USA සෞදියට-බය_ඇයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    සෞදියට එරෙහිව​ සම්බාධක පැනවුවහොත් තෙල් බැරලයක් ඩොලර් 200කට


    සෞදි අරාබි මාධ්‍යවේදී ජමාල් කෂොජ්ජි තුර්කියේ ඉස්තාන්බුල් හි සෞදි කොන්සල් කාර්යාල භූමියේ දී මරණයට පත්වීමේ සිද්ධියත් සමග සෞදි අරාබියට එරෙහිව ඇමෙරිකාව බරපතල ක්‍රියාමාර්ගයක් ගත යුතුයැ යි ඉල්ලීම් රැසක් ගලා එනවා.

    මේ පිළිබඳ ඇමෙරිකානු රජය විසින්, විශේෂයෙන් ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, කරනු ලබන ප්‍රකාශයන් අනුව පෙනී යන්නේ සෞදි අරාබියට එරෙහිව විශේෂ ක්‍රියාමාර්ගයක් ඇමෙරිකාව විසින් නොගනු ඇති බව යි.

    නමුත් යම් හෙයකින් ඇමෙරිකාව බරපතල ක්‍රියාමාර්ගයක් ගතහොත් සෞදි අරාබිය ද ඊට ප්‍රතික්‍රියා දැක්වීමට සූදානම් බව එරට අල්-අරබියා මාධ්‍ය ආයතනයේ සාමාන්‍යාධිකාරී තුර්කි අල්දකීල් සඳහන් කරනවා.

    ඔහු සඳහන් කරන්නේ බොර තෙල් බැරලයක අගය ඩොලර් 200ක් තරම් ඉහළ අගයක් දක්වා වුව ද වැඩි කිරීමට සෞදි අරාබියට හැකියාව තිබෙන බව යි.

    CxoHsuBCEiLto1EB_1.jpg


    තුර්කි අල්දකීල් (broadcastprome.com)

    කෂොජ්ජි සිද්ධිය​

    ජමාල් කෂොජ්ජි මෑතක් වන තුරු සෞදි රජ පවුලෙහි ඇතැමුන්ට සමීප ව කටයුතු කළ අයෙකු වුණා. සෞදි අරාබියේ අල්-වටාන් පුවත්පතේ කර්තෘ ලෙස කලක් කටයුතු කළ ඔහු, තුර්කි අල්-ෆයිසාල් කුමරු සෞදි බුද්ධි අංශ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයෙහි ඔහුගේ මාධ්‍ය උපදේශකයා වුණා.

    නමුත් 2017 සිට ඔහු සෞදි අරාබියෙන් පිටත ජීවත් වූ අතර මොහොමඩ් බින් සල්මාන් කුමාරයා බරපතල ලෙස විවේචනය කළ අයෙකු වුණා. බින් සල්මාන් බොහෝ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන කුමාරයෙකු ලෙස ප්‍රකට වුව ද, ඒ සමග ම ඔහු සෞදි අරාබියේ අභ්‍යන්තරයේ විරුද්ධවාදීන් දරුණු ලෙස මැඩ පවත්වනු ලබන බවට චෝදනා පළ වෙමින් තිබුණා.

    ඔක්තෝම්බර් 2 වන දා කෂොජ්ජි තුර්කියේ ඉස්තාන්බුල් හි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළ් වූයේ ඔහුගේ විවාහයට අවශ්‍ය ලිපි ලේඛන සම්පූර්ණ කරගැනීමට යි. එහි ඇතුළ් වූ ඔහු යළි පිට ව ගිය බවට සාක්ෂියක් වූයේ නැහැ. තුර්කි බලධාරීන් පවසන්නේ කෂොජ්ජි කොන්සල් කාර්යාල භූමියට ඇතුළ් වූ අවස්ථාවේ ම ඔහුට පහර දී අල්ලාගෙන වධ දී මරා දමන ලද බවට සාක්ෂි ලැබී ඇති බව යි. සෞදි අරාබිය සති දෙකක් පමණ ගතවීමෙන් පසු ව කෂොජ්ජි කොන්සල් කාර්යාලය තුළ දී වූ ගැටුමකින් මියගිය බව සඳහන් කළා. නමුත් එය ඝාතක කල්ලියක් විසින් සැලසුම් කර සිදුවූවක් නොවන බව යි ඔවුන් පවසන්නේ. මේ අතර මොහොමඩ් බින් සල්මාන් කුමරු එය සිදුවීමට පෙර ඒ බව නොදැන සිටි බවත් සෞදි අරාබිය කියා සිටිනවා. නමුත් තුර්කිය මෙම කරුණු දැක්වීම පිළිගන්නේ නැහැ.

    සෞදියට විරෝධය​

    මෙම තත්ත්වය යටතේ සෞදි අරාබියට විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල වනවා. විශේෂයෙන් නොබෝ දිනකින් එහි පැවැත්වීමට නියමිත ආයෝජන සමුළුව වර්ජනය කරන බව දේශපාලන නායකයන්, මූල්‍ය ආයතන ප්‍රධානීන්, සමාගම් ප්‍රධානීන්, සහ මාධ්‍ය ආයතන ද සමහරක් ප්‍රකාශ කොට තිබෙනවා.

    මේ අතර ඇමෙරිකාව විසින් මෙම සිද්ධියට සම්බන්ධ සෞදි අරාබි බලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවිය යුතුයැ යි යෝජනාවක් ඉදිරිපත් ව තිබෙනවා. නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අදහසට ප්‍රතිචාර දක්වා නැහැ. වරක් ඔහු සඳහන් කළේ කෂොජ්ජි අතුරුදන්වීම බින් සල්මාන් කුමරු නොදැනුවත් ව සිදුකරන්නට ඇති බව යි. නමුත් මෙවැන්නක් සිදුවීමේ ඉඩක් නොමැති බව සෞදි අරාබිය පිළිබඳ දන්නා ඕනෑම අයෙකුට වැටහෙන කරුණක්.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාව සහ සෞදි අරාබිය අතර වන සබඳතා එකවර අහිමි කරගැනීමට සූදානම් නැහැ. ඔහු වරක සඳහන් කළේ තම රටට ඩොලර් බිලියන 110ක් ලබාදෙන රටක් සමග සබඳතා නැති කරගැනීම ඔහුගේ කැමැත්ත නොවන බව යි. ඔහු ඒ සඳහන් කළේ මීළඟ දශකයක පමණ කාලය තුළ ඇමෙරිකාවෙන් සෞදි අරාබිය මිලට ගැනීමට නියමිත ආයුධවල වටිනාකම යි.

    මේ අතර ඉරානය සමග ඇමෙරිකාවට ඇති එදිරිවාදිකම හේතුවෙන් සෞදි අරාබිය කලාපීය ව ඇමෙරිකාවට ඉතා වැදගත් රටක් වනවා. එමෙන්ම ඉරානයට ලබන මස මුල සිට පැනවීමට නියමිත නව​ සම්බාධක හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ තෙල් අලෙවි කළ නොහැකි තත්ත්වයක් උදා වීමෙන්, තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ඇති අතර එවිට එම මිල වැඩිවීම පාලනය කිරීම සඳහා සෞදියේ සහාය ද ඇමෙරිකාව බලාපොරොත්තු වනවා.

    cZTGlaJhlultIDwH_MBS-and-Trump---Getty-Images.jpg

    සෞදි අරාබියේ ශක්තිය​

    සෞදි රජයට සමීප අල් අරබියා හි සාමාන්‍යාධිකාරී තුර්කි අල්දකීල් සඳහන් කරන පරිදි යම් හෙයකින් සෞදි අරාබියට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවන්නේ නම් එහි ප්‍රතිඵල දරුණු විය හැකියි. සෞදිය ඉරානය සමග මෙන්ම හිස්බුල්ලා සහ හමාස් වැනි සංවිධාන සමග ද මිත්‍රත්වය ස්ථාපිත කරගත හැකි බවත් ඇමෙරිකාවෙන් යුධ ආයුධ මිලට ගැනීම නවතා දැමෙනු ඇති බවත් ඔහු කියා සිටිනවා.

    මේ අතර තෙල් මිල ඉහළ නැංවීම සඳහා සෞදි අරාබිය කටයුතු කරන බව යි අල්දකීල් පවසා සිටින්නේ. එවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ක් හෝ ඇතැම් විට 200ක් පවා විය හැකි බව ඔහු කියා සිටිනවා.

    මීට අමතර ව සෞදි අරාබිය තෙල් ගනුදෙනු සඳහා ඩොලර් වෙනුවට චීන යුවාන් භාවිතා කිරීම ඇරඹීමේ ඉඩක් ඇති බවත් අල්දකීල් කියා සිටිනවා.

    ඔහු සඳහන් කරන්නේ ඇමෙරිකාවෙන් අවි මිලට ගනු වෙනුවට සෞදි අරාබිය චීනය සහ රුසියාව වෙත හැරෙනු ඇති බව යි. එමෙන්ම රුසියාවට සෞදි අරාබිය තුළ හමුදා කඳවුරක් ඉදිකිරීමේ අවස්ථාව ලබාදීම පිළිබඳ ව ද සලකා බැලෙනු ඇති.

    සෞදි අරාබිය සමග රුසියාව සහ චීනය කලක් තිස්සේ මිත්‍රත්වය වර්ධනය කරගනිමින් සිටින අතර එම හේතුව නිසා අවශ්‍යතාවයක් මතු වුවහොත් ඒ රටවල් දෙක වෙත යොමුවීමේ විශාල ඉඩක් තිබෙනවා. නමුත් ඊශ්‍රායලය සමග ගැටුම් ඇති කරගැනීමේ නොකැමැත්ත මත සහ සුන්නි - ෂියා මතගැටුම හේතුවෙන් ඉරානය සමග සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ නම් සෞදි අරාබිය බෙහෙවින් සිතා බලා තීරණයක් ගනු ඇති.

    කෙසේ වෙතත් මේ සියල්ල සිදුවීම සඳහා ඇමෙරිකාව සෞදියට එරෙහිව සම්බාධක පැනවිය යුතු යි. එවැන්නක් සිදුවනු ඇති බවක් දිස් වන්නේ නැහැ. මේ අනුව කෂොජ්ජි සිද්ධියත් කලක් ගතවෙද්දී අමතක ව යන තවත් එක් සිද්ධියක් බවට පත් වීමේ විශාල ඉඩක් තිබෙනවා.

    source:ROAR
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ai ban. roar eka muslimda?

    :shocked:roar hamba site ekakda?e unata niyameta karanwa ne.article ehemath supiri.issara thibba aniva kiyala site ekak.dan eka naha.ekath niyamai.


    Oka ape rate witharak newe. India pak bangladesh thiyenawa. Meka mulu lokema karagena yanna hadapu hamba concept ekak. Sinhala lang eka karanne sinhala staff ekak dammala thamai, eth loku putu wala hambayo