Udayanga Weeratunga අත්අඩංගුවට
ජාත්‍යන්තර රතු වරෙන්තු පිට සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඒ, ඔහු ඩුබායි සිටි වෙනත් රටකට ගමන් කිරිමට උත්සහ කළ අවස්ථාවේ දි ඇති බවයි වාර්ත වන්නේ .
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදි සිදුවු මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකිරීමේ චෝදනව සම්බන්ධයෙන් උදයංග වීරතුංගට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.
එ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක් මේ වන විට නිකුත් කර තිබෙනවා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පසුගියදා අධිකරණයට කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින උදයංග වීරතුංගගේ නිවැරදි ලිපිනය සොයා ගැනීමට බැරිවී ඇති බවත් දැනට ඔහු සතුව ඇති විදේශ ගමන් බලපත්‍ර යොදවා ජපානය ඇතුළු රටවල් කිහිපයකට ගමන් කරණ බවයි.
උදයංග වීරතුංගගේ මෙරට බැංකු ගිණුම් 16 ක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්හිටුවීමට තිබෙනවා.
උදයාංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට

මූ වමාරයි අනිත් හොරුන්ගේ නම් ටික ලස්සනට.
ගෝටා හිරේ 2020.