බීට්ල්ස් යනු 1960 දී ලිවර්පූල් හි පිහිටුවන ලද English රොක් සංගීත කණ්ඩායමකි. ජෝන් ලෙනන් (John Lennon), පෝල් මැකාර්ට්නි (Paul McCartney), ජෝර්ජ් හැරිසන් (George Harrison) සහ රින්ගෝ ස්ටාර් (Ringo Starr) යන අයගෙන් සමන්විත මෙම කණ්ඩායම, දැනට පහල වූ වඩාත් influentialම සංගීත කණ්ඩායම ලෙස සැලකේ. පටිගත කිරීම්, ගීත රචනා සහ කලාත්මක ඉදිරිපත් කිරීම්වල පුරෝගාමීන් ලෙස බීට්ල්ස් සංගීත ක්ෂේත්‍රයේ බොහෝ අංශවල විප්ලවීය වෙනසක් සිදු කළ අතර බොහෝ අවස්තා වල යුගයේ තරුණ හා සමාජ සංස්කෘතික ව්‍යාපාරවල නායකයින් ලෙස ප්‍රසිද්ධියට පත් විය.
1957 මාර්තු මාසයේදී එවකට වයස අවුරුදු 16 ක් වූ ජෝන් ලෙනන් ලිවර්පූල් හි Quarry Bank උසස් පාසලේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ skiffle කණ්ඩායම පිහිටුවා ගත්තේය. තවත් ප්‍රාදේශීය කණ්ඩායමක් දැනටමත් එම නම භාවිතා කරන බව දැනගත් පසු ඔවුන් තම නම Quarrymen ලෙස වෙනස් කිරීමට පෙර ඔවුන් කෙටියෙන් Blackjacks ලෙස හැඳින්වූහ.
පහළොස් හැවිරිදි පෝල් මැකාර්ට්නි ඔහු හා ලෙනන් එම ජූලි මාසයේදී මුණගැසුණු සැණින් රිදම් ගිටාර් වාදකයෙකු ලෙස ඔවුන් හා එක් විය. 1958 පෙබරවාරියේදී මැකාර්ට්නි තම මිතුරා ජෝර්ජ් හැරිසන්ට සංගීත කණ්ඩායම නැරඹීමට ආරාධනා කළේය. පහළොස් හැවිරිදි ඔහු ලෙනන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමක් කළ අතර ඔහුගේ ගිටාර් වාදනය ගැන ඔහු තුළ පැහැදීමක් ඇති වූ නමුත් ලෙනන් මුලින් සිතුවේ හැරිසන් සංගීත කණ්ඩායමට වයසින් අඩු බවය. හැරිසන්ගේ නොපසුබට උත්සාහයෙන් මාසයකට පසු, මැකාට්නි විසින් සංවිධානය කරන ලද දෙවන රැස්වීමකදී ඔහු ලිවර්පූල් බස් රථයක ඉහළ තට්ටුවේ " Raunchy " ගීතයේ lead guitar කොටස වාදනය කලේය. එයින් ඔවුන් ඔහුව ඔවුන්ගේ ප්‍රධාන ගිටාර් වාදකයා ලෙස බඳවා ගත්හ.1957 මාර්තු මාසයේදී එවකට වයස අවුරුදු 16 ක් වූ ජෝන් ලෙනන් ලිවර්පූල් හි Quarry Bank උසස් පාසලේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ skiffle කණ්ඩායම පිහිටුවා ගත්තේය. තවත් ප්‍රාදේශීය කණ්ඩායමක් දැනටමත් එම නම භාවිතා කරන බව දැනගත් පසු ඔවුන් තම නම Quarrymen ලෙස වෙනස් කිරීමට පෙර ඔවුන් කෙටියෙන් Blackjacks ලෙස හැඳින්වූහ.
බීට්ල්ස් හි නිල නොවන කළමණාකරු ඇලන් විලියම්ස් ඔවුන් වෙනුවෙන් හැම්බර්ග් හි පදිංචිය සංවිධානය කළ අතර මේ සඳහා ඔවුන් 1960 අගෝස්තු මැද භාගයේදී Drum වාදක පීට් බෙස්ට් audition කොට කුලියට ගත්හ. සංගීත කණ්ඩායමේ දැන් සාමජිකයන් පස් දෙනෙකි. නමුත් බෙස්ට් ගේ දුර්වල drums වාදනය නිසා මොහුව ඉවත් කිරීමට තීරණය කරනු ලැබීය. Pete Best ගේ නෙරපා හැරීම ගැන දැනටමත් කල්පනා කරමින් සිටින බීට්ල්ස්, ඔහු වෙනුවට 1962 දී රින්ගෝ ස්ටාර් හට එක්වන ලෙස ඉල්ලා අතර ඔහු රොරි Rory Storm and the Hurricanes අතහැර ඔවුන් හා එක්විය.
