මාත් පවුලේ කෙනෙක් ට sign කරලා දැන් crib එකේ ඉන්නේ
sign කරා විතරක් නෙවෙයි මම down payment එකට ලක්ෂ 2කක් ද කොහේදත් දුන්නා..
හොඳ බණුමකුත් අහගත්ත ළඟදී..
නෑදෑයොන්ට උදවු කරන්න ගිහින් පාඩම් ඉගෙනගත්තෙ නැති එවුන් මේ ලෝකෙ නෑ
කාලෙකට කලින් මම හාවා කාලෙ උනු දෙයක්
මාත් එහෙම පාඩමක් ඉගෙන ගත්තා. සල්ලි අමාරුයි ලැප් එකක් හොයලා දෙන්න කිවුවා කැම්පස් යන ලමයෙක්ට අපේ පවුලෙ කෙනෙක්
මම Used thinkpad එකක් හොයලා දුන්නා. ගනිද්දිම මම ගනිපු තැනට කතා කරලා අරන් දුන්න සතියක් වගේ වැඩ කරලා බලන්න සෙට් වෙන්නෙ නැත්තං ආපහු රිටන් කරන්න පුලුවන් වෙන විදියට. මම සිංහලෙන් කිවුවා මේ used ඒව කැඩෙන්න පුලුවන් කැඩුනොත් ඉතිං මට කරන්න දෙයක් නැහැ ඒක හරියට තේරුම් අරන් ගන්න.
ඒක අවුලක් නැහැ කියලා දිගටම තියා ගත්තා
මාස 8-9ට පස්සෙ වැඩ කරන්නෙ නැතිව ගිහින් මට කතා කරලා කිවුවා
මම මගේ මනුස්ස කමට මම දන්න තැනකට දීලා හදලා දෙන්න හැදුවෙ. දවස ගානෙ මට කතා කරලා හැදුවද හැදුවද අහනවා
අන්තිමට මට කතා කරලා බැන්නා හදන්න බැරි නං ගෙනත් දෙන්න අපි ඕක කුඩු කරලා කැලේට විසි කරනවා කියලා. නිකන් මම සෙල් කරා වගේ. ඒ වගේම මට කිවුවෙ උන් දීපු ගානං ගානක් මම තියාගෙන තමයි මේ කැඩුනු ලැප් එකක් අරන් දුන්නෙ කියලා
මම එවලෙම මගේ අතින් උන් දීපු ගාන දුන්නා.
පස්සෙ රෙදි නැතුව අර ලමය කැම්පස් අයින් වෙලා මට කතා කරලා ඉන්ටර්න්ශිප් හොයලා දෙන්න කියලාත් කිවුවා. ඒ කාලෙ උනත් මට ෆීල්ඩ් එකේ තියන කන්ටැක් වලින් ඕන සාමාන්‍ය ජොබ් එකක්ම හොයලා දෙන්න තිබුනා, ඒක උනුත් දන්නවා
මම එවලෙම සම්පූර්න කතාවා කියලා මම පවුලෙ කාටත් උදවු කරන්නෙ නැහැ අර සීන් එකෙන් පස්සෙ කියලා වැඩේ ක්ලෝස් කරා
දැන් පවුලෙ එවුන් කාටවත් උදවු කරන්නෙ ජොබ් හොයලා දෙන්නෙ මොනවත් නැහැ.