uTorrent ඉඟි සහ විජ්ජා

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    uTorrent ඉඟි සහ විජ්ජා

    utorrent_teaser.jpg


    20070709-utorrent.JPG


    uTorrent වල තියෙන ‍වාසි කීපයක්:

    * බාගැනීමට පහසු ඉතා කුඩා ගොණුවක් ලෙස පැවතීම (small file size)
    * ඉහල ක්‍රියාකාරිත්වය සහ ස්ථායී බව (well performance and stability)
    * අවශ්‍ය සියලු විශේෂාංග ඇතුලත් වීම (rich feature set)
    * අඩුම පද්ධති සම්පත් යටතේ ක්‍රියා කිරීම (requires less system resources)


    uTorrent භාවිතා කලත්, වැඩි දෙනෙක් නොදන්න ප්‍රයෝජනවත් විශේෂාංග 2ක් තමයි portable installation සහ web interface. මේවා ඉතින් විජ්ජාවල්නම් නෙවෙයි. uTorrent ඉඟි සහ විජ්ජා කියලා කිවුවේ ඒක ලස්සන නිසා.
    :D

    uTorrent Portable Installation | uTorrent ජංගම ස්ථාපනය

    බිට්ටොරන්ට් ක්‍රමයට බාගත කරන්නේ සාමාන්‍යයෙන් ‍ප්‍රමාණයෙන් ලොකු දේවල්නේ. ඉතින් බොහෝ විට ඕවා බෑවිලා ඉවර වෙන්න දවස් ගාණක්ම යනවා. අපි වැඩ කර කර හිටපු පරිගණකය වසා දමලා වෙන පරිගණකයක වැඩ කරන්න යනකොට මේ බාගත කිරීමුත් තාවකාලිකව නවතිනවා. මේ විදියට බාගෙට බෑවුන ගොණු(ව)ත් අපිත් එක්කම ඊළඟ පරිගණකට අරන් ගිහින් නැවතුන තැන ඉඳලා ඉතුරු ටික බාන්න තියෙනවනම් හොඳයි නේද?

    uTorrent ජංගම ස්ථාපනයක් මගින් මේක කරන්න පුලුවන්. අනික uTorrent දාන්න අවශ්‍ය ඉහල බලතල (admin rights) අපි වැඩ කරන හැම පරිගණකයේදිම නෑනේ. එතකොටත් පිහිටට එන්නේ ජංගම ස්ථාපනයක් තමයි. ඒ වගේම තමයි මේ ක්‍රමේදි ගෙදර විදුලි බිලයි, bandwidth එකයි ඉතුරු වෙනවා. :D

    uTorrent ස්ථාපන ගොණුව නිකංම විවෘත කළාටනම් ජංගම ස්ථාපනයක් ලැබෙන්නේ නෑ. Portable Installation එකක් කරන්නේ මෙහෙමයි:


    * ඔබට අවශ්‍ය ඉවත් කල හැකි මාධ්‍යයේ (removable storage එකේ) sub folder එකකට uTorrent ස්ථාපන ගොණුවේ නවතම සංස්කරණය දා ගන්න.
    * Notepad විවෘත කරලා ‘settings.dat’ නමින් හිස් ගොනුවක් මේ sub folder එකටම save කර ගන්න.
    * මේ sub folder එක තුලම ‘Downloading’ සහ ‘Completed’ හෝ වෙනත් ඔබ කැමති නමකින් sub folder දෙකක් හදා ගන්න.
    * ඊළඟට uTorrent ස්ථාපන ගොණුව විවෘත කලාම ජංගම ස්ථාපනයක් ලැබෙනවා.
    * දැන් uTorrent > Preferences > Directories > Location of Downloaded Files යටතේ ‘.\Incoming’ සහ ‘.\Completed’ ලෙස බාගත කල යුතු තැන් ලබා දෙන්න.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    uTorrent Web User Interface | uTorrent අන්තර්ජාල අතුරුමූණත

    utorrent_web_ui.jpg


    යන යන තැන uTorrent අරන් ගිහින් වැඩ කරන්න අකමැති / අමාරු කෙනෙකුට තියෙන වෙනත් විසඳුමක් තමයි uTorrent අන්තර්ජාල අතුරුමූණත හෙවත් uTorrent Web UI. මෙහිදී වෙන්නේ ඔබ කැමති එක පරිගණකයක (උදා: නිවසේ ඇති පුද්ගලික පරිගණකය) uTorrent ස්ථාපනය කරලා වෙනත් පරිගණක වලින් (උදා: කාර්යාලයේ, පාසැලේ පරිගණකවලින්) අවශ්‍ය පරිදි එය දුර සිට පාලනය හෙවත් remote control කිරීමයි.