ප්‍රදාන ගීත රචකයන් වන ලෙනන් සහ මැකාට්නිගේ නායකත්වයෙන් යුත් බීට්ල්ස් 1960 සිට වසර තුනක් පුරා ලිවර්පූල් සහ හැම්බර්ග් හි ඔවුන්ගේ කීර්තිනාමය Clubs තුල වදනය කිරීමෙන් ගොඩනඟා ගත් අතර, මුලින් ස්ටුවර්ට් සූට්ක්ලිෆ් (Stuart Sutcliffe) bass ගිටාරය වාදනය කළේය.
කළමනාකරු බ්‍රයන් එප්ස්ටයින් (Brian Epstein) ඔවුන්ව වෘත්තීයමය කණ්ඩයමක් ලෙස හැඩගස්වා ගත් අතර නිෂ්පාදක ජෝර්ජ් මාටින් (George Martin) 1962 අගභාගයේදී ඔවුන්ගේ පළමු ගීතය වූ “Love Me Do " ගීතයෙන් පසුව ඔවුන්ගේ දේශීය සාර්ථකත්වය පුළුල් කරමින් ඔවුන්ගේ පටිගත කිරීම් මෙහෙයවීය.
1964 මුල් භාගය වන විට බීට්ල්ස් ජාත්‍යන්තර තරු වූ අතර එක්සත් ජනපද පොප් වෙළඳපොළේ “බ්‍රිතාන්‍ය ආක්‍රමණයට” නායකත්වය දුන් අතර, බොහෝ විකුණුම් වාර්තා ද බිඳ දැමීය. එම වසරේම ජුනි සහ ජූලි මාසවලදී ජාත්යන්තරව සංචාරය කළ බීට්ල්ස් ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, හොංකොං, ඕස්ට්රේලියාව සහ නවසීලන්තය යන රටවල දින 27 ක් පුරා ප්රදර්ශන 37 ක් පැවැත්වීය. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ඔවුන් නගර 23 ක ප්රසංග 30 ක සංචාරයක් සමඟ නැවත එක්සත් ජනපදයට පැමිණියහ.
ඔවුන් ඉතා ඉක්මණින් සිනමා දිවියට පිවිසියේ A Hard Day's Night (1964) චිත්‍රපටයෙනි. 1965 සිට ඔවුන් Rubber Soul (1965), Revolver (1966) සහ Sgt. Pepper's Lonely Hearts Club Band (1967) යන ඇල්බම ඇතුළු අති සංකීර්ණ නිර්මාණ ඉදිරිපත් කළහ. එමෙන්ම The Beatles ("the White Album", 1968 ලෙසද හැඳින්වේ) සහ Abbey Road (1969) සමඟ තවදුරටත් වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්තේය.
1968 දී ඔවුන් ඇපල් කෝප්ස් (Apple Corps) නම් බහු සන්නද්ධ බහුමාධ්ය සංස්ථාවක් ආරම්භ කළ අතර එය සංගීත කණ්ඩායමේ උරුමයට අදාළ ව්යාපෘති අධීක්ෂණය කරයි.
1970 දී කණ්ඩායම බිඳී යාමෙන් පසුව, සාමාජිකයින් හතර දෙනා ඒකල කලාකරුවන් ලෙස සාර්ථකත්වය භුක්ති වින්දා. 1980 දෙසැම්බරයේදී ලෙනන් වෙඩි තබා ඝාතනය කරන ලද අතර හැරිසන් පෙනහළු පිළිකාවක් හේතුවෙන් 2001 නොවැම්බරයේදී මිය ගියේය. මැකාට්නි සහ ස්ටාර් තවමත් සංගීත කටයුතු වල නිරතවෙමින් සිටිති.
ලොව පුරා වැඩියෙන්ම අලෙවි වන කලාකරුවන් බීට්ල්ස් වන අතර ඇස්තමේන්තුගත අලෙවිය ලොව පුරා මිලියන 600 කි. UK Albums Chart වල වැඩිම අංක එකේ ඇල්බම සඳහාත්, Billboard Hot 100 chart හි වැඩිම අංක එකේ ගීත සඳහාත්, එක්සත් රාජධානියේ විකුණන ලද තනි ගීත සඳහාත් ඔවුන් වාර්තාවක් තබා ඇත. මෙම කණ්ඩායම 1988 දී රොක් ඇන්ඩ් රෝල් හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් කරන ලද අතර ප්රධාන සාමාජිකයන් හතර දෙනා 1994 සහ 2015 අතර තනි තනිව ඇතුළත් කරන ලදී.
2008 දී, බිල්බෝඩ් හොට් 100 හි සර්වකාලීන සාර්ථක කලාකරුවන්ගේ (all-time most successful artists) ලැයිස්තුවේ සමූහය බිල්බෝඩ්ගේ ප්‍රමුඛස්ථානයට පත්විය. සංගීත කණ්ඩායමට ග්‍රැමී සම්මාන හතක්, බ්‍රිට් සම්මාන හතරක්, ඇකඩමි සම්මානයක් හිමි විය.
මහන්සියට Like and Comment එකකින් වත් සලකගෙන යන්නො !!
මගේ අනිත් treads
Nirvana - The Famous American Rock Band
Linkin Park සහ Chester Charles Bennington
Led Zeppelin - The Famous American Rock Band
Guns N' Roses - The Famous American Rock Band

