Udari - අනාගතයේදි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවාlu

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Udari - අනාගතයේදි මනෝවිද්‍යාව ඉගෙන ගන්නවාlu

    ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල ආන්දෝලනයට පත් උදාරි චාමිකා අද දිවයින පුවත්පතට සාකච්චාවක් ලබා දී තිබෙනවා.මේ එයින් කොටස් කිහිපයක්



    ඔබේ සහකරුගේ මුණගැසීම පිළිබඳව යමක්‌ සඳහන් කළ හැකිද?
    ඔහු සුජිත් විඡේරත්න. ශල්‍ය වෛද්‍යවරයකු සේම, දක්‌ෂ සැක්‌සෆොන් වාදන ශිල්පියෙක්‌. සිරස සුපර්ස්‌ටාර් තුළින් බිහිවූ ගායන ශිල්පියකු වූ මාධවගේ ගීතයකට පසුබිම් රංගනයන් ඉදිරිපත් කිරීමට ගිය අවස්‌ථාවේදී තමයි මට ඔහුව මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ. එහිදී අප අතර ඇතිවූ මිත්‍රත්වය පසුව ප්‍රේමයට පෙරළී අවසානයේ විවාහය දක්‌වා දුරදිග ගියා. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ එන්.ජී.එච්. රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවය කරනවා.


    ඔබේ අනාගත ඉලක්‌කයන් මොන වගේද?

    "බොඳ මීදුම්" හරහා මගේ රංගන හැකියාවන් උපරිමයට ගෙන එන්නට උත්සහ කරන අතරම මගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගොස්‌ ළමුන් වෙනුවෙන් මනෝ විද්‍යාව හරහා ඔවුනට සමීප වීමට උත්සහ කරනවා. ඒ පිළිබඳ මුල් අදියරේ ඉගෙනුම් නිමාකර අවසන්. මගේ සැමියාද වෛද්‍යවරයකු නිසා මාද ඒ කාර්ය භාරය තේරුම් ගෙන ඇති නිසාත් ඒ හරහා සේවයක්‌ සිදු කරලීමට මේ අංශය තෝරාගත්තා. කලාව පිළිබඳව වැඩි දුරටත් හැදැරීමත්, ඒ ඔස්‌සේ දක්‌ෂ නිළියක වීමත් සැබෑ කරගත යුතු තවත් සිහිනයක්‌.

    ඔබේ විවාහ දිවියේ මීළඟ බලාපොරොත්තුව වූ "පුංචි සිඟිත්තකු" පිළිබඳව ඔබ සිතන්නේ මොන විදිහටද?
    මම ඇත්තටම පුංචි දරුවන්ට හරිම ආදරෙයි. ඔව්. මට තවම වයස 22 යි. තව වසර තුනකින් පමණ ඒ සිහිනයත් සැබෑ කර ගැනුමට අදහස්‌ කරනව. වෙනත් රටක පදිංචියට යැමටත් සැලසුම් කොට තිබෙනවා. ඒත් මගේ රට අමතක කරන්නට අදහස්‌ කරන්නේ නැහැ. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණු විගස මෙහි පැමිණ කලාවට සේවයක්‌ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.


    src:-http://unitedsrilankans.blogspot.com/
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho divainen gaththa nam sourse eka venna one divaina neda
    ara divainen artical eka horakam karapu kabal blog eka sourse eka venne kohomada