Vaas Gunawardena's Son Ravindu Gunawardena taken into Police Custody for Murder

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Vaas Gunawardena's Son Ravindu Gunawardena taken into Police Custody for Murder

    Former Deputy Inspector General Vas Gunawardena's son Ravindu Gunawardena was arrested early morning today at a house in Pepiliyana in Colombo district, local media reported.



    The police was on the lookout for him after Kaduwaela magistrate issued an arrest warrant over the younger Gunawardena's involvement in the attack on a student of Sri Lanka Information Technology Institute of Malabe.



    The CID reported to the Colombo Additional Magistrate Mohammed Sahabdeen that Ravindu Gunawardena was directly involved in the murder and he had taken away the fire arm which was used for the killing.


    2036vaas_gunawardenas_J.jpg
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    "මම ඩීඅයිජී වාස්‌ගේ පුතා" කියා සපත්තු ජෝඩුවක්‌ සල්ලි නොදී අරන් යන්න හදලා
    වාස්‌ගේ පුතා අත්අඩංගුවට
    "තමුසෙගෙ තාත්තා ඩීඅයිජී නම් සපත්තු දෙකක්‌ ගන්න බැරි ඇයි" ?


    හේමන්ත රන්දුණු

    බම්බලපිsටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ පුත්‍රයා වන රවිඳු ගුණවර්ධනද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (07 වැනිදා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර රවිඳු ගුණවර්ධන පැපිලියාන ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක්‌ මත ඊයේ අලුයම එහි ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්‌ එම නිවසේ දොරවල් කඩා එහි සැඟවී සිටි සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

    සැකකාර රවිඳු ගුණවර්ධන සමඟ එම නිවසේ සිටි ඔහුගේ මිතුරකු වන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවකු ද (33) ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

    මාස දෙකකට ආසන්න කාලයක සිට සැකකරු පොලිස්‌ ඇසට වැලි ගසමින් සැඟවී සිටියේය. සැකකාර රවිඳු ගුණවර්ධනගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මොහු අනුරාධපුරය, මීගමුව, ඒත්තුකාල, ගාල්ල ප්‍රදේශවල රහසිගත ස්‌ථානවල සැඟවී සිට ඇති බවයි.

    සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස්‌ දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි. මේ අතර සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගන්නා බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

    බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා පෑලියගොඩ පොලිසියට අනුයුක්‌තව රාජකාරි කරමින් සිටි පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් පැහැරගෙන ගොස්‌ දොම්පේ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි වූයේ ෂියාම් නමැත්තා ඝාතනය කිරීම සඳහා උපදෙස්‌ දී ඇත්තේ එවකට බස්‌නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන බවයි.

    බම්බලපිටිය ප්‍රදේශයේ තවත් මුස්‌ලිම් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් µවුස්‌ඩීන් නමැත්තා විසින් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත මෙම ඝාතනය සිදුවූ බවද අනාවරණය විය.

    මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාස්‌ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් පසුවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ෂියාම් ඝාතනය පිටුපස වාස්‌ ගුණවර්ධන මහතාගේ පුත්‍රයාද සිටින බව හෙළිකර ගත්තේය.

    ඒ අනුව රවිඳු ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළද සැකකරු සැඟවී සිටියේය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන අන්දමට මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම සඳහා රැගෙන ගිය පොලිස්‌ කණ්‌ඩායම සමග සැකකාර රවිඳු ගුණවර්ධන ද ගොස්‌ ඇත.

    මොහොමමඩ් ෂියාම් සමඟ රවිඳු ගුණවර්ධන කාලයක සිට වෛරයකින් පසුවී ඇති බවද හෙළි විය. ඒ වෛරයට හේතුවී ඇත්තේ ෂියාම්ට අයත් සපත්තු අලෙවි සලකදී වූ සිදුවීමක්‌ බව රහස්‌ පොලිසිය පවසයි.

    ෂියාම් නමැත්තා ජීවතුන් අතර සිටි කාලයේ එක්‌තරා දිනක සැකකාර රවිඳු ගුණවර්ධන ඔහුට අයත් සපත්තු වෙළඳසලකට ගොස්‌ ඇත. එහිදී සපත්තු පරීක්‍ෂා කළ සැකකාර රවිඳු රුපියල් තුන්දහසක්‌ පමණ වටිනා සපත්තු ජෝඩුවක්‌ මිලදී ගෙන මුදල් නොගෙවා යැමට උත්සාහ කර තිබේ.

    ඒ අවස්‌ථාවේ ෂියාම් නමැත්තා එය වළක්‌වා ඇත. එහිදී රවිඳු ගුණවර්ධන පවසා ඇත්තේ මගේ පියා බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන බවයි. එහිදී කෝපයට පත්වූ මොහොමඩ් ෂියාම් නමැත්තා "තමුසෙගෙ තාත්තා ඩී. අයි. ජී. කෙනෙක්‌ නම් සපත්තු දෙකක්‌ ගන්න සල්ලි නැද්ද" යෑයි කියමින් රවිඳු ගුණවර්ධනට බැණ වැදී තිබේ.

    වෙළෙඳසලේ සිටි බොහෝ පිරිසක්‌ ඉදිරියේ ෂියාම් තමාට බැණ වැදීම නිසා රවිඳු ගුණවර්ධන ඔහු සමඟ දැඩි වෛරයකින් පසුවී ඇත.

    ෂියාම් ඝාතනය කිරීම සඳහා රැගෙන යද්දී සැකකාර රවිඳු ගුණවර්ධන ද ඒ සමඟ ගොස්‌ ඇත්තේ සිය වෛරය පිරිමහා ගැනීමට බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    සැකකාර පොලිස්‌ කණ්‌ඩායම විසින් ෂියාම්ට වෙඩි තබන්නට පෙර ඔහු වෑන් රථයෙන් පිටතට ගෙන පාළු ස්‌ථානයකට ඇදගෙන යැමට රවිඳු ගුණවර්ධනද සහාය වූ බවට චෝදනා එල්ල වී ඇත.

    මේ අතර මාලබේ තොරතුරු තාක්‍ෂණ ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි ශිෂ්‍යයකු පැහැරගෙන ගොස්‌ ඔහුට අමානුෂික ලෙස පහරදී තුවාල කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අධිකරණය මගහැර සිටී නිසා කඩුවෙල අධිකරණය මගින්ද රවිඳු ගුණවර්ධනට වරෙන්තුවක්‌ද නිකුත් කර තිබිණි.

    සැකකාර රවිඳු ගුණවර්ධනගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    divaina
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    DIG Vass Gunawardena who was arrested for allegedly murdering a businessman, Mohamed Shiyam has been found to have extorted money from coordinating secretary “Singapore Sarath” of Public Relations Minister Mervyn Silva. Singapore Sarath had been in possession of heroin and firearms and was on the list of drug traffickers to be killed. Gunawardena had forced money from him and not taken any action against Sarath.

    The DIG was admitted to Colombo National Hospital last week after falling ill and was transferred to the Prisons Hospital on Saturday. According to Inspector General of Police N.K. Ilangakoon, the DIG is likely to lose his job if Defence Secretary Gotabhaya Rajapaksa and the Public Services Commission approved of his report.


    222222222222222223.jpg
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    VassCourt_600px8_13_07_09.jpg


    Former Deputy Inspector General (DIG) of Police Vass Gunawardena and his son Ravindu Gunawardena, who are accused of murder, were further remanded by a Sri Lankan court today.

    The Colombo Additional Magistrate Court further remanded nine suspects including former DIG Vass Gunawardena and his son till August 27th when the suspects were presented before Colombo Additional Magistrate Mohammed Sahabdeen today.

    The Criminal Investigation Department (CID) informed the court that the ninth suspect, Shrimal Hettiarachchi who was arrested together with Ravindu, has an ongoing murder case against him at the Galle Magistrate's Court.

    The CID therefore sought court permission to present the suspect for an identification parade in connection with that case on the 21st of this month, which the court had permitted.
    Vass Gunawardena was first arrested in connection with the abduction and contract killing of a millionaire businessman, Mohamad Shiyam.

    baratha%20court%20case%20newsfirst2.jpg

     
    Last edited: