Jul 21, 2013
83
6
0
උදේ ඉඳන් බලනව මම ටීවි චැනල්
යහපාලනේ හින්දා වී මොලේ කචල්
වෙනසක් නැතත් ඉන්නා කට්ටිය හුරතල්
වෙනසක් වෙනව ලඟපාතම ඒක සුවර්

ඉස්සර බැලුවෙ "නයිටීඑන්" හිරිකිතයෙන්
දැන් බලනවා දෙරණත් මම හිරිකිතයෙන්
ස්වර්ණ වාහිනිය පැන්නා පස්ස දොරෙන්
කාගෙද වරද දුන් චන්දය තනි තටුවෙන්

දෝරේ ගලයි යහපාලන පොරොන්දූ
"හිරු" උඩබලයි නොපෙනෙන්නට මෝල්ලු
හඩ්සන් ගියා ඇඩ්‍රස්වත් නැහැල්ලු
"පෙර රජ" දකී දිය කොරහෙත් කිඹුල්ලු

වැස්සට තෙමුන ටීඑන්නෙල් මහගෙදර
දැන් සරුවෙලා වාගෙලු එහෙ රජගෙදර
දැකලා නැතත් මම නම් ඔය කොම්පැනිය
අයිය මලෝ දේ වාගේ සුරපුරය

මිහින් එයාර් යනු පේනව අහස්තලේ
මාගම්පුරෙත් ඇත ලොකුවට වනන්තරේ
කලුගල් සොයා පීනනවා යටින් දියේ
කිවු අය කොහිද හොයනව මම නිරන්තරේ

කුරහන් සාටකේ එල්ලි ගොඩයන්න
වලිකන අයව දකිනාවිට මට ඔන්න
ජාතියන්තරේ පෙන්නා අර අන්න
සිහිවේ කියපු උඩපනිමින් ගජබින්න

ගහයි හයේ එව්වා සත්යාගාරේ
සන්නස්ගල නටයි හැදිලා ඔල්මාදේ
"ජාතික" තමයි නොබලන මුත් අපි රාලේ
අවුලක් නැතුව යනවානම් ෆිට් වාගේ

සිරස කියයි ගහනවාලු දෙරණ යටින්
දෙරණ කියයි පනිනවාලු සිරස හොරෙන්
කාගෙත් පැටිකිරිය පේනව කරන වැඩෙන්
කලියුග කාලේ කියලා අපි හිතමු ඉතින්
:baffled: