tsunami again?

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
සුනාමි ව්‍යසනයට වඩා දස ගුණයක බලපෑමක් එල්ල කෙරෙන එල්නිකෝ කුණාටුවක් මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැමිණිමට නියමිත බවත් එමගින් ආසියාව, ඹ්ස්ට්‍රේලියාව, දකුණු ඇමරිකාව යන මහාද්වීපවලට බරපතළ විනාශයක් සිදුවන බවත් ලෝක කාලගුණ සංවිධානය අවධාරණය කරයි. ඔවුන් ඒ පිළිබඳව අනතුරු අගවයි... එල්නිනෝ කුණාටුව නිසා දකුණු ආසියා කලාපයේ ශ්‍රි ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක පහකින් පමණ ඉහළ යනු ඇති බවත් එය දීර්ඝකාලීන නියගයකට හේතු වනු ඇති බවත් ලෝක කාලගුණ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි. එසේම.., දකුණු ඇමරිකා රටවලට මේ කුණාටුව නිසා බරපතළ ගංවතුර තත්වයකට මුහුණපෑමට සිදුවනු ඇතැයිද සදහන් කරන එම සංවිධානය, කුණාටුවේ වක්‍ර බලපෑම ලබන වසරේ අගෝසතු සැප්තැම්බර් මාස දක්වා පවතිනු ඇතැයිද අනාවැකි පළ කර සිටී. මේ නිසා අදාළ රටවල ආර්ථිකය බරපතළ කඩා වැටීමකට ලක් වන බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන රටවලට එය තීරණාත්මක ලෙස බලපාන ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ආරථික විහේෂඥයෝ අවධාරණය කර සිටිති.

මේ අතර පසුගිය සතියේ පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමේදීද විමල් වීරවංශ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අතර එහිදී ඇමැතිවරයා පවසා තිබුණේ මෙය ආණ්ඩුවට සුළු කොට තැකිය නොහැක්කක් බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික තලයේ මැතිවරණවලටද මෙමගින් සෟජු බලපෑම් එල්ල වනු ඇතැයි විමල් වීරවංශ ඇමැතිවරයා මේ රැස්වීමේදී පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් පාඨළි චම්පික රණවක ඇමැතිවරයාද පසුගිය දිනෙක ජාතික විද්‍යා පදනමේ පැවැති කාලගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය සමුළුවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබීණි.

එල්නිනෝ කුණාටුව ලංකාවට ප්‍රබල බලපෑමක් එල්ල කරන බව ලෝක කාලගුණික ආයතනය නිවේදනය කර තිබියදී ඊට මුහුණදීමට අවශ්‍ය සැලැසුම් සකස් කිරීමට හෝ කිසිදු පියවරක් ගැනීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු ආයතන පියවර නොගැනීම ගැන සැලකිලිමත් විය යුතු යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා එහිදී පැවැසීය.

ශ්‍රී ලංකාවට බරපතළ විනාශයක් සිදුකළ 2004 දෙසැම්බර් 26 සුනාමි ව්‍යසනයෙන් පසුව මෙරට ආර්ථිකය ප්‍රබල කඩාවැටීමටක ලක් වූ අතර එය 2005 පැවති ජනාධිපතිවරණයට සෟජුව බලපෑවේය. එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ජනතාව අතර ප්‍රබල මතයක් ඇතිවීමට එය හේතු විය. 2012 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය 5%කටත් වඩා අඩු අගයකට පත්වීමට හේතු වූයේ ද ලංකාවට බලපෑ දැඩි කාලගුණික විපර්යාස බව රණවක මහතා එහිදී පෙන්වා දුන්නේය.

කාලගුණික හා දේශගුණික තත්ත්වය රටක ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන බව පවසන රණවක ඇමැතිවරයා මේ කාලගුණ විපර්යාස ලෝකයේ දළ ජාතික ආදායමට 1.2%ක බලපෑමක් සිදුකරන බවද අවධාරණය කෙළේය.

එල්නිනෝ බලපෑම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කළද මේ සඳහා මුහුණදීමට රට සූදානම්ද යන්න මෙතෙක් කිසිවකු නොදන්නා අතර මෙරට පරිසර ප්‍රශ්නවලටද දේශපාලනය පිළිකුල් සහගත ලෙස ක්‍රියාත්මක වීම ලැජ්ජා සහගත බවද කීය.

මේ දේශපාලනය හේතුවෙන් කාලගුණික හා දේශගුණික විපර්යාසවලින් ලෝකය ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව පවසන අමාත්‍යවරයා මේ හේතුවෙන් දුප්පත් රටවල් බරපතළ අර්බුදයකට මුහුණපාමින් සිටින බවද පැවැසීය.
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
සුනාමි අධාර වගෙ එල්නිනෝ අධාරත් හොරා කයි එහෙනම්. දුවගෙන එයි දැන් :P
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    2015 දෙසැම්බර් වෙද්දී සිංහලු කතාවෙයි එල්නිනෝ හොරෙක් ගැන. එල්නිනෝ වලින් ගොඩ ගිය පව්ල් ගැන එහෙම

    මාලඹේ පැත්තෙන් අනාථයෙක් දුවගෙන එන්න ඉඩ තිබේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    සුනාමි අධාර වගෙ එල්නිනෝ අධාරත් හොරා කයි එහෙනම්. දුවගෙන එයි දැන් :P
    :rofl::rofl::rofl: dan maha putuwe indanma gaha ganna puluwan....
     

    waligamaya

    Well-known member
  • 2015 දෙසැම්බර් වෙද්දී සිංහලු කතාවෙයි එල්නිනෝ හොරෙක් ගැන. එල්නිනෝ වලින් ගොඩ ගිය පව්ල් ගැන එහෙම

    මාලඹේ පැත්තෙන් අනාථයෙක් දුවගෙන එන්න ඉඩ තිබේ

    :lol::lol::lol::lol:
    කුක්කා කුඩු කූඩු
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    El Niño begins as a giant pool of warm water swelling in the eastern tropical Pacific Ocean, that sets off a chain reaction of weather events around the world – some devastating and some beneficial.

    India is expected to be the first to suffer, with weaker monsoon rains undermining the nation’s fragile food supply, followed by further scorching droughts in Australia and collapsing fisheries off South America. But some regions could benefit, in particular the US, where El Niño is seen as the “great wet hope” whose rains could break the searing drought in the west.

    1f2ef9c0-d052-4233-af4d-5feae9430ab5-1024x768.jpeg


    TFS mcn
     

    Similar threads