UNP eke aya nam cocaine use karanne naha - ගොන්ජා
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අයගේ නම් ලැයිස්තුවේ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ද සිටින බව පසුගිය දිනවල පැවසූ රංජන් රාමනායක මහතා,එලෙස කොකේන් භාවිත කරන්නන් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී අද(27) පිළිගත් බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය.
කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ සිව්පුද්ගල කමිටු වාර්තාව ද එහිදී කෘත්‍යධිකාරී මණ්ඩලය භාරදෙනු ලැබීය.
කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේ, පක්ෂය ගැන තමා සතුටු වන බවත්, අගමැතිවරයා දිර්ඝ කතාවක් කිරීමට අවස්ථාව ලබා දුන් බවයි.
තමාට අවශ්‍ය වුණේ මේ පිළිබඳ රටට හෙළි කිරීමට බවත්, පක්ෂයක් ලෙස සාමුහික හැඟීම හිතේ තබා ගෙන වැඩ කටයුතු කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා තමාට පැවසු බවත් රංජන් රාමනායක මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් අකිල විරාජ් කාර්යවසම් මහතා එසේ පැවසුවද රංජන් රාමනායක මහතා අපකළ විමසුමකදී සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ හතර පස්දෙනෙකු කොකේන් භාවිතා කරන බවට තමන් මුලින් කළ ප්‍රකාශයේ කිසිදු වෙනසක් නොමැති බවයි.
කොකේන් භාවිතා කරන අය එජාපෙ නෑ-රංජන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී පිළිගනී