USB 3.1=10Gbps :O

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වර්තමානයේ පරිගණකයට පහසුවෙන් සම්බන්ධ කොට

    (Plug & Play) ඉක්මනින්ම ඒ හා සම්බන්ධව වැඩ කටයුතු කල හැකි විශේෂත්වයෙන් යුතු වර්තමානයේ කොපමණ විදුලි උපාංග හා සම්බන්ධව ඇතැයිදැයි ඔබට පවසන්නට අවශ්‍ය නැත.


    කැමරා, දුරකතන චාජරයේ මෙන්ම කුඩා ප්ලාස්ටික් උපකරණ බොහෝ විට කුඩා ප්‍රමාණයේ USB Port එකක් සොයා ගැනීම අපහසු නැත. බොහෝ විට ඒවා සම්බන්ධ වන්නේ USB හෙවත්

    Universal Serial Bus එකක් හරහායි.

    Chamikawpblogspotcom1_zpsd46e46d5.jpg


    ඒත් කවුද මේ USB හෙවත් Universal Serial Bus හොයා ගත්තේ? පාවිච්චි කලාට ඒ ගැන හොයලා බලන්න “චාමිකයටත්“ මතක් වුනේ මේ ළඟදී...

    ඒ මොකද අහම්බයෙන් එහි අලුත්ම නිපැයුම ගැන අදහස් ඉදිරිපත් කරලා කියලා දැක්කාම....

    දන්නවද?? SuperSpeed USB 10 Gbps (USB 3.1) ඒ 2013 ජුලි මස 26 වැනිදා... ඒ ගැන වැඩි විස්තර හොයාගන්න මෙන්න මෙතනින් පුළුවන්...

    එකල පරිගණකයට යමක් සම්බන්ධ කලේ Serial Port,Parallel හෝ PS/2 මගිනි.එය ඉතාම සෙමින් දත්ත හුවමාරු කල සම්බන්ධතා විය.

    Chamikawpblogspotcom2_zpsd669ac67.jpg

    සෙමින් දත්ත හුවමාරුව වෙනස් කරමින් වේගවත් දත්ත හුවමාරුවක් ඇති කර ගන්නට හා එය ලොව පිළගත් නිල දත්ත හුවමාරුවක් ලෙස නම් කරමින් ප්‍රධාන පෙලේ පරිගණක සමාගම් රැසක් Intel,Microsoft,Compaq,LSI,Apple හා HP සමාගම් එකතුවී ඒ සඳහා පරීක්ෂණ සමාගමක් පිහිට වු අතර

    USB- IF (USB Implementers Forum.inc) නම් වු එහි

    ප්‍රධානම නිර්මාණ ශිල්පියා වුයේ Ajay Bhattය.


    USB- IF (USB Implementers Forum.inc) දියුණු කිරීම් මගින් එහි නිල වෙබ් අඩවිය මෙතනින්

    ඉන්දියාවේ උපත ලද ඇමරිකානු පරිගණක නිෂ්පාදනයේ පතාක යෝධයකු වන Intel ආයතනයේ රැකියාව කරන Ajay Bhatt අප හැමෝම දන්න USB Port එක සොයා ගැනීමේ පුරෝගාමියායි. එය දෙවනි වන්නේ පරිගණකයේ සිලිකන් චීපයට පමණි.
    වර්තමානයේ 56 හැවිරිදි Ajay Bhatt ඔහුගේ උපාධීය ඉන්දියාවේ Vadodara විශ්වවිද්‍යාලයෙන් සම්පුර්ණ කර ඔහුගේ පශ්චාත් උපාධිය සඳහා 1990 දී නිව්යෝර්ක් නුවරට පැමිනෙන ඔහු වර්තමානයේ පේටන්ට් බලපත්‍ර 31 ක හිමිකරුවෙකි.


    Chamikawpblogspotcom5_zpsf99568ed.jpg


    Intel ආයතනයේ ප්‍රධාන නිර්මාණශිල්පියකු ලෙස වර්තමානයේ ඔහු අංශ තුනකින් කටයුතු කරයි. 1998,2003 හා 2004 වසර වල ඇමරිකානු හා ආසියානු විශ්වවිද්‍යාලයන්හි දේශණ සඳහා තෝරා ගත් අතරම 2002 දි ඔහුට ඔහුගේ දියුණු කිරීම් සඳහා සම්මානයක් ද ලැබුනි.

    ඒ PCI EXPRESS Specification development සඳහායි.

    ඔහු පිළිබඳව වඩාත් කතාබහට ලක්වුයේ Intel ආයතනය ඔහු වෙනුවෙන් 2009 නිපද වු “Intel Rock Star Ajay Bhatt” වෙළඳ දැන්වීමත් සමගයි.එහිදී ඔහුගේ චරිතය රඟදැක්වුයේ Sunil Narkar විසිනි.


    2010 දී ඉන්දියානු GQ සඟරාව මගින් “ලොව වටිනාම ඉන්දියානුවන් “ පනස් දෙනාගේ ලැයිස්තුවට එක්කොට තිබුනි.
    Chamikawpblogspotcom3_zps6a62b847.jpg


    ඔහුගේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න...
    1996 ජනවාරි මස 15 වැනිදා 1.0 USB Port එක නිකුත් කල අතර එහි උපරිම දත්ත හුවමාරු වේගය 12 Mbit/s හා අවම වේගය 1.5Mbit/s විය.

    1998 සැප්තැම්බර් 23 වැනිදා එහි ප්‍රථම සංස්කරණය 1.1 ලෙස හදුන්වා දෙන ලදි.

    එහි ලාංජනය ඔබත් දැක ඇති...
    Chamikawpblogspotcom6_zps2547f5a8.jpg

    USB 2.0 තත්පරයට 480 Mbps දත්ත ප්‍රමාණයක් ගෙන යන අතර එය 1.0 මෙන් 40 ගුනයකි.එය එක් පැත්තකට පමණක් දත්ත ගෙන යාම සිදුකරයි.


    2000 අප්‍රේල් මස 27 වැනිදා 2.0 නිකුත් කල අතර එය මගින් 480Mbit/s වේගවත් දත්ත හුවමාරුවක් හදුන්වා දී තිබුනි.


    Chamikawpblogspotcom10_zps36e5ace8.jpg



    Chamikawpblogspotcom9_zpsa4baa210.jpg

    2008 දී නොවැම්බර් මස 17 වැනිදා USB 3.0 හදුන්වා දුන් අතර එය 2.0 මෙන 10 ගුණයක් වේගවත් විය. එය 1996 දී හදුන්වා දුන් පළමු USB මෙන් 400 ගුණයක් වේගවත්ලු.


    Chamikawpblogspotcom7_zps85c2d5e5.jpg


    වර්තමානය වෙද්දී වයර් රහිත USB උපාංග මෙන්ම පරිගණකයට සම්බන්ධ නොකොට භාවිතා කල හැකි ආකාරයේ USB Port දියුණු කරමින් ඇත.

    එය Wireless USB හා On the go ලෙස හදුන්වයි.



    Chamikawpblogspotcom8_zps19b9a238.jpg

    පැවසෙන ආකාරයට ඕනෑම පරිගණකයකට USB උපාංග 127 ක් එක විට සවිකර හැකිය.
    සාමාන්‍ය USB කේබලයක් මීටර් 05 දිගු වන අතර එවැනි 6ක් එකිනෙක සවිකර ගත හැකිය.

    බබා හම්බවුන පින්තූරයෙන් ලොවට ආ “කැමරාවක් සහිත ජංගම දුරකතනයේ“ අපුරු උපත් කතාව!


    වසර 2000 දී ප්‍රථම USB Pen Drive එක 8mb ප්‍රමාණයෙන් හදුන්වා දෙන ලද්දේ IBM හා Trek Technology විසිනි. වර්තමානයේ එහි ප්‍රමාණයන් පීලිබඳ ඔබ දන්නවා නේද?

    තවත් ඉතින් USB ගැන කියන එක වැඩක් නෑ...

    ඉතින් මෙන්න USB හෙවත් Universal Serial Bus හි අපි හැමෝම (නො)දන්න කතාව කෙටියෙන් කියවපු ඔබේ අදහසත් මෙතන කියන්න....

    උපුටා ගත්තේ මෙතනින්!
    11.gif

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව




     
    Last edited: