Twitter to ban political ads in apparent swipe at Facebook

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Twitter Inc will ban political advertising on its platform next month, the company's chief executive said on Wednesday, a move that won praise from Democrats and scorn from Donald Trump's presidential campaign.


    ටිව්ටර් සමාජ ජාලය ඔස්සේ ප‍්‍රචාරය වන සියලු දේශපාලන වෙළඳ දැන්වීම් තහනම් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

    අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ප‍්‍රචාරණයෙන් ප‍්‍රබල හා සැලකිය යුතු බලපෑමක් දේශපාලන ක්ෂේත‍්‍රයට එල්ල කරන බවයි ට්විටර් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි ප‍්‍රකාශ කළේ. ඒ අනුව නොවැම්බර් 22 වැනිදා සිට මෙම තහනම බලාත්මක කෙරෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    එහි සියලු තොරතුරු නොවැම්බර් 15 වැනිදා වනවිට නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

    මේ අතර මාධ්‍යවේදීන් ඇතුළු සමාජ කි‍්‍රයාකාරිකයින්ගේ ට්විටර් පණිවිඩ දහස් ගණනක් මකා දැමීම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානවල අවධානය යොමුව තිබෙනවා. මෙලෙස මකා දමා ඇති බහුතර ටිව්ටර් පණිවිඩ ඉන්දීය රජයේ දේශපාලන ප‍්‍රතිපත්තිය හා කාශ්මීර පරිපාලනය විවේචනය කර ඇති ඒවා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    2017 වසරේ සිට මෙවැනි ට්විටර් පණිවිඩ මිලියනයකට ආසන්න ප‍්‍රමාණයක් මකා දමා ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.