UB40 ගායක ‘ඇස්ට්‍රො‘ මියයයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    AVvXsEgEX6hYqP7zAvmP7Zi1Isc5jwv6r_B9PxozJ6EXiqtiV4xv69atagiXo2pYSWM3Su1wcT0bS9OyBG4yuUGUvSBcaBNqdpu0Gu7fcq08zAaocaKaRWqLAIRgvXDRYDkW5bi8Akv_GhtL1pfjka983rgHpA9ww_chSn1uICOPFkyV0md-MXTf09JCigcVCQ=s16000



    1980 දශකයේ "Red Red Wine" සහ "Can't Help Falling In Love" වැනි ගීත සමඟින් ජනප්‍රියත්වයට පත් වූ බ්‍රිතාන්‍ය රෙගේ සංගීත කණ්ඩායමක්වූ UB40 හි හිටපු ගායන ශිල්පියෙකු සහ ආරම්භක සාමාජික ‘ඇස්ට්‍රො‘ හෙවත් ටෙරන්ස් විල්සන් වයස අවුරුදු 64 දී මිය ගිය බව ඔහුගේ සංගීත කණ්ඩායම තහවුරු කළේය.
    ටෙරන්ස් විල්සන් -ඇස්ට්‍රෝ යන නාමයෙන් 2013 වසර දක්වා UB40 සමඟින් කටයුතු කළේය.

    "අපගේ ආදරණීය ඇස්ට්‍රෝ අද ඉතා කෙටි අසනීපයකින් අභාවප්‍රාප්ත වූ බව ඔබට කණගාටුවෙන් දන්වා සිටිමු" ඔවුන් දන්වා තිබේ.
    නීල් ඩයමන්ඩ්ගේ "රෙඩ් රෙඩ් වයින්" UB40 හි පොප් ගීය ඔවුන්ව කීර්තියට පත් කළේය, මිලියන 100 කට වඩා අලෙවි විය.
    UB40 1980 ගණන්වල එක්සත් රාජධානියේ සංගීත ශ්‍රේණිගත කිරීම්වල හැමවිට ඉහළින් සිටි කණ්ඩායමක් විය.
    බ්‍රිතාන්‍ය මිඩ්ලන්ඩ්ස් හි බර්මින්හැම් නගරයෙන් පැමිණි මෙම කණ්ඩායම, විරැකියා ප්‍රතිලාභ ඉල්ලා සිටින පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටිමින් ආර්ථික හා දේශපාලන තත්ත්වයට එරෙහිව රැල්ලක් මතුකිරීමටද පසුකාලීනව දායකවූ අතර මේ හේතුවෙන් මෙම කණ්ඩායම බ්‍රිතාන්‍ය බුද්ධි අංශවල පවා නිරීක්ෂණයට ලක්ව තිබුණි.