TV, Radio වලින් පිරිත් දාන අය... (මේක වෙන ත්‍රෙඩ් එකක්)

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    TV, Radio වලින් පිරිත් දාන අය කැමති නම් ඊළඟ දවසෙ ඉඳන් මේක play කරන්න.

    * මේකෙදි පිරිත් සූත්‍රය සමග අර්ථයත් සජ්ඣායනා කෙරෙනවා.
    * පිරිත් සූත්‍ර වල තියෙන්නෙ ධර්මය. ඉතිං පිරිත් වල තේරුම දැනගන්න එක වටිනවානෙ.
    * සූත්‍රයේ තේරුම කියවන්න කම්මැලි අයට මේක අහලා තේරුම දැනගන්නත් පුලුවන්.
    * රතන සූත්‍රය ඇහෙන කොට වෙව්ලන අය, ආටානාටිය සූත්‍රය ඇහෙන කොට එළියට බහින්න බය අය හැමෝගෙම ප්‍රශ්නත් විසඳෙනවා. (පිරිතේ තේරුම දන්නැති හින්දා තමයි ඔය ගොඩක් අය බොරුවට බය වෙන්නෙ)
    * පිරිත් වල අර්ථය තේරුම් ගනිමින් තමන්ම සජ්ඣායනා කිරීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ.


    .

    .

    .

    .

    .
    .:: කැමති අය bookmark කරගන්න. නැත්තං watch later දාගන්න ::.

    .
    අමතරව:
    * කැමති අය පිරිත් අර්ථ වර්ණනා ධර්ම දේශනා මාලාව අහන්න. මේකෙදි පිරිත් සූත්‍ර වල අර්ථය වචනයෙන් වචනය තේරුම් කරලා දෙනවා වගේම අපිට නුහුරු වචන නිවැරදිව උච්චාරණය කරන විදිහත් කියලා දෙනවා.

    .

    FAQ

    1) පිරිත් වලින් ප්‍රයෝජනයක් තියෙනවද?


    ඕක මීට කලින් කෙනෙක් අහලා පිළිතුරු ලැබුණ ප්‍රශ්නයක්. ඒක මෙතනින් කියවන්න.
    https://pitaka.lk/books/milinda-prashnaya/24.html
    ඒක කියවන්න කම්මැලි නම් ... නිදහස් වෙලාවක් අරන්, ඉවසීමෙන් යුතුව, මේ වීඩියෝවෙ ප්‍රශ්නය පටන් ගන්න තැන ඉඳන් අවසන් වෙනකංම, skip කරන්නැතුව අහන්න.
    https://youtu.be/8Kazf3-lgRE


    2) ලෙඩක් හැදුණොත් බුද්ධාගමට අනුව කරන්න ඕනෙ පිරිත් කියන එකද?

    ලෙඩක් හැදුණොත් බෙහෙත් ගන්න ඕනෙ. භේසජ්ඣක්ඛන්ධකය කියන කොටසෙත් තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට විවිධ රෝගාබාධ වලට පනවපු බෙහෙත් වර්ග.


    3) කොරෝනා වලට ඕක දැම්මහම ඇතිද?

    වැරදියට වටහා ගන්න එපා. ලෙඩ කියන ඒවා හැදෙන්න කලින් වළක්වා ගන්න ඕනෙ. හැදුණොත් ඉක්මණට හොඳ කරගන්න ඕනෙ.
    2020 මාර්තු 27 වෙනිදා (ලංකාවේ Covid19 ව්‍යාප්තිය පටන් ගත්ත ගමන්ම වගේ) පිරිත් සජ්ඣායනාවෙන් පස්සෙ ස්වාමීන් වහන්සේ නමක් සිදු කළ අනුශාසනාවක් තමයි මේ.
    https://youtu.be/tJCi3eEr04U


    4) සජ්ඣායනා කරන්න අපිට ඕවා කටපාඩම් නෑනෙ.

    ඒක ප්‍රශ්නයක් නෑ. පිරිත් පොතක් (පිරුවානා පොත් වහන්සේ) බලාගෙන කියන්න. සිංහල අර්ථය සමඟ සජ්ඣායනා කරන්න නම් මහමෙව්නාවෙන් සම්පාදනය කරපු පාලි-සිංහල පිරුවානා පොත් වහන්සේ නමක් හොයාගන්න වෙනවා.
    ------ Post added on Oct 5, 2022 at 6:50 PM
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    අත්‍යවශ්‍යම ප්‍රශ්නෙ දාල නෑනෙ.

    5) කන පැලෙන්න අනිත් මිනිස්සුන්ට වදයක් වෙන විදිහට යකඩ කටවල් වලින් පිරිත් දැම්මම පින වැඩිද?
     
    • Love
    Reactions: Oli_Vili

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අපේ සීයා දාගෙන ඉන්නවා රෑ එළි වෙනකම්ම
    ස්වදේශීය සේවයද මොකක්ද එකේ යනවා
    සීයාගේ වයස කීයද බන්? උඹේ වයසත් කියපන්කො කැමතිනම් :)
     
    • Like
    Reactions: NRTG and S_M_S

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සීයාගේ වයස කීයද බන්?
    අනූ ගාණක්ද කොහෙද :sorry:
    දවල්ට මායින්ද මාතියා මෙනෙහි කරලා රෑට පිරිත් අහනවා

    උඹේ වයසත් කියපන්කො කැමතිනම් :)
    මං අනිත්‍ය මෙනෙහි කරලා ඉන්නේ,
    වයසට යනවා කියන්නේ ලෝක ස්වාභාවය
    ඕවා ගණන් කර කර ඉන්න ඕන නෑ:yes:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අත්‍යවශ්‍යම ප්‍රශ්නෙ දාල නෑනෙ.

    5) කන පැලෙන්න අනිත් මිනිස්සුන්ට වදයක් වෙන විදිහට යකඩ කටවල් වලින් පිරිත් දැම්මම පින වැඩිද?

    කරන්ට් බිලත් වැඩි මේකාලේ අතින් වියදම් කරගෙන සියලු සත්වයන්ට ධර්මය ශ්‍රමය කරන්න සැලැස්වුවම පින වැඩි ඇති 😁😁
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අපො මහමෙව්නා....😢😢
    Screenshot_20221230-162538_Chrome.jpg

    ... ..... ..... ..... . ... ........ ........
    🤷
    පන්සිල් රකින්නවත් උත්සාහ කරමු නේද ආදම්?
     
    • Like
    Reactions: NRTG