(UFO)පියාඹන_පීරිසි
ග‍්‍රහ ලෝක සහ තරු දැන හඳුනා ගැනීමත් සමඟ පිටසක්වළ සවාරි මෙන් ම, පිටසක්වල සිට පෘථිවියට පැමිණි අමුත්තන් මුණ ගැසුණු අවස්ථා පිළිබඳව කතා බහ පෘථිවිවාසීන් අතර බොහෝ සෙයින් ජනපි‍්‍රය මාතෘකාවක් විය.සඳ මතට ගිය චාරිකාවක් පිළිබඳව ප‍්‍රථම ප‍්‍රබන්ධය නිර්මාණය වී ඇත්තේ කි‍්‍ර. ව. 2000 දී ය. මිනිසා සඳ මතට චාරිකාවේ යෙදුන අවස්ථා විද්‍යා ප‍්‍රබන්ධ මගින් ඉදිරිපත් කළ ද මේ සඳහා ඔව්හු ගෙනහැර දැක්වූයේ ඉතා දුර්වල විද්‍යාත්මක තර්කයන් ය.
පිටසක්වළ චාරිකා පිළිබඳව ප‍්‍රබන්ධ නිර්මාණය කළ ලේඛකයන් අතර එච්. ජී. වේල්ස් කැපී පෙනේ. The First Men on the Moon කෘතිය ඔහු ගේ රචනාවකි. ගුරුත්වාකර්ෂණය උදාසීන කළ හැකි අත්භූතජනක ද්‍රව්‍යයක් පිළිබඳව ඔහු මෙහි දී සාකච්ඡා කරයි. සඳ මත ජීවත්වන බුද්ධිමත් යෝධ කෘමි විශේෂයක් පිළිබඳව ද ඔහු සඳහන් කරයි.
පෘථිවිය මතට ළඟා වන පිටසක්වළ අමුත්තන් පිළිබඳව පුවත් ලොවේ නන්දෙසින් වාර්තා වේ. බොහෝ දෙනා විස්තර කරන ආකාරයට මොවුන් පිටසක්වළ සිට පෘථිවියට පැමිණෙන්නේ පියාඹන පීරිසි නම් යානා විශේෂයෙනි. මේවා සඳහා UFO (unidentified flying objects) යන නාමය භාවිතා කරයි.කෙනීත් අර්නෝල්ඩ් නම් ව්‍යාපාරිකයා පියාඹන පීරිසි 25 ක් පමණ සියැසින් දුටු අයෙකි. ඔහු මෙම අනපේක්ෂිත දර්ශනය දැක ඇත්තේ 1947 ජුනි 24 දින තම ගුවන් යානය පදවාගෙන යන අතරතුරදී ය.
මෙම යානාවල වේගය පැයට කිලෝමීටර් 8000 පමණ වු බව අර්නෝල්ඩ් සඳහන් කරයි.ඇමරිකා එක්සත් ජනපදයේ ජෝර්ජ් ඇඩැම්ස්කි පිටසක්වල යානාවලින් පැමිණි නැවියන් පිළිබඳව වඩාත් ම විශ්මයජනක අත්දැකීම විස්තර කළ අයෙකි. ඔහු සදහන් කළ ආකාරයට පියාඹන පීරිසියකින් පැමිණි පිටසක්වළ මිනිසුන් කණ්ඩායමක් ඔහුව පැහැරගෙන ගොස් ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 1952 නොවැම්බර් 20 වැනි දා ය. ඇඩැම්ස්කි තම අත්දැකීම් විස්්තර කරමින් පොත් 2 ක් ද පළ කර ඇත.
බ‍්‍රසීලයේ ඇන්ටෝනියෝ නම් තරුණ ගොවියා මේ හා සමාන සිද්ධියක් අත්විඳි අයෙකි. පෘථිවිවාසීන් හා සමාන පෙනුමක් ඇති මිනිසුන් පිරිසක් පිටසක්වළ යානයකින් පැමිණ තමාව පිටසක්වළට රැගෙන ගිය බව ඔහු පවසයි. ඇන්ටෝනියෝගෙන් ලේ සාම්පලයක් ද පිටසක්වලවාසීන් ලබා ගත් බව ද ඔහු කියයි. එසේ ම ලේ සාම්පලයක් ලබාගත්තා යයි සඳහන් කළ ස්ථානයේ සීරීම් තුවාල ඇති බවට වෛද්‍ය පරීක්‍ෂණයකදී හෙළි වී ඇත.පියාඹන පීරිසිවල නැඟුණු පිටසක්වළ ජීවින් පෘථිවියට පැමිණෙන බවට පවතින මතයට ප‍්‍රධාන අභියෝගය එල්ල වන්නේ භෞතික විද්‍යාව තුළිණි. වර්තමාන තාරකා විද්‍යාඥයන්ට විශ්වය සිසාරා නිරීක්‍ෂණය කිරීමේ හැකියාව උදා වී ඇත. අප ගේ සෞරග‍්‍රහ මණ්ඩලයට අමතරව වෙනත් තරු වටා පරිභ‍්‍රමණයේ යෙදෙන ග‍්‍රහලෝක ප‍්‍රද්ධති විශාල සංඛ්‍යාවක් තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. පෘථිවිය හැර විශ්වයේ වෙනත් ස්ථානයක මිනිසුන් හා සමාන බුද්ධිමත් හෝ ඔවුන් අභිබවා ගිය බුද්ධියකින් යුත් සත්ත්ව කොට්ඨාසයන් ජීවත් වන බවට පවතින මතය කිසිසේත් බැහැර කළ නොහැකි බව තාරකා විද්‍යාඥයන් පවසයි. එසේම ඔවුන් ගේ තාක්ෂණය අප සතු තාක්‍ෂණය අභිබවා ඉතා දියුණු තත්ත්වයක පැවතිය හැකි ය.
එම දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන ඔවුන් අභ්‍යවකාශ සංචාරයේ යෙදෙනවා ද විය හැකි ය.තාරකා විද්‍යාවේ දී දුර පරාසය මැනීම සඳහා යොදා ගත්තේ ආලෝක වර්ෂය ඹ්ඪඨඩබ කඥචපඵ නම් ඒකකයයි. ආලෝක වර්ෂයක් යනු ආලෝක කිරණයක් වසරක් තුල දී ගමන් කරන දුර පරාසයයි. එක් තත්පරයක් තුළ දී ආලෝකය ගමන් කරන දුර කිලෝමීටර් තුන් ලක්‍ෂයකි. ඒ අනුව වසරක කාලයක දී කිලෝමීටර් මිලියන 9,460,530 දුර ප‍්‍රමාණයන් ගමන් ගනී.ආලෝක වර්ෂ 2 ක් ඈතින් ඇති තරුවක සිට පැමිණෙන ආලෝකය පෘථිවිය මත සිටින නිරීක්‍ෂකයෙකු වෙත ළඟා වීමට වසර මිලියන 2 ක් ගත වේ. එනම් මේ මොහොතේ දී නිරීක්‍ෂකයා ගේ ඇසට පැමිණෙන ආලෝකය ගමන අරඹා ඇත්තේ වසර මිලියන 2 කට පෙරදී ය.ඇල්බට් අයින්ස්ටයින් ගේ් සාපේක්‍ෂතාවාදයට අනුව ස්කන්ධයක් සහිත වස්තුවකට ආලෝකයේ ප‍්‍රවේගය ලබා ගැනීම අපේක්‍ෂා කළ නොහැකි ය. එවැනි වේගයකට ළඟා වුව ද අප ගේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ආසන්න වෙනත් තරුවකට අයත් ග‍්‍රහ ලෝකයක සිට පෘථිවිය වෙත ළගා වීමට ගෙත වන කාලය අපගේ ආයුකාලයට වඩා බෙහෙවින් දිගු වනු ඇත. පෘථිවියේ සිට ආපසුු යාමට ද එපමණ ම කාලයක් වැය වේ.පෘථිවි වාසි අප විශශ්වාසයේ ජීවත් වන හුදකලා ජන වර්ගයක් විය නොහැකි ය .
විශ්වයේ වෙනත් කොතැනක හො මිනිසා හා සමාන නැතහොත් ඔහු අභිබවා ගිය බුද්ධිමත් සත්ව කොට්ඨාසයක් ජීවත් වනු ඇත. කෙසේ වුණ ද විශ්වයේ සිටින එවන් සත්ව කොට්ඨාසෙයක් අපට මුණගැසීම ඇති හැකියාව ඉතා විරල බව බැහැර කළ නොහැකි සත්‍යයකි.
තිලක් රණසිංහ