ඛේදවාචකයකින් අවසන් වුන UK සිහිනය.
ලංකාවේ සිට ලස්සන ජීවිතයක් ගතකිරීමේ බලාපොරොත්තුවෙන් එංගලන්තයට පැමිනි නිරෝධා කල්පනී නිවුන්හැල්ල අපි සැමගේම නෙතට කදුලක් දෙමින් අගෝස්තු මස 22 දින සිය ජීවිතයන් සමුගත්තා. ඇය පදිංචි වී සිටියේ South Wales හි Riverside ප්‍රදේශයෙයි. ඇය මියයන විට වයස අවුරුදු 32ක පසුවුනා.
වාර්තා වලට අනුව එදින උදැසන 7.30 පමන පොලිසිය පැමිනෙන විටත් නිරෝධා දරුණු ලෙස තුවාල ලබා ජීවිතයෙන් සමුගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් South Wales හි Pentwyn ප්‍රදේශයේ පදිංචි වයස 37ක් වන තිසර වේරගලගේ අත්අඩංගුවට ගෙන ඇත. මේ පවුල් ආරවුලකට සම්බන්ධ සිදුවීමක් ලෙසිනුයි දැනට වාර්තා වෙන්නේ.
ඉතා කණගාටුවට පත් නිරෝධාගේ පවුලේ අය විස්තර කළේ "ආදරණීය දියණියක්, පවුලේ සාමාජිකාවක් සහ බොහෝ දෙනෙකුට ආදරණීය මිතුරියක්, ඇය සදහටම ආදරයෙන් සහ කෘතඥතාවයෙන් සිහිපත් කරනු ඇත" ලෙසයි.
නැවත සංසාරයේ කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදුනොවෙන්න නිරෝධාට අපි නිවන් සුව ප්‍රර්ථනා කරමු
A 37-year-old Thisara Weragalage of Pentwyn was arrested on Seawall Road, in Splott, and was later charged with murder after a woman was found dead in a Cardiff street.
South Wales Police were called to South Morgan Place in Riverside at 07:37 BST on Thursday to reports of a seriously injured woman.
Niwunhellage Dona Nirodha Kalapni Niwunhella, 32, who was known as Nirodha, died at the scene.
Police said he was known to Nirodha and remained in custody ahead of his scheduled appearance at Cardiff Magistrates' Court on Saturday.
