UAE passport අංක_1ට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    UAE ගමන් බලපත්‍රය ලෝකයේ අංක 1 ට. ශ්‍රී ලංකාවට 84 වෙනි තැන

    ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව, පළමු තැන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) ලැබී තිබේ. යම් රටක ගමන් බලපත්‍රධාරියෙකුට වීසා ලබා ගැනීමකින් තොරව රටවල් කොපමණ ප්‍රමාණයකට ඇතුල් විය හැකි ද යන්න අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත.

    මෙම වර්ගීකරණයේ 84 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට රටවල් 45 ක් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි බව සඳහන් වේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර හිමියෙකුට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 113 ක් වෙත ප්‍රවේශ වීමටත්, රටවල් 54 ක් සඳහා On Arrival ක්‍රමවේදය යටතේ වීසා ලබා ගැනීමටත් හැකියාව තිබේ. ඔවුන් හට ලෝකයේ රටවල්වලින් ඇතුළත් වීම සඳහා පූර්ව වීසා ලබා ගත යුත්තේ 31 කට පමණි.

    ශ්‍රී ලංකා ගමන් බලපත්‍රධාරීන්ට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව රටවල් 16 කට ඇතුළත් විය හැකි අතර, රටවල් 29 ක් සඳහා On Arrival ක්‍රමවේදය යටතේ වීසා ලබා ගැනීමට පුළුවන. කෙසේ වෙතත් රටවල් 153 ක් වෙත ගමන් කිරීමේ දී කලින් වීසා ඉල්ලුම් කිරීම ශ්‍රී ලාංකීය ගමන් බලපත්‍ර හිමියන්ට අනිවාර්ය වී ඇත.

    මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ රටවල් 166 ක් සඳහා ප්‍රවේශය සහිත සිංගප්පූරුව හා ජර්මනිය යි.

    Adaderana
     
    • Like
    Reactions: waruna87

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,733
    1,253
    113
    Mars
    අපේ රටේ අදාල බලධාරීන්ගේ උනන්දුවක් නැ බන්. නැත්නම් තව රටවල් 20-30ක් වත් වැඩිකර ගන්න පුලුවන්.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    ජය වේවා ජය වේවා දිගටම කොටන්න
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැබැයි මේකේ ත්‍රෙඩ් දාන්නේ මුහුදෙන් එහා ඔක්කොමලා මේ රටට කෙල හල ඉන්නවා කියලා අපිව යටත් කරගන්න කියලා :lol::lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හැබැයි මේකේ ත්‍රෙඩ් දාන්නේ මුහුදෙන් එහා ඔක්කොමලා මේ රටට කෙල හල ඉන්නවා කියලා අපිව යටත් කරගන්න කියලා :lol::lol::lol:

    කසිකබල් මාක්ස් වාදීන්/වාමාංශික අදහස් මිශ්‍ර දෙශ හිතෛශීන් මෙ රට පුරා අවුරුදු ගාණක් තිස්සෙ තමන්ට පොරත්වයක් හදාගන්න මිනිස්සු අතර වපුරපු මත වල ප්‍රතිඵල තමා ඔහොම හිතන එක.

    ලොකෙ ගැන ලොකෙට නොගිහින් හරි ඉන්ටර්නෙට් එකෙන් බලන එකෙක් උනත් දන්නවා ඔය ඉහත මන් කිව්ව එවුන්ගෙ ටයිප් එකෙ උන්ගෙ බයිලා වල තරම.

    මොනවා කරන්නද අපෙ උන්ට ඉන්ටර්නෙට් එක කියන්නෙ ෆේස්බුක් එකයි යුටියුබ් එකෙ ගොනාතල් කාරයො සහ ගොසිප් කාරයො ටිකයි විතරනෙ ?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    හැබැයි මේකේ ත්‍රෙඩ් දාන්නේ මුහුදෙන් එහා ඔක්කොමලා මේ රටට කෙල හල ඉන්නවා කියලා අපිව යටත් කරගන්න කියලා :lol::lol::lol:

    කෙළ නම් හලනවා බං ලංකාවට අදටත්...ඒකට ගොඩක් හේතු තියෙනවා..ඉතිහාසෙම අරන් බලපං.ඒ කාලේ සුද්දො ලංකාවට මරා ගත්තේ ලංකාව දියුණු නිසාද.:rolleyes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙළ නම් හලනවා බං ලංකාවට අදටත්...ඒකට ගොඩක් හේතු තියෙනවා..ඉතිහාසෙම අරන් බලපං.ඒ කාලේ සුද්දො ලංකාවට මරා ගත්තේ ලංකාව දියුණු නිසාද.:rolleyes:

    උන්ගෙ colonialist mind එක හින්ද අල්ලන්න පුලුවන් තරං රටවල් අල්ලං ගියා මිසක් උන් විශේෂයෙන් ලංකාව හොයාගෙන ආවෙ නෑ. ඒක ඒ කාලෙ උන්ගෙ ආර්ථික paradigm එක. ඒක පවත්වං යන්න නං පුලුවන් තරං දිගටම අල්ලගෙන අල්ලගෙන යන්න ඕනෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උන්ගෙ colonialist mind එක හින්ද අල්ලන්න පුලුවන් තරං රටවල් අල්ලං ගියා මිසක් උන් විශේෂයෙන් ලංකාව හොයාගෙන ආවෙ නෑ. ඒක ඒ කාලෙ උන්ගෙ ආර්ථික paradigm එක. ඒක පවත්වං යන්න නං පුලුවන් තරං දිගටම අල්ලගෙන අල්ලගෙන යන්න ඕනෙ.
    නොයෙක් විදියට යටත් කරගැනීම තමා ඉතින් බලන්නේ... හැබැයි කිව්වා වගේ අපිවම හොයාගෙන එනවා කියලා හිතන මාඅන්සිකත්වෙන් බලලා මහ පුරාජේරු කියවන අයනේ ඉන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නොයෙක් විදියට යටත් කරගැනීම තමා ඉතින් බලන්නේ... හැබැයි කිව්වා වගේ අපිවම හොයාගෙන එනවා කියලා හිතන මාඅන්සිකත්වෙන් බලලා මහ පුරාජේරු කියවන අයනේ ඉන්නේ

    දැන් වුනත් කරන්නෙ ඒක තමා ඉතිං. යුද්දෙන් අල්ලන colonialism එක ඉවර වුනාට උන්ට වඩා වෙනස් විදිහට හිතන සංස්කෘති සේරම නැති කරන්න ඕනෙ කියන අදහස තාමත් හිත යට හැංගිලා තියෙනව. බටහිරට කලිං චීනෙ වගේ රටවල ඊට වඩා දියුණු ශිෂ්ඨාචාර තිබ්බනෙ. ඒත් ඒවගෙන් ඔය විදිහෙ යටත් විජිතවාදයක් ඇති වුනේ නෑනෙ. එහෙම වෙන්න හේතුව බටහිර චින්තනේ මිනිස්සු ලෝකය දකින විදිහනෙ. ඉතිං කොච්චර භෞතික දේවල් වෙනස් වුනත් unconsciously ඉගැන්වෙන චින්තනේ හරය තාම තියෙනව. ඉතිං යටත් විජිත වාදෙ යුද්ධ වල මුහුණුවර නැතුව වෙන විදිහට උන්ගෙ චින්තනේ පැලපදියම් වෙලා තියෙන දෙයක්. :sorry:
     
    :yes: