Two political newcomers likely as UNF appointed MPs

sathya12345

Member
Oct 16, 2009
9
0
0
Lankanewsroom.com
The main opposition United National Front is likely to accommodate two experienced professionals, who are newcomers to politics, as its appointed members of parliament, UNF sources said.

According to the sources, the UNF will appoint banker Eran Wickramaratne and economist Dr. Harsha de Silva to fill two of its nine national list positions.

UNP seniors Tissa Attanayake, Joseph Michael Perera and Rukman Senanayake are also strongly tipped to be appointed to parliament.

As per the UNF's agreements with its affiliate parties, two national list positions of the SLMC will go Nizam Kariyappar and M.T. Hassan Ali, said the sources.
එරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා එජාපෙ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන් අතර

එක්සත් ජාතික පෙරමුණෙහි ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන් අතර දේශපාලනයට නවකයින් වන බැංකු ක්‍ෂේත‍්‍රයෙහි ප‍්‍රවීනයෙකු වන එරාන් වික‍්‍රමරත්න හා ප‍්‍රකට ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුලත් වන බව එජාපෙ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් වන තිස්ස අත්තනායක, ජෝසප් මයිකල් පෙරේරා හා රුක්මන් සේනානායක ද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ලෙසින් පත්කරනු ඇතැයි වාර්තා වේ.

එජාපෙ පාර්ශ්වකාර පක්‍ෂයක් වන ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයට හිමිවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූර දෙක සඳහා නිසාම් කාරියප්පර් හා එම් ටී හසන් අලි පත් කරනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණෙහි මනෝ ගනේෂන් හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වයේ රුවන් එෆ් ගුරුගේ යන දෙදෙනාට ද එජාපෙ පත්කල මන්තී‍්‍ර ධූර හිමිවනු ඇතැයි පැවසේ.

අපේ‍්‍රල් 08 වැනිදා පැවති මහා මැතිවරණයේදී ආසන 117 ක් ලබා නැවත බලයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූර 17 ක් හිමිවන අතර, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයට එක් පත්කල මන්තී‍්‍ර ධූරයක් හිමි වේ.