upwork වැඩ කරන්න ගිහින් ලක්ෂ 24ක් අහිමිකරගත් කළු මිට්ටෙක් උසාවි යයි

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    අනිවා ඌ හම්බු කරපු සල්ලි නෙමෙයි
    මෝඩයෙක්ට පුලුවන් තියෙන සල්ලි නාස්ති කරගන්න විතරයි
     
    • Like
    Reactions: Inigo Montoya

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ශුවර් එකටම පොහොට්ටුවට චන්දෙ දුන්න එකෙක්
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,399
    41,448
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    11/22/2024 02:23:00 PM


    upwork-sri-lankan-court


    අන්තර්ජාලයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර ෆ්‍රීලාන්ස් වෙබ් අඩවියක් වන upwork හරහා භාෂා පරිවර්තන කටයුත්තක් භාරගත් තරුනයෙකු සියුම් ලෙස වංචාවකට හසුවී ලක්ෂ 24 ක් අහිමිකරගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ උසාවියකට පැමිණිලි කළ සිදුවීමක් වාර්තාවේ.


    භාෂා පරිවර්තන කාර්යයයක් වෙනුවෙන් දිය යුතු මුදලක් දීමට එක්සත් ජනපදයේ බැංකු ගිණුමක් විවෘත කිරීමට යැයි පවසා මෙකී තරුණයාගෙන් රුපියල් ලක්ෂ 24ක මුදලක් ගිණුම් 7ක වංචා සහගතව තැන්පත් කරගත් අයට එරෙහිව පැමිණිල්ල ගොනු කෙරිණි
    මෙම අන්තර්ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21) දැනුම් දුන්නේය.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ රජ මහා විහාර පාර, පිටකෝට්ටේ පදිංචි දිනිඳු මදුකාන්ත යන අය විසින් ඉකුත් නොවැම්බර් 5 වැනිදාය.


    upworkpro.net වෙබ් අඩවියේ Jeff Gabi යන නමින් පුද්ගලයකු විසින් පළ කර තිබූ භාෂා පරිවර්තන රැකියා තනතුරට අයදුම් කර ඇති පැමිණිලිකරු ඔවුන් දුන් පණිවිඩවලට අනුව ලිපි 21ක් පරිවර්තනය කර ඇති බවත්, ඒ සඳහා අමෙරිකානු ඩොලර් 12,730ක මුදලක් තමාට දිය යුතුව තිබූ බවත් සඳහන් කරමින් සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ වැටුප ගෙවීම සඳහා එක්සත් ජනපදයේ බැංකු ගිණුමක් විවෘත කිරීමට හා එම ජනපදයට ගෙවිය යුතු බදු මුදල් මඟහැරීමේ ක්‍රමවේදයට ගිණුම සැකසීම සඳහායැයි පවසමින්

    අවස්ථා ගණනාවකදී ගිණුම් 7ක රුපියල් 2,459,714ක මුදලක් පැමිණිලිකරු විසින් අදාළ වෙබ් අඩවි හිමිකරුට ගිණුම්ගත කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
    ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
    (කල්පනී අබේසිංහ)
    Muslim ekeknam honda wede :P
     
    • Like
    Reactions: Cenon and thomian