usain bolt

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    10905-usain-showed-me-his-lightning-bolt-i-couldnt-resist-brazilian-20-tells-how-sprinter-smuggled-her-into-olympic-village-for-night-passion526387199.jpg



    මට ආයේ මීට් වුණාම නම්බර් එක දෙන්නම් කීවා,
    මට ඉංග්‍රීසි බැරි නිසා කතා කළේ Google Translate එකෙන්,
    ඔහු ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයා වුනත්
    ඇඳේදිනම් එහෙම නෙවෙයි''

    උසෙන් බෝල්ට් කියන ඒ අසහාය ක්‍රීඩකයා ගැන අලුතින් කියන්න දෙයක් නෑ. මොකද ඔහු තමයි ලෝකේ මේ වෙද්දි ඉන්න සුපිරිම ධාවකයා. රියෝ ඔලිම්පික් උළෙලදි රන් පදක්කම් ගත්ත වගේම තරුණියක් එක්ක එකට ඉන්න ෆොටෝ එළියට ඇවිත් ඔහුට කතා ගොඩක් හැදුණා.

    ඒත් මේ තරුණිය කවුද ? එදා මොකද වුණේ කියලා ලෝකෙම හොයන්න ගත්තා. ඒ අතරේ මේ වෙනකොට එදා බෝල්ට් එක්ක හිටපු තරුණිය ලෝකප්‍රසිද්ධ වෙබ් අඩවියකට සිදුවීම ගැන කියලා තියෙනවා. ඒ ගැන ඔවුන් වාර්තාකරලා තිබුණේ මේ විදියට.

    වයස අවුරුදු 20ක් වෙන මේ කෙල්ලගේ නම ජේඩි. ඇය කුඩා කාලෙදිම අම්මාගේ සෙනෙහස අහිමි වෙලා නැන්දා කෙනෙක් ළඟ තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. ඒ වගේ ඇයට ළමයි දෙදෙනෙකුත් ඉන්නවා කියලා වාර්තා වෙනවා.

    මේ සිද්ධිය වුණු දවසේ ජේඩි ඉඳලා තියෙන්නේ ඇයගේ යාළුවෝ එක්ක ක්ලබ් එකක විනෝද වෙන්න ඇවිත්. ඒ දවසේම බෝල්ට් ඔහුගේ ආරක්ෂකයින් එක්ක ඔය කියන ක්ලබ් එකට ගිහින් තියෙනවා. එත් ජේඩි දැනගෙන ඉඳලා ඔහු ප්‍රසිද්ධ චරිතයක් කියලා.

    යාළුවෝ එක්ක ඩාන්ස් කරකර ඉන්න ජේඩිව දැකපු බෝල්ට් ඒ තැනට ඇවිත් ඇය දිහා බලලා යන්න ගිහින්. පස්සේ බෝල්ට් ගේ ආරක්ෂකයෙක් ඇවිත් ඇයට කියලා තියෙනවා ඔයා බෝල්ට් එක්ක යන්න එන්න කියලා. එත් ජේඩි ඔහුව ගණන් අරගෙන නැහැ. දෙවන පාරත් ආරක්ෂකයා ඇවිත් කියපුවාම තමයි ජේඩි බෝල්ට් කියන්නේ කවුද කියලා දැනගෙන තියෙන්නේ.

    ඇයගේ නැන්දත් බෝල්ට් කියන ක්‍රීඩකයාට ආදරෙයි කියලා ජේඩි කියලා තියෙනවා. පස්සේ ඉතින් ටැක්සියක නැඟලා ජේඩි බෝල්ට් එක්ක යන්න හිතන් පාරට ඇවිත්. ඒ ඉද්දි බෝල්ට් එළියේ ඉඳලා. ඔහු හැමදාම වගේ විහිළුවෙන් වගේ හිනාවුණා විතරයි කියලා තමයි ජේඩි කියලා තියෙන්නේ.

    ඊට පස්සේ පාරේ ගියපු ටැක්සි එකකට නැඟපු වෙලාවේ ජේඩි හිතලා තියෙන්නේ ඔහු ඇයව තරු පහේ හෝටලයක අරගෙන යයි කියලා. ඒත් සිද්ධවෙලා තියෙන්නේ ඇය හිතුවෙවත් නැති දෙයක්. බෝල්ට් ඇයට අරගෙන ගියේ රියෝ ඔලිම්පික් ගම්මානයට. නීතිමය වශයෙන් ක්‍රීඩකයෙකු හෝ අවසරයක් නැතිව මේ ගම්මානයට ඇතුල් වෙන්නට කාටවත් බෑ. ඒත් බෝල්ට් ආරක්ෂකයින්ට කියලා ඇයව ඇතුලට අරන් ගිහින්. ඔවුන් දෙන්නා නතර වෙලා තියෙන්නේ බෝල්ට් හිටිය කාමරේ.

    ජේඩි බ්‍රසීල ජාතික කාන්තාවක් නිසා ඇයට ඉංග්‍රීසි වචන හරියට කතා කරන්න බෑ. ඔවුන් දෙන්නා ලොකු අමාරුවකට වැටිලා තියෙන්නේ මේ වෙලාවේ. ඒත් තාක්ෂණය ප්‍රයෝජනයට ගත්තු මේ දෙන්නා හැමදේම ගැන කතා බහ කරලා තියෙන්නේ Google Translate භාවිතයෙන්.

    ඇය වැඩිදුරටත් පවසා තිබුණු කතාව පහතින්....

    ඒ කාමරය හරිම පිරිසිදුයි. ඒකේ ඇඳන් දෙකක් තිබුණා, මාව ඇතුලට අරන් එන්න හදපු වෙලාවේ ආරක්ෂකයෝ මගේ හැදුනුම්පතවත් බැලුවේ නෑ, මට හරි පුදුමයි, ඔහුට ඒ තරම් පිලිගැනීමක් තිබුණා, බෝල්ට්ගේ කාමරයට ආවත් අපි කතා කරන්න හැදුවත් දෙන්නට දෙන්නා භාෂාව දන්නේ නෑ, පස්සේ අපි Google Translate එකෙන් තමයි කියන දේවල් තේරුම් ගත්තේ,

    ඔහු ඒ වෙලාවේ ප්‍රසිද්ධ ගායිකාවක් වුණු රියානාගේ සින්දුවක් Play කළා, ධාවන පථයෙදි ඔහු ශූරයෙක් වුනත් හැබෑ ජීවිතේදී එහෙම නෙවෙයි කියලා මට තේරුම් ගන්න එච්චර වෙලාවක් ගියේ නෑ, අපි පොඩි දේවල් ටිකක් ගැන විතරයි කතා කලේ, ඒත් ඒ හැමදෙයක්ම ලොකු මතකයක්, මම ඔහුත් එක්ක විනාඩි 40ක් විතර හිටියා.

    ඔහු මට පොරොන්දු වුණා තවත් දවසක මුණ ගැහෙනවා කියලා, ඒ නිසාම ඔහුගේ දුරකථන අංකයවත් මට දුන්නේ නෑ, ඒත් මේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරපු වෙලාව වෙද්දිත් ඔහු ගුවන්තොටුපලෙන් පිටත්වෙලා ගිහින් ඉවරයි.

    එදා අන්තිමට ඔහු මට යුරෝ 100ක් දුන්නා. ඒ ටැක්සියක යන්න කියලා, අපේ රටේ යුරෝ භාවිතාකලේ නැතත් ටැක්සි රියදුරා ඒවා ගත්තා. මම සෙල්ෆි අරන් කාමරෙන් පිටතට ආවා,

    ඔහු ලෝකයේ වේගයෙන්ම දුවන ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි කියලා හිතුණා, මම හිතාගෙන හිටියේ මේක දුරදිග යන සම්බන්ධයක් කියලා, ඒත් ඔහු ඔලිම්පික් රන් පදක්කම් ගන්නවා වගේ කෙල්ලෝ මාරු කරනවා කියලා මට දැන් තේරෙනවා.




    rrrrrr1.jpg



    rrrrrr2.jpg



    rrrrrr4.jpg
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    418
    83
    ඔහු ලෝකයේ වේගයෙන්ම දුවන ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි කියලා හිතුණා, මම හිතාගෙන හිටියේ මේක දුරදිග යන සම්බන්ධයක් කියලා,:P:P ඒත් ඔහු ඔලිම්පික් රන් පදක්කම් ගන්නවා වගේ කෙල්ලෝ මාරු කරනවා කියලා මට දැන් තේරෙනවා.:sorry::sorry:
    Paw ban kella sirawatma aran:D:D
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    ඔහු ලෝකයේ වේගයෙන්ම දුවන ක්‍රීඩකයා වුනත් ඇඳේදිනම් එහෙම නෙවෙයි කියලා හිතුණා, මම හිතාගෙන හිටියේ මේක දුරදිග යන සම්බන්ධයක් කියලා,:P:P ඒත් ඔහු ඔලිම්පික් රන් පදක්කම් ගන්නවා වගේ කෙල්ලෝ මාරු කරනවා කියලා මට දැන් තේරෙනවා.:sorry::sorry:
    Paw ban kella sirawatma aran:D:D

    :yes::yes: