මේක සිද්ධ උනේ මගේ ලගම කෙනක්ට.ඒ පුද්ගලයාට ride එක දැම්මේ මම මගේ දුරකථනයෙන්.ඒ පුද්ගලයා හිටියේ මම ඉන්න නගරයේ නොවෙයි. ඔහු මට ඇමතුමක් ලබා දී කිව්වේ ඔහු ඉන්න තැනට ඔහුට pickme එකක් දාලා දෙන්න කියන එකයි. මොකද ඔහුට එය කරගන්න තරම් තාක්ෂණික දැනුම නැති නිසා.
ඒ කතාව හැමෝටම වැදගත් නිසා මේ විදියට දානවා.
"ඔහු pickme එකක town එකේ ඉදන් ගෙදරට ආවා.Pickme ride එක ඉවරවෙන තැනට ආවට පස්සේ රියදුරාගේ දුරකථනයේ රැපියල් 1266 ක මුදලක් පෙන්නුවා. නමුත් trip එක end උනා කියලා මගේ දුරකථනයේ පෙන්නුවේ නෑ. ඒක එච්චර හිතන් නැතුව ගාන දීලා යැව්වා.
මුලදී පෙන්නුවේ ගමනට මුදල රු. 850ක් යනවා කියලා. නමුත් මේ තරම් වැඩිවෙන්න විදියක් නෑ ගමන අවසානයේ. කොහොමහරි විනාඩි 15 කට පස්සේ trip එක end වෙලා email එක ආවා. ඒකේ අවසාන ගාණ විදියට සදහන් වෙලා තිබුනේ රුපියල් 928 ක්. ඒ වගේ ගාණක් වැටෙන එක සාධාරණයි මොකද පටන් ගද්දී පෙන්නනවට වඩා පොඩි ගාණක් වැඩිවෙන එක වෙලාවකට වෙනවා අපි ගමන් කරන දුර ,කාලය සහ traffic එක්ක.
ඒත් 1266 ක් පෙන්නුවේ කොහොමද driver ගේ phone එකේ??
මේක තමා කපටිකම කරන විධිය.
Driver කරන්නේ පරණ, රුපියල් 1266 ක ගමනක මුදල සදහන් වුන එකක screenshot එකක් ගහගන ඉන්නවා. ඊලගට trip එක අවසානයේ පෙන්වන්නේ ඒ screenshot එක. Driver trip එක end කරන්නේ නැත්තේ ඒකයි. මොකද end කරොත් අපිට එනවනේ app එකටයි email එකටයි අවසාන මිල.ඉතින් මනුස්සයා කරන්නේ screenshot එක පෙන්නලා වැඩියෙන් ගාණ අරගන ටික වෙලාවකින් ඈතට ගිහින් trip එක end කරනවා.
මිනිස්සු හම්බකරගන්න කරන කපටි වැඩ. මේක මම හිටියනම් රියදුරුගෙන් ප්ශ්න කරනවා. නමුත් මේ අවස්ථාවේ passenger ගේ දුර්වලතාවයෙන් රියදුරු ප්රයෝඡනය අරගන තියනවා.
Pickme ආයතනයට මේ ගැන complain එකක් ඒ වෙලාවෙම app එක හරහා දැම්මා. ඔවුන් පහුවදාම කෝල් කරලා ඒ වැඩියෙන් ගත්ත මුදල pick me points විදියට නැවත මට ලබාදුන්නා සහ driver ට නිසි පියවර ගන්න බව දැන්වූවා.ඒ වගේම ඔවුනුත් තහවුරු කලා මේ රියදුරු screenshot එකක් පෙන්වා රවටා ඇති බව. එම ඉක්මන් ප්‍රතිචාරය සහ සාධාරණ බව පිලිබදව pickme ආයතනය ගැන සතුටුයි. "
මේ ක්‍රමය තව pickme වගේ සේවා වල ඉන්න සමහර හොර රියදුරන් භාවිත කරනවා ඇති. ඒ නිසා මතක ඇතුව තමන්ගේ phone එකට අවසාන මුදල එන තෙක් ගෙවන්න යන්නේ එපා. ගොඩක් මේවට අහුවෙන්න වැඩිය තාක්ෂණය ගැන නොදත් වැඩිහිටි අය. තරුණයන් නොවේ.එමෙන්ම කාන්තාවන්ව රැවටීමට වැඩි ප්‍රවනතාවයක් තියනවා.
තව මොවුන් කරන දෙයක් තමා ඉතා හෙමින් ගමන් කිරීම. එමගින් ඔවුනට ලැබෙන මිල වැඩි වෙනවා කියලා හිතලා. ඒ නිසා ඉතා හෙමින් අසාමාන්‍ය ලෙස යනවනම් කෙලින්ම ඔවුන්ගෙන් අහන්න හෙමින් යන්නේ ගාණ වැඩිවෙන නිසා ද කියලා. එවිට ඔවුන් එක්කෝ සාමාන්‍ය ලෙස ගමන් කරනවා නැත්නම් පහදලා දෙයි මොනවහරි දෙයක්.
මම බස් එකක යනවනම් කොන්දොස්තර මහතාට සල්ලි ගන්න අමතක උනත්,ඔහුට මතක් කර සල්ලි දෙන කෙනෙක්. ඒවා අපේ යුතුකම්. ඒ වගේම pickme රියදුරන්ටත් මම වැඩියෙන් සල්ලි දීලා බහිනව ඕන තරම්. මොකද ඔවුන් අවංකව හොදින් සේවය දුන් නිසා. නමුත් මෙවන් පහත් ක්‍රියා මා ඉවසන අයෙක් නොවේ.
මෙය ශෙයා කරන්න. එය වටිනා දෙයක් වෙයි.
ඔයාල දන්න මේ වගේ දේවල් තියනවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.
copied