UPUTA GANNA LADI

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    සිකුරු දසාවයි ලබා තිබෙන්නේ මුහුණේ හසරැළි මතුවෙනවා
    වයස හොදා දැන් අතගා බැලුවම රැව්ලත් එක දෙක අහුවෙනවා
    උදේම නෑවා හිසත් තෙතයි තව ජෙල් ගා ඉහළට පීරනවා
    1.30 ට තව ටිකයි තියෙන්නේ හිත තුළ මොනවද නළියනවා

    පාසල පෙර මග බස් නැවතුම ළග බසයක් එන තුරු නවතින්නම්
    මහ ලොකු වැඩකට යන්නට වාගේ පාර බලාගෙන හිටගන්නම්
    සිගරැට් කූරක් තොල අග රදවා නලුවෙක් වාගේ රගදෙන්නම්
    දෙනුවන් සනහන දසුනක් එනු ඇත එතකල් හොරගල් අහුලන්නම්

    අන්න අන්න හරි බෙල් එක ගැහුවා කර උස්සාගෙන හිදිමි කෙළින්
    මොනවද මෙතරම් කෑ කෝ ගසමින් තව පහුවෙන්නේ ‍ මේ ළමයින්
    ඔන්න ඔන්න දැන් රංචුව එනවා හංස දෙනුන් සේ හිනාවෙමින්
    මෙන්න මෙන්න මගෙ දෙකකුල් වෙව්ලයි පපුවත් ගැහෙනව ගිඩි ගිඩියෙන්

    පිරිමි දිරිය ගෙන ඉන්නට ඕනෑ කිසිවෙකු නොතකා එයයි අගේ
    වෙලාව බල බල එහෙ මෙහෙ ඇවිදිමි යන්න හදිස්සිය තියනු වගේ
    මේ හැම කෙල්ලම ඉවත බලාගෙන දැන් නම් තරහත් හිතට දැනේ
    පිං ඇති දෙවියනි එපා එවන්නට බස් එක මේ දුක බලනු මැනේ

    ලංගම කබලක් පිඹගෙන ආවා තිරිංග පාරට නවතින්නා
    කෙල්ලන් ඔක්කොම දනි පනි ගාලා බස් එක ඇතුලට ගොඩවෙන්නා
    මං මොන එහෙකට දැන් බිම ඉන්නද ඉක්මන් කරලා ගොඩවෙන්නා
    මගේ ‍වෙලාවට පස්සේ අසුනක් කිසිවෙකු නැත හිස් වී තිබුණා

    දෙකට නැමීගෙන අස්සෙන් රිංගා එතැනට ගොස් එහි ඉදගත්තේ
    තව එක්කෙනෙකුට මෙහි ඉදගන්නට ඕනෑ නම් එනු ඉඩ ඇත්තේ
    ඒ හැම එකෙක්ම මා දෙස බලමින් ඉදගන්නට එන්නේ නැත්තේ
    මං නං ආසයි ඔහෙලා බය ඇති ඒකට මොනවද කළ යුත්තේ

    ආන්න අරයා මා දෙස බලලා ළග අය හට මොනවද කීවා
    දැන් ඒ ඔක්කොම මා දෙස හැරිලා විළියෙන් ඇඹරී හිනැහෙනවා
    මගෙ අත හනිකට මටවත් නොදැනිම කොණ්ඩේ රැළි ටික සකසනවා
    ඇස් අඩවන් කර හීන් හිනාවෙන් මාත් ඔන්න පිළිතුරු දෙනවා

    බස් එක යනවා උඩ විසිවෙනවා බැල්මක් ‍‍දෙනවා හෙමින් සැරේ
    කණ ළං කරවා රහසක් කියවා කොක් හඩ දෙනවා හෙමින් සැරේ
    කල හොද වෙනවා මෙය හරියනවා හෙටත් තියනවා සතුට පිරේ
    බසය නවත්වා ඔවුන් බහිනවා මා වෙත එනවා මොකද හොරේ

    වැඩියෙන් ඉගි කළ ඒ හැඩ ළමයා කවුළුව වෙත හනිකට එන්නේ
    අයියේ තමුසෙගෙ කලිසම ඉවරයි කියමින් ඈතට දිව යන්නේ
    ඉක්මන් කරලා කළිසම බැලුවා අයියෝ කොහොමද ඉවසන්නේ
    අසුන පුරා ගිය වමනෙ ගොඩක් උඩ මෙතුවක් මා සුව සේ උන්නේ


    UPUTA GATHTHE MAIL 1KIN
     
    • Like
    Reactions: c2r and chk99