ඩොලර් එකේ හරි අගය තාම ලොකු වෙනසක් වෙලා නැහැ. මතකනෙ මම ලංකාවෙ අාර්ථිකයෙ fundamentals බලලා 2022 දිම කියපු 280. එ්ක තමයි ගාණ. රනිල්ගෙ පාලනයේ අන්තිම කාලෙට මාස කීපයකට වගේ කලින් ඔය ගාණට එන්න පටන් ගත්ත වෙලාවෙ exporters ලා ගැන හිතලා ටිකක් reverse fix එකක් කරන්න තීරණයක් අාවනෙ. බැහැගෙන ගිය එක 300 range එකේ නතර වුණේ එ්කයි.
280 එක 300 තියා ගත්ත එකෙන් අැත්තටම වාසි ගොඩක් වුණා. මාකට් එකෙන් දවසකට ඩොලර් මිලියන 1-4 ක් විතර අරන් ඔය කාලෙදි මිලියන 500 කට එහා සංචිතවලට දා ගත්තා. නිකන්ම රුපියල් දීලා ඩොලර් අරන් සංචිත හදා ගන්නවා කියන්නෙ පට්ටම වාසියක්. එ් confidence එක නිසා වෙන inflows එහෙමත් මාරම විදිහට වැඩි වුණා. IMF agreement එකෙන් පස්සෙ බොහොම කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 6 ක සංචිත හැදුණෙ එ් විදිහට. (IMF එකෙන් තාම බිලියනයක් වගේ දීලා තියෙන්නෙ.)
හැබැයි බලෙන්ම එච්චර උඩින් අල්ලගෙන ඉන්න එක තේරුමක් නැහැ කියලා මම හිතන විදිහට දැන් තීරණය කරල තියෙනවා. ඩොලර් rate එක 300 වෙනුවට 290 level එකට හිමින් සැරේ බහින්නෙ එ් නිසා. Biden ගෙ ගොන් පාට් සහ dollar වලින් වෙන international trade දිගටම අඩු නිසා ඩොලර් එකේ සැබෑ value එකේ පහත වැටීමත් යම් විදිහකට බලපෑමක් තියෙනවා.
කමලා නැතිව Trump අැවිත් අැමරිකාවෙ අාර්ථිකයයි, ඩොලර් එකයි ශක්තිමත් වෙන්න ගත්තොත් 2025 දි ගොඩක් වෙලාවට ඩොලර් එක 300-310 range එකට යයි කියල හිතන්න පුළුවන්. එ් වුණත් ලොකු වෙනසක් කොයි පැත්තටවත් වෙයි කියල හිතන්න අමාරුයි. මතකනෙ 2006 - 2010 වගේ සෑහෙන කාලයක් ඩොලර් එක 110-120 මට්ටමේ තිබුණා. අායෙ 2012 - 2016 වගේ 130-145 විතර දිගටම තිබුණා. එ් වගේ තවත් 10% ක් විතර අැතුළෙ සේරම එහා මෙහා වෙන කාලයක් තමයි මේ.
ඉතින් 2027-28 වගේ වෙනකල් 300 - 330 වගේ මට්ටමක තියෙයි කියල හිතන්න පුළුවන්. (10 වෙනුවට 30 ක විතර range එකක් එනවා 300 ඉලක්කම තුන් ගුණයක් නිසා) ලොකු පිස්සුවක් නටන් නැතිව සාමාන්‍යයෙන් බුද්ධිමත් විදිහට රට පාලනය කරගෙන ගියොත් එහෙම මහලොකු ප්‍රශ්න එන්න ඉඩක් නෑ. දැනට එහෙම නෑ කියල පේන්න හේතුවක් දැක්කෙ නැහැ, ඉස්සරහට බලමුකො.