Update : A/L වලට O/L ගණිතය අනිවාර්ය නෑ

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Update : A/L වලට O/L ගණිතය අනිවාර්ය නෑ

    1424968750_5175078_hirunews_exam.jpg


    අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නම් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අනිවාර්යයෙන්ම සමත් විය යුතු බවට තමා ගෙන ආ නීතිය යළිත් මීට පෙර තිබූ ක‍්‍රමවේදයට ගෙන ඒමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පසුගිය රජය මෙම විභාගය සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර, සිසුන් පත්වන අපහසුතා සැලකිල්ලට ගනිමින් තමන්ද එම ක‍්‍රමවේදය නැවත කි‍්‍රයාත්මක කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    පසුගිය ජනවාරි 26 වැනිදා අපොස උසස් පෙළ හැදැරීම සඳහා ගණිතය විෂය සමත්වීම මින් ඉදිරියට අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප‍්‍රකාශ කළ අතර, ඒ අනුව පසුගිය රජයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක‍්‍රලේඛය මේ අනුව අහෝසි වුණා. සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් සිසුන්ට උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදුකෙරෙන වසර දෙක ඇතුළත එම විෂය සමත්වීමට ඉකුත් රජය යටතේ අවස්ථා දෙකක් ලබාදී තිබුණා.



    Link


    මේක ඇත්තද මචන් :confused:
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හොද දෙයක් ,ගණන් වගේම විද්‍යාවත් අයින් කරන්න ,අනිවාර්ය විෂයන් ගෙන් ,
    හැබැයි කොල්ලනේ ගණන් ගොඩ දගිනිව් ,ගණන් නැති උනොත් පස්සට කරදරයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕක අනිවාර්යය නැති කල්ල 11 ගණං වලයි 12 ගණං වලයි අතරෙ තියෙන ලොකු ගැප් එක අඩු කරන්න ඕනෙ :yes:
    ඕලෙවල් වලටත් ඒලෙවල් ගනං වල තියෙන තියරි කොටස් ටික ටික ඇඩ් කරන්න ඕනෙ බහුබූත ඉලක්කම් සුළු කිරීම් ටික අයිං කල්ල..
    වරදින්නැතුව ඉලක්කම් ටික කපල එකතුකල්ල අඩු කල්ල වැඩි කල්ල බෙදල ගන්න එකටද ගණං කියන්නෙ..
    ඒකන නේන්නං බොල කැල්කියුලේටර් කියල ජාතියක් හදල තියෙන්නෙ..
    ඉලක්කම් නැතිම කල්ල තනිකරම අකුරු වලිං ගනං දෙන්න ඕනෙ :yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මටත් ඕක දැනගන්න ඕන බන්.
    ගණන් ෆේල් කෙනෙක්ට උ.පේ කරන්න පුලුවන්ද බැරිද දැන්?