    නිදසුනක් ලෙස මේ ක්‍රමය මගින් ඔබට පුලුවන් කාර්යාලයේදී හෝ පාසැලේදී දැන ගන්නා නවතම චිත්‍රපටියක්, නිවසේ ඇති පුද්ගලික පරිගණකයේ බාගත වීමේ ලැයිස්තුවේ මුලට කාර්යාලයේ සිටම ඇතුල් කරන්න. එවිට ඔබ වැඩ ඇරිලා ගෙදර එනකොට එය බාගත වෙලා අවසන් වෙලා තියෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් නවතම චිත්‍රපටිය කල් නොයවාම බලන්න පුලුවන්. හැබැයි ඉතින් බාගත වෙන කාලය ඇතුලත ගෙදර විදුලි බිලයි, bandwidth එකයිනම් වැය වෙනවා.


    uTorrent Web UI එක ස්ථාපනය කරන්නේ මෙහෙමයි:

    මේ සඳහා මුලින්ම uTorrent Web UI එක මෙතනින් බා ගන්න. (Web UI මුල් වරට භාවිතා කරද්දි මේ ගොණුව ඉබේම බෑවෙනවා කියලත් කොහෙන් හරි කියෙවුවා මතකයි. ඒත් මම කලේනම් මේ විදියට තමයි.)

    දුරස්ථ පාලනය කරන්නේ ජාලයක් හරහා නිසා දැන් ඔබේ පරිගණකයේ IP Address එක බලා ගත යුතුයි. http://whatismyip.com වෙත පිවිසීමෙන් ඔ‍බේ public IP address එකද, Windows හරහා Start > Run: “cmd” මගින් command prompt එක ලබාගෙන “ipconfig” ක්‍රියාත්මක කිරීමෙන් private IP address එකද සොයා ගන්න පුලුවන්.)

    # Web UI වෙනත් පරිගණකයකින් භාවිතා කිරීමට පෙර, එය නිවැරදිව ක්‍රියා කරනවාදැයි දැන් පරීක්ෂා කරන්න පුලුවන්. මේ සඳහා uTorrent පිහිටවූ පරිගණකයෙන්ම ඔ‍බ ප්‍රිය කරන අන්තර්ජාල පිරික්සුම් මෘදුකාංගය විවෘත කර මේ ලිපිනයට යන්න: – මෙහි Port වෙනුවට කලින් කියපු විදියට බලා ගත් නිවැරදි දත්ත ආදේශ කරන්න. User Name සහ Password විමසන විට එයද නිවැරදිව ලබා දෙන්න.
    # ඉහත පරීක්ෂණය සාර්ථකනම් ඔබට දැන් බාහිර පරිගණකයකිනුත් Web UI භාවිතා කරන්න පුලුවන්.
    # ඒ සඳහා ජංජාල පහසුකම් ඇති ඕනෑම පරිගණකයකින් අන්තර්ජාල පිරික්සුම් මෘදුකාංගය විවෘත කර මේ ලිපිනයට යන්න: http://IP_Address:Port/gui ‍- මෙහි IP_Address සහ Port වෙනුවට කලින් කියපු විදියට බලා ගත් නිවැරදි දත්ත ආදේශ කරන්න. පරිගණක ජාලය (LAN) තුල පරිගණකයක් සඳහානම් private IP එකත්, ජංජාලය හරහා පාලනය කිරීමට public IP එකත් ආදේශ කරන්න. User Name සහ Password විමසන විට එයද නිවැරදිව ලබා දෙන්න.


    Web UI ගැනනම් හොඳ විස්තරයක් uTorrent documentation වලින්ම හොයා ගන්න පුලුවන්.

    source

    :yes:vade hoda nam comment akak dala REP+ akak dela yanna:yes: