USB-AGP-PCI_Express_හි_පියා

kavindagk

Well-known member
  • Dec 18, 2008
    986
    1,000
    93
    Colombo
    අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්‍රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්‍රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳවයි මේ සටහන...


    ajay_bhatt.jpg


    පරිගණකය හා බාහිර උපාංග ඈඳීමේ දී වර්තමානයේ බහුලවම භාවිතා කරන ජනප්‍රියම ක්‍රමවේදය නම් USB තාක්ෂණයයි. ඕනෑම බාහිර උපාංගයක් පරිගණකය සමග සම්බන්ධ කිරීමේදී සම්මතය ලෙස යොදා ගන්නේ USB තාක්ෂණයයි. මේ ආශ්චර්යය ජනක තාක්ෂණික ක්‍රමවේදය සොයාගැනීම සඳහා සිය කාලය, ශ්‍රමය වැය කරමින් මේ තාක්ෂණය ලොවට දායාද කල මහා විද්‍යාඥයා නම් USB තාක්ෂණයේ පියා ලෙස හැඳින්වෙන අජේ බාත් නම් අපේ අසල්වැසි ඉන්දියානු පරිගණක ඉංජිනේරුවරයායි.

    744px-usb-logo_genericsvg.png


    PCI_Express_logo.svg



    AGP-logo-B1C7F069EC-seeklogo.com.gif


    අජේ බාත් උපතින් ඉන්දියන් ජාතිකයෙකි. දැනට ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පදිංචි ඔහු වෘත්තියෙන් ලෝ ප්‍රසිද්ධ Intel සමාගමේ සේවාග්‍රාහක නිර්මාණ සැලසුම් (Client Platform architecture) අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරයි. ඉන්දියාවේ බැරෝඩා හි මහාරාජා සයාජිරාවෝ විශ්ව විද්‍යාලයෙන් සිය මූලික උපාධිය ලබා ඇමරිකාවේ නිව්යෝක් නගර විශ්වවිද්‍යාලයෙන් සිය විශේෂඥ උපාධිය සම්පූර්ණ කල අජේ බාත්, ඉන්ටෙල් ආයතනය හා සම්බන්ධ වූයේ 1990 දීයි. චිප්සෙට් නිර්මාණ සැලසුම් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ සැලසුම් ශිල්පියෙක් ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ ඔහු එතැන් පටන් නොයෙකුත් සොයා ගැනීම් රැසකටම සිය දායකත්වය සපයා තිබේ.
    මව් පුවරුව (Mother Board) හා සම්බන්ධිත දත්ත හුවමාරු තාක්ෂණයන් කිහිපයකම හිමිකාරීත්වය අජේ බාත් සතුවේ. USB තාක්ෂණය හැරුනු විට AGP (Accelerated Graphics Port), PCI Express යන තාක්ෂණයන් ද ඇතුළුව බල කළමණාකරණ හා චිප්සෙට් වැඩිදියුණු කිරීම් රැසක්ම ඔහුගේ විස්කම් නිර්මාණයන් වේ. විවිධ තාක්ෂණික නිර්මාණ සඳහා අදාල පේටන්ට් බලපත්‍ර 9 ක් ඔහු සතු අතර තවත් පේටන්ට් බලපත්‍ර 3 ක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. 1998, 2003 හා 2004 යන වර්ෂයන්හි ඇමරිකාවේ හා ආසියාවේ විශේෂ විශ්ව විද්‍යාලයන් කිහිපයකම පැවැත්වූ විශ්ෂ්ඨ දේශණ මාලාවකට ද අජේ බාත් නම් කෙරිණි. PCI Express තාක්ෂණය වෙනුවෙන් 2002 දී ඔහු Achievement in Excellence යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. අනාගත මව්පුවරු හා චිප්සෙට් සඳහා වන ආදාන / ප්‍රතිදාන උපක්‍රම පිළිබඳ සැලසුම් කිරීම හා එම තාක්ෂණයන් වැඩි දියුණු කිරීම මේ වන විට ඔහුගේ ප්‍රධාන රාජකාරිය බවට පත්ව තිබේ...


    --------------------------------------------------------------
    මේක මට ලැබුන E-Mail පණිවිඩයකින් 100% උපුටා ගන්නාලද දෙයකි.මෙහි හිමිකාරිත්වය මුල් රචකයා සතුවේ... :yes::yes:


    හොදයිනම් සලකලා එහෙමයන්න rep වලින් එහෙම...අපිත් කැමති rep වලට :D:D
    Repost nam sorry :cool::cool: