එක්සත් ජාතීන්ට එරෙහි විකල්ප බලයක අවශ්‍යතාව පිලිපීනය මතු කර තිබෙනවා.
පිලිපීන ජණාධිපති රුද්‍රිගෝ රුතෙරෙත් පෙන්වාදෙන්නේ චීනය සහ අප්‍රිකානු ජාතීන් එක්ව විකල්ප බලයක් ගොඩනැගිය යුතු බවයි.
වර්ථමානයේ එක්සත් ජාතීන් ත්‍රස්තවාදය මර්ධනයට අපොහොසත්ව ඇති බව ඔහුගේ මතයයි.
කෙසේ වෙතත් පිලිපීන ජනාධිපතිවරයා මෙවැනි විලක්ප බලයක අවශ්‍යතාව මතු කිරීමට මූලික හේතුව වූයේ, එක්සත් ජාතීන් විසින් මොහු මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙකු ලෙස නම් කර චෝදනා කිරීමයි.
පිලිපීන වත්මන් ජනාධිපති රුද්‍රිගෝ පසුගිය මැයි මාසයේදී බලයට පත් වූ අතර, ඉන් පසු මේ වන තෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයින් 900 ට අධීක පිරිසකට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ එය බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
පිලිපීන නව ජනාධිපතිවරයා මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවට එක්සත් ජාතීන් චෝදනා කරනවා.
කෙසේ වෙතත් , පිලිපීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය හෝ අප්‍රිකානු රටවක් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
යම් හෙයකින් , චීනය හෝ අප්‍රිකානු රටවල් මේ පිළිබදව අවධානය යොමු කල හොත් එය ජාත්‍යන්තරයේ දැවැන්ත ආන්දෝලනයක් ඇති කරනු ඇති.
මන්ද , අමෙරිකාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ බලය අභිබවා යාමේ පිපාසය චීනය, රුසියාව සහ අප්‍රිකානු රාජ්‍යයන් සතුවද ඇති බැවිනි.
ඊට මූලික හේතුව වී ඇත්තේ එක්සත් ජාතීන් යන නාමයට මුවා වී ඉහත සදහන් රාජ්‍යයන් දිගින් දිගටම සිය න්‍යාය පත්‍රවලට අනුව ලොව පාලනය කිරීමට උත්සාහ කිරීමේ තත්ත්වයයි.
විශේෂයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම , රුසියාව සහ චීනය තමන් සතු නිෂේධ බලය , එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී උපයෝගී කර ගැනීමද දැක්විය හැක.
නමුත් කවුරුන් කෙසේ ලෝකයේ බලය ඇල්ලුවද , සර්ව සාධාරණයක් ඇති කරණු ඇතැයි කවර නම් බලාපොරොත්තුවක්ද ?
උපුටා ගත්තේ - positive media