USB Type – C යනු පරිගණක වලට සම්බන්ධ කළ හැකි නවතම USB Port තාක්ෂණය වන අතර මෙහි පළමු වාසිය වන්නේ ඕනෑම අතකට පරිගණකයට සම්බන්ධ කළ හැකි වීමයි. තවද සාමාන්‍ය USB කේබලයකට වඩා වේගවත් වීමට අමතරව ඩේටා මගින් දත්ත, විදුලිය, වීඩියෝ දත්ත යනාදී බොහෝ සංඥා සම්ප්‍රේෂණය කළ හැකිය. මෙම Ports ඉතා කුඩා බැවින් පහසුවෙන්ම දුරකථන තුලටද යෙදීමට හැකි බැවින් දුරකථන, පරිගණක, රුපවාහිනී යනාදිය එකට සම්බන්ධ කිරීමටද USB Type – C යොදා ගත හැකිය. එබැවින් අනාගත ලොව පරිගණක සඳහා ඇති පොදු සම්බන්ධකය බවට USB Type – C පත්වනු ඇති විචාරකයෝ පවසති.

