඒ තරමට රේන්ජ් එකක් තිබුණෙ නෑ. ලොකු නිරවද්‍යතාවයකින් පාලනය වුනෙත් නෑ. රිමෝට් කන්ට්‍රෝල් එක අතේ තියන් ඇස් සෝදිසියට තමයි මේවා උඩ යවන්න ඕන. මීට අවුරුද්දකට දෙකකට කලින් ඔය ජාතියේ ක්වඩ් කොප්ටර් එකක්, හෙලිකොප්ටර් එකක් ගන්න පුලුවන් කම තිබුණා රුපියල් දෙදාහක්, පන්දාහක් වෙනකොට. හැබැයි චයිනීස්.
ඉන් පස්සේ වඩාත් නිරවද්‍ය පාලනයක් තියෙන, ගොඩක් වෙලාවට ස්මාට්ෆෝන් එකත් එක්ක ලින්ක් කරලා ඩ්‍රෝන් එක යන අත බලාගන්න පුලුවන් ක්වඩ් කොප්ටර් වල ගෝප්‍රෝ කැමරා හයිකරලා යවන්න පටන් ගත්තා කට්ටිය. මේවා තමයි ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි වල පටං ගැන්ම. මේ වෙනකොට නං බොහෝම නවීන, ඉහළ පාලනයක් තියෙන, ඉහළ පරාසයක් තියෙන ඩ්‍රෝන් යානාවන් ලංකාවේ තියෙනවා. හොඳ ඩ්‍රෝන් වල තියෙන කැමරා වලින් 4K කොලිටියේ වීඩියෝ, ඡායාරූප ගන්න පුලුවන්. ඉතින් මේවනං පාවිච්චි වෙන්න ගත්තේ වැඩිහරියක් වෙඩින් ෆොටෝග්‍රැෆි, මියුසික් වීඩියෝ ෂූටින්ග් වගේ දේවලට තමයි. වෙඩින් ෆොටෝග්‍රැෆි සහ මියුසික් වීඩියෝ වල ඇත්තටම ඩ්‍රෝන් පාවිච්චි කරලා ෆොටෝ, වීඩියෝ ගන්න එක රැල්ලක් වුනා කිව්වොත් හරි. හැබැයි ඩ්‍රෝන් හින්දා අනතුරු පවා සිද්ධ වෙන්න පුලුවන්, හරි හැටි පාවිච්චි නොකරනවා නං.
2. ජනමාධ්‍යවේදීන්ට ඩ්‍රෝන්!
මෙන්න මේක බොහොම හොඳ ප්‍රවණතාවයක්. ඒ කියන්නේ ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රයෝජනය සඳහා ඩ්‍රෝන් පාවිච්චි කිරීම. හැබැයි මෙතන යම් යම් ප්‍රශ්නත් නැත්තෙ නෑ. හරි මුලින් හොඳ පැත්ත කතා කරලා ඉමු.
සාමාන්‍යයෙන් පහුගිය කාලවල පැවැත්වුණු විශාල දේශපාලන රැළි එහෙම කවර් කරන්න ඩ්‍රෝන් ෆොටෝග්‍රැෆි යොදාගෙන තිබුණා හැමෝම දකින්න ඇතිනේ. ඉතින් ඩ්‍රෝන් යානාවලින් ලබාගන්න ඡායාරූප ජනමාධ්‍ය වෙනුවෙන් පාවිච්චි කිරීමට හැකි වීම ඇත්තටම ජනමාධ්‍ය කලාවේ ඉදිරි පිම්මක්. උදාහරණයක් විදියට දක්වනවා නම් Internews ආයතනය පහුගිය දවස් වල සංවිධානය කරලා තිබුණු ඩ්‍රෝන් වාර්තාකරණ ක්ෂේත්‍ර චාරිකාවකදී ගැනුණු හම්බන්තොට ප්‍රදේශයේ ඩ්‍රෝන් ඡායාරූප මගින් හම්බන්තොට කර්මාන්ත පුරයක් ඉදිරිකීරීමේ යෝජනාවන්ට එරෙහිව ප්‍රදේශවාසීන් ගෙන ගිය උද්ඝෝෂණ, ප්‍රදේශයේ ඉඩම් වල සැබෑ තත්වය වගේ බොහෝ දේ ඉතාම පැහැදිලිව දකින්න පුලුවන්කම ලැබුණා. සමහර වෙලාවක ප්‍රවෘත්ති විශේෂාංගයක් සඳහා ගන්න සමීප රූපයකට වඩා ඉහළාකාශයේ ඉඳලා ඩ්‍රෝනයක් මඟින් සම්පූර්ණ ප්‍රදේශයම අහුවෙන විදියට ගන්න ඡායාරූපයකින් ලොකු කතාවක් කියන්න පුලුවන්කම තියෙනවා.
හැබැයි එකක්. ජනමාධ්‍යවේදීන්ට වාර්තාකරණය සඳහා වුනත් හිතුමනාපේ ඩ්‍රෝන් පාවිච්චි කරන්න බෑ. ඒ සඳහා නියමිත පරිදි අවසර ගන්න ඕන.
3. ඕන ගොනෙක්ට ජනමාධ්‍යවේදියෙක් වෙන්න පුලුවන්ද?
මේ ප්‍රශ්නේ ඇත්තටම අහන්න ඕන මේ ආටිකල් එක ඇතුළේ නෙවෙයි. මේ කතා කරන්නේ ඩ්‍රෝන් ගැනනේ. හැබැයි මේ කතා දෙකම සම්බන්ධයි. දැන් ප්‍රශ්නයක් එනවා ඕනම ගොසිප් වෙඩ්සයිට් එකක් අටවා ගන්න මනුස්සයෙක් මාධ්‍යවේදියෙක් වෙනවද කියලා. නෑනේ බොස්. හැබැයි එහෙම හිතාගෙන වැඩකරන අය බහුතරයක් මාධ්‍ය සදාචාරය, මාධ්‍ය විනය වගේ දේවලට හෙණ ගැහිලා ගියත් ගණන් ගන්නෙ නෑ. ඇයි, තාම ගොසිප් සයිට් වගේ දේවලට හරි හැටි නියාමනයක් නෑනේ. ඉතින් ප්‍රශ්නේ මේකයි. එහෙම එකෙක්ට ඩ්‍රෝන් එකක් හම්බුනොත් කොහොම හිටීද? ඩ්‍රෝන් එකේ ගිහින් නළු නිළියෝ ඇඳුම් මාරු කරන ඒවත් ජනේලෙන් රෙකෝඩ් කරලා වෙබ්සයිට් එකේ දායි. ඇත්තටම එහෙම ඩ්‍රෝන් පාවිච්චියෙන් පුද්ගලිකත්වයට හානි වෙන දේවල් කීපයක්ම මෑත කාලෙදි සිද්ධ වුනානේ.
මෙන්න මේ නිසා තමයි ඩ්‍රෝන් පාවිච්චිය ගැන බොහොම දැඩි නීති රීති ලංකාවේ තියෙන්නේ. අනාගතයේදී වුනත් ඩ්‍රෝන් භාවිතය දිරිගැන්වීම් කරාට නීති රීති ලිහිල් වෙන එකක් නෑ.
4. කෘෂිකර්මාන්තෙටත් ඩ්‍රෝන් මරු!
දැං ලෝකේ තියෙනවනේ කියලා Precision agriculture එකක්. ඒ කිව්වේ නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තෙටත් උපයෝගී කරගන්න විදියක්. මේ ක්‍රමේට අනුව චන්ද්‍රිකා ඡායාරූප නැත්තං ඩ්‍රෝන් ඡායාරූප හරහා යම් කිසි වගාවක් ගැන, වගාව තියෙන භූමිය, ජලාපවහනය වගේ දේවල් සම්බන්ධව නිකං සාමාන්‍ය ඇහින් බලලා හොයාගන්න බැරි දත්ත එකතු කරගෙන, ඒ දත්ත ආශ්‍රිත කරගෙන එම වගාව දියුණු කරගන්න, ආරක්ෂා කරගන්න තීරණ ගන්න එක. මෙහෙම කිව්වට Precision agriculture කියන්නේ මේ තරමට සරල දෙයක් නෙවෙයි. කොහොම වුනත් කියන්න ආපු කාරණේ තමයි දැන් ලංකාවේත් ඩ්‍රෝන් තාක්ෂණය පාවිච්චි කරමින් Precision agriculture පටන් අරන් කියන එක. ඒ කියන්නේ ගොවියෝ ඩ්‍රෝන් උඩ යවනවා නෙවෙයි. Hayleys වගේ සමාගම් ඩ්‍රෝන් තාක්ෂණ ඡායාරූප පාවිච්චි කරලා ගොවියන්ට ඒ අවශ්‍ය දත්ත ලබාදෙනවා. මේක කෘෂිකර්මයට මූලිකස්ථානය දෙන රටක් විදියට අපි තියපු දැවැන්ත ඉදිරි පියවරක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
5. ඩ්‍රෝන් පාවිච්චි කරලා අනාගතේදී අපිට වෙන මොනවද කරන්න පුලුවන්?
ලෝකේ මේ වෙනකොටත් හිතාගන්න බැරි ප්‍රයෝජන ලබාගන්න ඩ්‍රෝන් යානා පාවිච්චි වෙනවා. ඇත්තටම ඩ්‍රෝන් යානා පාවිච්චි කරලා කරන්න පුලුවන් දේවල් වලට සීමාවක් නැහැ. නිකමට හිතලා බලන්න. වෙඩින් ෆොටෝග්‍රැෆි වලට, මියුසික් වීඩියෝ හරි ෆිල්ම් හරි ටෙලි හරි වල ෂූටින්ග් වල අහසේ ඉඳන් ගන්න ෂොට්ස් වලට, ජනමාධ්‍ය වාර්තාකරණයට විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තයටත් ලංකාවේ ඩ්‍රෝන් යොදාගන්නවා කියලා අපි මෙච්චර වෙලා කිව්වනේ. ඊට එහා ගියපු දේවල් තව කොච්චර තියෙනවද? පතල් සහ කැණීම් වගේ අංශ වලටත් අර උඩින් කියලා තියෙන Precision agriculture වල වගේම වැඩවලට ඩ්‍රෝන් පාවිච්චි කරන්න පුලුවන්.භූමිය ත්‍රිමාණ ආකාරයට සිතියම්ගත කරගන්න පහසුවෙන්ම පුලුවන් ඩ්‍රෝන් යොදාගෙන. එතකොට වනජීවී සම්පත ගැන අවධානයෙන් ඉන්න, ඒ අයව ආරක්ෂා කරන්න ඩ්‍රෝන් යොදාගන්න පුලුවන්. දැන් ඔය ලඟදී ආපු ගංවතුර වගේ ස්වභාවික ආපදා වලදීත් තොරතුරු එකතු කරගන්න ඩ්‍රෝන් වලින් ගන්න පුලුවන් ප්‍රයෝජනය ඉතා ඉහළයි.
ලංකාවේ ලඟ අනාගතයේදී නං මිලිටරි කටයුතු වලට, එහෙම නැත්තං ඔත්තු බලන්න වගේ දේවලට ආරක්ෂ අංශ විසින් ඩ්‍රෝන් යානා යොදාගනීද කියන්න බෑ. හැබැයි දැනටමත් ඩ්‍රෝන් අරං හිත ගියපු කෙල්ල ගැන එහෙම ඔත්තු බලන්න අපේ අය්යලා ලෑස්ති වෙලා ඇති. ඒ අයට කියන්න තියෙන්නේ ඉතින් අහුවුණොත් බඩු කියලා තමයි. අපි කිව්වනේ ඩ්‍රෝන් සම්බන්ධයෙන් නීති තදයි කියලා.
6. ලංකාවේ මොනවද ඩ්‍රෝන් වලට තියෙන ඔය කියන නීති?
මූලිකවම ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරයක් නැතුව මිනිසුන් රහිත ගුවන් යානා ශ්‍රී ලංකාව තුළ පියාසර කරවන්න බැහැ. හැබැයි දැන් අපි දකින ඩ්‍රෝන් යානා කල එලි බැසීමත් එක්ක මේ නීතිය යම් යම් කොන්දේසි යටතේ ලිහිල් වෙලා තියෙනවා. උදාහරණයක් විදියට කිලෝග්‍රෑම් 1 කට අඩු ඩ්‍රෝන් එකක් ඕන කෙනෙක්ට ඕන ආතල් එකක් ගන්න පාවිච්චි කරන්න පුලුවන්. හෝව් පොඩ්ඩක්. ඕන ආතල් එකක් කිව්වට ඒකෙත් සීමාවන් තියෙනවා. ඒ කියන්නේ ඩ්‍රෝන් පදින්න හැම තැනම බෑ.
කිලෝග්‍රෑම් එකකට වඩා බරෙන් වැඩි ඩ්‍රෝන් සඳහා විශේෂයෙන් නීතිමය අවසරයක් ලබාගන්න ඕන විතරක් නෙවෙයි, ඒවා පියාසර කරවන්නේ තමන්ගේ ඉඩමේ නෙවෙයි නං විශේෂයෙන් අවසර ලබාගන්නත් ඕන. දැන් අපි කිව්වනේ කිලෝ එකට අඩු පුංචි පහේ ඩ්‍රෝන් වලට අමුතුවෙන් අවසර ගන්න ඕන නෑ කියලා. හැබැයි එහෙමයි කියලා හිතේ හැටියට ඒවලින් හිතෙන තැන්වල යන්න, හිතෙන තැන්වල ෆොටෝ ගන්න බෑ. උදාහරණයක් විදියට ලියාපදිංචි ගුවන් කලාපයක ඉඳලා කිලෝමීටර් අටක් මෙහායින් තමයි ඕන ඩ්‍රෝන් එකක් යවන්න පුලුවන්. ඒ ඇරෙන්න පොදු අවකාශයන්, මහාමාර්ග, දුම්රිය මාර්ග, සන්නිවේදන කුළුණු, විදුලි කුළුණු, ජාතික උද්‍යාන හෝ වෙනත් ආරක්ෂිත ප්‍රදේශ වලට එහෙම උඩින් ඩ්‍රෝන් යවන්නත් අදාළ තැන්වලින් අවසර ගන්න ඕන. දැන් කාටවත් ගෝල්ෆේස් එකට ගිහින් මම මාධ්‍යවේදියෙක් කියලා ෆොටෝස් ගන්න බෑනේ. ආතල් එකට ගන්න සෙල්‍ෆියක්, එහෙම නැත්තං තමන්ගේ විනෝදෙට ගන්න ෆොටෝ එකක් නෙවෙයි නං අවසර අරගෙන තියෙන්න ඕන ලියුමක් ලියලා. ආන්න ඒ වගේ තමයි. ඩ්‍රෝන් වලිනුත් යම් යම් සීමාවන් ඇතුව තමයි සෙල්ලං දාන්න පුලුවන් වෙන්නේ.
7. ඩ්‍රෝන් යවන්නත් එතික්ස් තියෙනවා බ්‍රෝ!
දැන් ඕන දේක හොඳ නරක දෙකම තියෙනවනේ. ඩ්‍රෝන් වුනත් හොඳට වගේම නරකටත් යොදාගන්න පුලුවන්. සාමාන්‍යයෙන් වෙන රටවල මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වගේ දේවලටත් ඩ්‍රෝන් යානා යොදාගන්නවා. ලංකාවේ නං තාම එහෙම දේවල් අහන්න ලැබිලා නෑ. ඒත් අපි මේ කතා කරන්නේ ඊට වඩා කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට බාධා කරන්න ඩ්‍රෝන් යානා යොදාගන්න පුලුවන් තැන් ගැන.
අපි හිතමු කිසිම කෙනෙක්ට ඡායාරූප ගන්න ඉඩ නොදෙන විශේෂ ආරක්ෂාවක් තියෙන තැන් ගැන. මේ වගේ තැනක ෆොටෝ ගහන්න යන කෙනෙක්ව එතනින් ඉවත් කරන්න ආරක්ෂක නිලධාරීන්ට පුලුවන්. ඒත් කවුරුහරි ඩ්‍රෝන් එකකින් ගිහින් ෆොටෝ ගන්නව නං? මොකද ඩ්‍රෝන් එකට වෙඩි තියන්නද, ගල් ගහන්නද? හැබැයි එහෙම හිතුවට ඒකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අනිවා හැකියාව තියෙනවා. තාම ලංකාවේ දරුණුවට එහෙම දේවල් වෙලා නැති නිසා ඒ වගේ දේවල් වළක්වන්නේ කොහොමද කියන එක ගැන සම්මත ක්‍රියාමාර්ග නැතිවෙන්න පුලුවන්. ඒත් අනාගතේදී ඒවා ගැනත් හිතන්න වෙයි.
දැන් ඩ්‍රෝන් එකක් පුද්ගලික ඉඩමක් උඩින් යවලා ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න බෑ කියන එක සරලව ඕන කෙනෙක්ට තේරෙනවනේ. ඒ කියන්නේ අල්ලපු ගෙදර ගෑල්ලමයා මොකද කරන්නෙ කියලා බලන්න ඩ්‍රෝන් එකක් ඒ වත්තට යවන්න බෑ. හැබැයි ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩ්‍රෝන් එකක රේන්ජ් එක දිහා බලනකොට අල්ලපු ගෙදර ගෑල්ලමයා මොකද කරන්නේ කියලා බලන්න ඩ්‍රෝන් එක ඒ වත්තට යවන්න ඕන නෑ. ඕන නං මේ වත්තෙ ඉඳලත් ලේසියෙන්ම බලන්න පුලුවන්. ආන්න එතනට තමයි එතික්ස් එන්නේ. දැන් ස්මාට්ෆෝන් එකකින් තමන්ගේ ගෙදර ඉඳන් ඕන නං අල්ලපු ගෙදර වෙන දෙයක් හොරෙන් ෆොටෝ ගන්න පුලුවන්. ඒකට නීතිමය පියවරක් ගන්න පුලුවන් වෙන්නේ ඒ ෆොටෝ අයථා විදියට පාවිච්චි කලොත් විතරයි. දැන් එහෙමයි කියලා ස්මාට්ෆෝන් තහනම් කරන්න බෑනේ. ඉතින් ඩ්‍රෝන් පාවිච්චියත් එහෙම තමයි.
ඩ්‍රෝන් එකකින් ෆොටෝ ගන්න පුලුවන් රේන්ජ් එකත් එක්ක යම් යම් පැහැදිලි නැති සීමාවන් තියෙනවා නීතිමය පැත්ත ගත්තහම. හැබැයි ඩ්‍රෝන් එකක් පාවිච්චි කරන ඕන කෙනෙක්ට සදාචාරයක් තියෙන්න ඕන තවත් කෙනෙක්ගේ පුද්ගලිකත්වයට හානි නොකර, රටේ තියෙන නීති රීති අස්සෙන් රිංගලා යන්න උත්සාහ නොකර තමන්ගේ කාරිය කරගන්න. ආන්න ඒ විදියට අපිට අනාගතේදී ඩ්‍රෝන් පාවිච්චි කරලා සෑහෙන දේවල් කරන්න පුලුවන් වෙයි.
මූලාශ්‍ර= අනිවා.එල්කේ

Last edited: