USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් !!!!!

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
USB LCD මොනිටරයක් සමග තවත් අළුත් ගැජට් ටිකක් !!!!!

මේ ලිපියෙන් කියන්නේ පරිගණක හා වැඩ කරද්දී අපිට විශේෂයෙන් උවමනා වෙන පොඩි පොඩි ගැජට් කීපයක් ගැනයි. මේවා පොඩි උනාට හරිම ප්‍රයෝජනවත් !

මුලින්ම කියන්න යන්නේ පරිගණකයත් එක්ක නිතරම වැඩ කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් උපාංගයක් ගැන. ඔබත් නිතරම අන්තර්ජාලයේ වැඩකරනවා නම්, එහෙමත් නැත්නම් ග්‍රැෆික් නිර්මාණ හෝ වීඩියෝ සංස්කරණය කරනවා නම්... මේ වගේ වැඩ දෙක තුනක් එකට කරන අවස්ථාවලදී පරිගණක තිරයේ ඉඩ මදි වීමේ ප්‍රශ්ණයට මුහුණදීලා ඇති. මේ වගේ අවස්ථාවලදී අමතර තිරයක් එක්ක dual Screen විදියට වැඩ කරන්න තියෙනවා නම් ඒක ලොකු පහසුවක්. ඒත් පරිගණකයකට අමතර තිරයක් සම්බන්ධ කිරීම වියදම් අධික වගේම ටිකක් කරදරකාරී කටයුත්තක්. මොකද ඒකට හරියන විදියට VGA කාඩ් එකක් ගන්න ඕනේ. නැත්නම් වෙනම VGA කාඩ් එකක් ගහන්න වෙනවා. ඉතින් මේ වගේ ගැටළු වලින් තොරව බොහොම පහසුවෙන් අමතර තිරයක් එක් කරගන්න දැන් Mimo Mini USB Monitor නිසා අවස්ථාව ලැබිලා.




bfa3_mimo_mini_usb_monitor.jpg



මේ පුංචි USB මොනිටරය අඟල් 7 ක විශාලත්වයෙන් යුතු හුරුබුහුටි තිරයක්. මෙහි තිර විභේදනය (resolution) පික්සල 800 X 480 ක් වෙනවා. වෙනත් කිසිදු අමතර උපාංගයක් මේ සඳහා අවශ්‍ය වෙන්නේ නෑ. මේ හුරුබුහුටි LCD තිරය USB කේබලය මගින් පරිගණකයට සම්බන්ධ කල සැනින් ඔබට වැඩ කරන්න පුළුවන්. මේ තිරය තුළම අඩංගු කර ඇති වීඩියෝ කාඩ්පත නිසා මෙහි රූප ඉහළ ගුණාත්මක තත්ත්වයකින් තියෙනවා. ඒ වගේම මේ තිරය කුඩා නිසා ඔබට ඔබගේ ලැප්ටොප් පරිගණකය සමග වුවත් මෙය ඕනෑම තැනක රැගෙන යා හැකියි. හුරුබුහුටි නිමාව හා භාවිතයේ පහසුව නිසා මේ USB Mini මොනිටරය ඔබේ පරිගණකයටත් නැතුවම බැරි උපාංගයක් වේවි. මෙහි සාමාන්‍ය ආකාරයේ තිරය ඩොලර් 150 කටත්, ස්පර්ශ සංවේදී තිරය ඩොලර් 230 කටත් මිල කර තිඛෙනවා.


http://www.thinkgeek.com/computing/usb-gadgets/bfa3/





e2d2_7_port_hub.jpg



දැන් මේ කියන්නේ තවත් USB ආධාරක උපාංගයක්. අපේ පරිගණක සතු USB Port ප්‍රමාණය සීමිතයි. පැරණි පරිගණක වල නම් ඇත්තේ USB Port දෙකක් පමණයි. USB Port සීමිත ප්‍රමාණයක් ඇති පරිගණක වලදී USB උපාංග වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කිරීමට භාවිතා වන්නේ USB Hub නමින් හඳුන්වන බහු සම්බන්ධකයක්. පොදු භාවිතයේ ඇති USB Hub වලට එකවර උපාංග හතරක් සවිකල හැකියි (4 port USB Hub). මේ හඳුන්වාදෙන USB Hub එකට එකවර උපාංග 7 ක් සම්බන්ධ කළ හැකියි. ඒ වගේම තමයි ඒ එක් එක් උපාංගය සඳහා ඇති සම්බන්ධතාවය මෙහි ඇති ස්විච මගින් අවශ්‍ය වෙලාවක On - Off කරන්නත් පුළුවන්. මේ නිසා උපාංගය කේබලයෙන් විසන්ධි කල යුතු නෑ. අදාල ස්විචයෙන් සම්බන්ධතාවය පාලනය කරන්න පුළුවන්. එමෙන්ම මේ USB Hub එක ඉහළ නිමාවකින් යුක්තයි. මේ වටිනා උපාංගය ඩොලර් 20 පමණ මුදලකට ලබාගන්න පුළුවන්.

http://www.thinkgeek.com/computing/usb-gadgets/e2d2/


ඔන්න අන්තිම එක. මේකත් මරු ගැජට් එක... පරිගණකය භාවිතා කරන ඔබට මතක තබා ගැනීමට අසීරුම දෙය තමයි මුරපද, නැත්නම් passwords කියන්නේ. ඔබ භාවිතා කරන සෑම වෙබ් සේවාවකටම මේ ආකාරයෙන් passwords ලබාදිය යුතුයි. ඒ සඳහා එකම මුරපදය භාවිතා කරන්නන් ද සිටියත් එය ඉතාමත් අනාරක්ෂිතයි. වින්ඩෝස් පද්ධතියේ passwords එක, ඊ-මේල් ගිණුමේ passwords එක හා ඔබ භාවිතා කරන අනෙකුත් සේවාවන්හි passwords සියල්ල මතක තබා ගැනීමට අපේ මොළයට සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ඉතින් මේ වගේ passwords මතක තියා ගන්න මහන්සි වෙන්නේ නැතුව ඇඟිලි තුඩින් මේ ඔක්කොම අගුලූ අරින්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.


_2_356-01-TCRD4-Eikon-USB-Desktop-Fingerprint-Reader.jpg




මේ උපාංගයෙන් කරන්නේ ඔබටම අනන්‍ය වූ ඔබේ ඇඟලි සලකුණ passwords එකක් ලෙස භාවිතා කිරීමට ඉඩ සලසා දීමයි. මේ ඇඟිලි සලකුණු කියවනය USB හරහා පරිගණකයට සම්බන්ධ වෙනවා. ඔබේ අන්තර්ජාල සේවාවට පිවිසීමට ඔබ කළ යුත්තේ මේ උපාංගය මත ඇඟිල්ල තැබීම පමණයි. මේ නිසා passwords මතක තබා ගැනීමේ කරදරයෙන් ඔබ නිදහස් වන අතරම ඔබේ පෞද්ගලික දත්ත වලට හොඳ ආරක්ෂාවක්ද සැපයෙනවා. ඒ ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කල හැක්කේ ඔබට පමණක්ම වන නිසාවෙන්. ඔබ කල යුත්තේ ඇඟිල්ල ප්‍රවේශම් කර ගැනීම පමණයි. භාවිතයේ පහසුව නිසා වුවමනා තැනකට රැගෙන යන්නත් පුළුවන්. මේ ඇඟිලි සලකුණු කියවනයේ මිල ඩොලර් 50 ක් පමණ වෙනවා.

http://www.nextag.com/UPEK-Eikon-TCR...0C12E8D73CE6FA


එහෙනම් කියවලා බලලා නොදන්න අයටත් කියන්නකෝ. ගන්න බැරිවුනත් දැනගෙන ඉන්න එකත් වටිනවානේ...


මෙන්න මෙතනින් ගත්තේ :
එන්න මගේ බ්ලොග් එකට >>> http://chathucn.blogspot.com/
 
Last edited: