TSU ඇත්ත_නැත්ත මෙන්න

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    TSU ඇත්ත_නැත්ත මෙන්න

    TSU මුදල් ගෙවීමේ ඇත්ත නැත්ත මෙන්න



    ලයික් වලට හා කමෙන්ට්ස් වලට මුදල් ගෙවන TSU නම් සමාජ ජාලයක් පිලිබඳ අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී. මේවනවිට TSU ලංකාවේ බොහෝ ෆේස්බුක් පරිශීලකයන් අතර ජනප්‍රියවී ඇති අතර බොහෝ දෙනෙකු තවමත් TSU සම්බන්ධව ගැටලුකාරී තත්වයකින් පසුවන බව පෙනී ගිය කරුණකි. TSU සමාජ ජාලය ආරම්භ කොට තවමත් වැඩි කලක් ගත නොවුන හෙයින් එහි මුදල් ලබාදීමේ විශ්වාසවන්ත භාවය සම්බන්ධව ලිපි පලවී නොමැත. TSU ව්‍යාජ වෙබ් අඩවියක් බවට මුල්වරට ලිපියක් ලියමින් හෙළිකොට ඇත්තේ අමන්දා නමැති පළමු වරට කාන්තාවන්ට පමණක් වෙන්වූ සමාජශාලා වෙබ් අඩවියක් වන http://www.girlfriendsocial.com තැනූ කාන්තාවක විසිනි. ඇය විසින් මතුකළ ප්‍රධාන කරුණු පහත වේ.

    1. Advertising Model
    මුදල් ලබා ගැනීමට අවම ඩොලර් 100 ක මුදලක් ගිණුමේ තිබිය යුතුය. මුදල් එකතුවන්නේ TSU බැංකු ගිණුමටය. බොහෝ පරීශිලකයන් පවසන්නේ ඔවුන්ට දැනට දිනකට ලැබී ඇත්තේ ඩොලර් සතයක් වැනි මුදලක් බවයි. එසේනම් ඩොලර් 100 ක මුදලක් ගැනීමට ඔවුන්ට අවරුදු ගණනාවක් බලාසිටීමට සිදුවනු ඇත. එම ඉපයීම කිරීමටද අන් අයගේ දේ සොරා ගනිමින් දැඩි වෙහෙසක් ගැනීමට සිදුවේ.

    2. නීති විරෝධී පිරමීඩ ජාවාරම් ක්‍රමයකි
    tsu යනු MLM ආකාරයේ පිරමීඩ වලට සමාන වූ උපක්‍රමයකි. මෙය සමාජ ජාලයේ සාමාජිකයන් වැඩි කරගැනීමට යෙදු උපක්‍රමයකි.

    3. 10% ආදායමෙන් වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැකිද?
    servers,bandwith, කාර්යමණ්ඩලයේ වැටුප් මේ සියල්ල 10 % ආදායමෙන් ඉටු කරගත හැකිද? මේ හේතුව නිසාවෙන් වෙබ් අඩවිය මන්දගාමී වීමටත් හැකර්වරුන්ගේ ප්‍රහාර එල්ලවීමටත් වැඩි ඉඩකඩක් ලැබේ. මුදල් සම්බන්ධව කටයුතු කිරීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් භාවිතා කලයුතු HTTPS පහසුකමද තවම TSU සතු නොවේ. මෙය ඉතා ප්‍රාථමික තත්වයක් ලෙස දැක්විය හැක.

    4. කෙටි කලකින් සමාජ ජාලයක් පිළිබඳව තීරණය කල හැකිද?
    අප සාමන්‍යයෙන් සමාජ ජාල වෙත පැමිණෙන්නේ අපගේ හිත මිතුරන් හා මිතුරියන් සමග සම්බන්ධතා ගොඩනැගීම සඳහාය. නමුත් මුදල් ඉපයීමේ පරමාර්ථය වෙනුවෙන් පැමිණෙන පිරිස් ඔබට කෙසේ විශ්වාස කළහැකිද?

    3. තාක්ෂණික දුර්වලතා
    ඔබ වෙනත් කෙනෙකුගේ වීඩියෝවක් නැවත යුටියුබ් වෙත එක්කිරීම වැලැක්වීම සඳහා යුටියුබ් විසින් content id නමැති ඉහල තාක්ෂණයක් පවත්වාගෙන යනු ලබයි. නමුත් tsu සතුව එවන් තාක්ෂණ කිසිවක් නොමැත. ඔවුන් නිර්මාණ සැබෑ හිමිකරුගේද යන්න තහවුරු කරගන්නේ කෙසේද?

    චෝදනා වලට ප්‍රතිචාර
    අමන්දා ලියූ මෙම ලිපියට linkedinවෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිචාර දක්වා ඇති tsu වෙබ් අඩවියේ හිමිකරුවෙකු වන Oliver Gassner එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේපකොට තිබේ. tsu මගින් ඩොලර් 100 ක් ඉපයූ ඕනෑම පරිශීලකයෙකුට ඔහුගේ බැංකු ගිණුම වෙත චෙක් පතක් ලබාදීමේ පහසුකම් tsu සතුව ඇති බවද ඔහු පෙන්වා දී තිබේ. චෝදනා වලට එකින් එකට පිළිතුරු දී නොමැති අතර ඔහු පවසා ඇත්තේ අනුන්ගේ නිර්මාණ වලින් වෙනත් සමාගම් පෝසත් කිරීමේ යුගය අවසන් කිරීමේ කාලය දැන් එළඹී ඇති බවයි. TSU පිලිබඳ සැකසංකා ඇත්නම් තමන්ගේ නිර්මාණ සමාජ ජාලා වල පලනොකොට බ්ලොග් අඩවි වල පළකොට ඒවා සමාජ ජාලා වෙත එක්කරන මෙන්ද ඔහු ඉල්ලීමක් සිදුකොට තිබේ.

    tsu හා ශ්‍රී ලංකාව
    ඇතැම් උදවිය ඉතා ඉක්මනින් මුදල් සෙවිය උපක්‍රමයක් ලෙස tsu වරදවා වටහාගෙන තිබේ. tsu මගින් මුදල් ඉපයීම පහසු නොවේ. එය යම් කිසි කාලයක් ගතවන ක්‍රියාවලියකි. tsu මගින් ඇඩ්සෙන්ස් හෝ ඇඩ් ක්ලික් කොට සොයනවා මෙන් ආදායමක් ලැබිය නොහැක. විදෙස් මාධ්‍යය ඔස්සේ බොහෝ දෙනා අමන්දාගේ ලිපියට ප්‍රතිචාර දක්වා තිබුනේ "මුදල් ගෙවීමේ කාර්ය පිලිබඳ නොසලකා හරියත් සමාජ ජාලා වෙබ් අඩවියක් ලෙස tsu හොඳ වෙබ් අඩවියක් බවත්, ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කොට කිසිදු මුදලක් නොලැබී සිටිනවාට වඩා ලැබෙන සත ගණන හෝ වැදගත් බවය."




    source:NETH​
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    කවුරුත් මොනවාවත් හිතුවට බය වෙන්න එපා. එයාලා දන්නේ නැහැ අපි කවුද මොනවද කරන්නේ කියලා. යුද්දේ යනකාලේ අපේ ජනාධිපති තුමාට කොච්චර විදේශීය බලවේග බැන්නද. ඒ එයාලා මොනවද කරන්නේ ඇතුලේ මොනවද වෙන්නේ කියලා නොදැන කරේ... අන්න ඒවගේ තමයි අපි tsū බලකායක් වශයෙන් එකට එකතුවෙලා කෑගැහුවාම සමහර කට්ටිය රවයි. බයවෙන්න එපා. එයාලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා..
    ##### tsū තමයි හොඳම මගේ ජීවිතේ ඉතිරි කාලය සාර්ථක කරගැනීමට tsū සරණ යමි#####


    දැන් ඔබ ඇස් දෙක මදක් පියාගන්න. ඔබගේ වර්ථමාන ජීවිතය අමතක කරන්න. දැන් හරි මට ඔබව පේනවා. හරි දැන් ඔබ හිතාගන්න ඔබ BMW එකක වැඩට යනවා කියලා. ඇස් වාහගෙන හොදට මෙනෙහි කරන්න. තව තව මෙනෙහි කරන්න. බස්වල යන දහඩිය පිරිණු පොඩිඋන ඇදුම් ඇඳගත් පිරිස වැඩට යන ආකාරය සහ ඔබ ඔබගේ වාහනයෙන් යන හැටි මෙනෙහි කරන්න.
    දැන් ඔබගේ ඇග තුල සිටින යෝදයා අඩක් අවදිවී අවසානයි.
    දැන් ඔබ නැගිටින්න. පුලුවන් තරම ශක්තිය ගන්න. ඇස් අරින්න. නැගිටලා හඩ නගලා කෑගසන්න අත් දෙක උස්සලා කෑගසන්න. අත්දෙක දෙපැත්තට දමා කෑගසන්න.අත්දෙකෙන් කකුල්දෙක අල්ලලා කෑගසන්න.ලඟ ඉන්න යාළුවා බදාගෙන කෑගසන්න.

    ### මට tsū හැර වෙන කිසිම දෙයක් නැත. මම tsū සරණ යමි###

    හරි දැන් වාඩි වෙන්න.

    බස්එකේ,කෝච්ච්යේ,ඔපිස්එකේ තමන් ඉන්න තැන ඉදලා හොදට කෑගසා තමන්ගේ සිතතුල සිටින යෝධයා අවදි කරන්න. දැන් ඔබ සුවිශේෂ පුද්ගලයෙක්. ඔව් ඔබට ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න ශක්තිය තියෙනවා.
    මට පේනවා දැන් ඔබට. මාගේ බලකායේ සාමජිකයෙකුලෙස මට ඔබ පෙනෙන්න පටන් ගන්නවා.
    අපිට කරන්න පුළුවන්. අපි තොරතුරු තාක්ෂණයෙන් ලංකාව ඉදිරියට ගෙනියමු මහින්ද චින්තනයේ පවසන ආකාරයට තොරතුරු තාක්ෂණයින් ලංකාව ඉදිරියටම ගෙනයන බව පවසනවා. අප tsū වලින් එයට සවියක් වන බවට දිවුරා පොරොන්දු වෙමු..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බොලාට පිස්සුවත් එහෙම ඇතෙයි........ සංවර්ධන ලොතරයි දිනුමක් ඇදෙනකම් බලා ඉන්නව වගේනේ