undefined සීතාම්බර -මහේෂ් මුණසිංහ [සීතාම්බර සළු ඇන&a

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
undefined සීතාම්බර -මහේෂ් මුණසිංහ [සීතාම්බර සළු ඇන&a






සීතාම්බර


නො අසා ඉන්න
යුද බිමෙහි වෙඩි වැදී
පුතුන් මිය ගිය ගණන
වන්දි අරගෙන ඔන්න ඔහෙ ඉන්න
අපහසුවේවි
සේනාධිපතීන් ට

ද්‍රෝහීන් යැයි කීවා ද
මහත්වරුනි ඔබටත් කීර්තිමත් !
නෑසුනා මෙන් ඉන්න
එපා නඩු පවරන්න
කරදරවේවි
පරිපාලකයින් ට

බිංදු නවයක් ම බිලියනයක අගට !
යුද වියදම් අධිකයි තමයි
වැය වුනේ කොහොමද ?
ඒත් ප‍්‍රශ්න නොකරන්න
දුක හිතෙයි
ඉහල නිලධාරීන් ට

මුදාගත් ජීවිත
තාම කඳවුරුවල හිර කරගෙන
මුදාගන්නට
තව කවුරුවත් එන්න ඕනැද
සද්ද කරන්න එපා
බරපතලයි ඔය වගෙ ප‍්‍රශ්ණ
සසල වේවි බියෙන්
සංවේදී පාර්ලිමේන්තුව

එපා විමසන්න
මළ මිනී ගැන
තැන තැන හම්බවෙන
පැහැර ගන්නව තමයි ඉඳහිට
නොදන්නන ව වගෙ ඉන්න
බිඳේවි නරපති ඇමති කිත්
දිනෙන් දින වැඩි වෙන

බඩගිනිද ? පොඞ්ඩක් ඉවසන්න
පොදුයි මුළු ලෝකෙටම
විරැුකියාව මේ දවස්වල
හඬ නූස්සා ගෙවල් ඇතුලෙ ම ඉන්න
ලැජ්ජා හිතේවි
සබකෝල ආණ්ඩුවට

නිහඬව ම ඉන්න
නොපෙනුනා සේ ඉන්න
නෑසුන කණින් ඉන්න.
සීතාම්බර සළු ඇන්ද
රජුන් නිරුවත් කෙරුව
පුංචි ළමයෙක්
නොදන්වා හෙට ඇවිත්
ඇහැරවන තෙක් ඉන්න.


මහේෂ් මුණසිංහ
2009 08