ආදරය සමරන්න බටහිර රටවල වෙලෙන්ඳන් එකතුවෙලා විශේෂයෙන්ම නාඹර තරුණ තරුණියන් හා ඒ කිට්ටුව යන එක එක වයස් පරතරවල අයව ගජ රාමෙට කාලෙක සිට දිනයක් වෙන් කරගෙන අන්දවපු හා අන්දවමින් ඉන්නා මුදල් කඩා ගන්නා කූට ජාවාරම් ප්‍රයෝගයක් හැටියටයි මා මෙය දකින්නේ...
ඒවා තොග පිටින්ම අපේ හීනලන්තයටත් ගෙනත් ගෙඩි පිටින්ම බාලා අපේ දේශීය ජාවාරම්කරුවෝ විසින් පාට කන්නාඩි දාගත්තු ලවක් දෙවක් නැතුව බටහිරින් එන හැමදේම හිස් මුදුනින් වන්දනා මාන කරන අපේ තරුන පිරිසට ඔවුන්ගේ සාක්කුවේ එදිනෙදා අධ්‍යාපන කාර්යේදී වැය කිරීමට තියෙනා සොච්චමට විදිනවා නැත්නම් ඔවුන්ගේ දෙමව්පියන් අමාරුවෙන් හරි හම්බ කරන පොකට් එකට විදිනවා....
සමහර වෙලාවට ඔය ඉහත සඳහන් වැදගත් දවසේදී ආදරවන්තියන් හා ආදරවන්තයින් ඔය තෑගි කීප දෙනෙකුට එකිනෙකාට නොදැනෙන අයුරින් පුද කරන හාස්‍යජනක අවස්ථාත් එමට තියෙනවා.. මොකද හරි හමන් එක ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් නැති ගොඩාක් දෙනාට තම හිත සුව පිණිසම නාම මාත්‍රයෙන් ආදරය ප්‍රකාශ කොට ඇති... ආදරය සෙල්ලමක් නැත්නම් පොඩි සොමියක් කර ගත්තු අය ගොඩාක් අද අපේ සමාජය තුල ඉන්න නිසා...
ඉතා හොඳ නිමිත්තක් සංවාදයට බදූන් විය යුතුම..
නිර්මානකරුවාගේ කාලෝචිත තවත් ඉහලින් අගය කල යුතු නිර්මානයක්......
පහත සඳහන් කරුණු සංවාදයට රුකුලක් වෙයි කියල මං හිතනවා.......
අනුන් කරන්නන් වාලේ කරනවද??
සමාජයේ කැපී පෙනෙන්න බටහිර පිලිවෙත් අනුගමනය කරනවා කියන පුහු මාන්නය සමාජයට පුම්බා පෙන්වීමට කරනවද?
නැත්නම් නොකර බැරි නිසා...මගේ වයසේ අනිත් යාලූවෝ ඔක්කොම කරන නිසා කරනවද??
කිසිම හැඟීමකින් තොරව අනිත් පාර්ශවයෙන් එය සමරන නිසා ඔබත් සමරනවද??
විවිධ අදහස් එකට හප්පා මත ගැටුමක්(මිනිස් ගැටුමක් නෙවෙයි) අරඹමු...එයින් සමාජය දැනුවත් වීම හා දැනුවත් කිරීම අප අතින් විය යුතු අද දවසේ යුතුකමයි....
මල්ලියා ඔබට ජය!!
ගොඩක් ස්තූතියි අයියේ මගේ නිර්මාණය තුළින් සංවාදයකට මුලපිරුවට..
මට මත දෙකක් තියෙනවා ඔය සම්බන්ධයෙන්. පළමුවැන්න තමයි "ආදරවන්තයින්ගේ දිනය" කියන්නෙ දැඩි ලෙස වානිජ කරණයට ලක් වූවාක්. නානාප්‍රකාර වූ අළෙවිකරණ ක්‍රමෝපායන් මගින් තරුණ සිත් වල බොරු මතයක් ගොඩ නගනවා මෙය මහා ලොකු දෙයක් කියලා. නමුත් සැබෑ ආදරවන්තයන්ට මෙය තවත් එක් දවසක් පමණයි. අයියා සදහන් කරලා තියෙනවා වගේ හාස්‍යජනක අවස්ථා වගේම කණගාටුදායක අවස්ථා මේ නිසා ඇති වෙලා තියෙනවා. ආදරයෙදි ළඳ බොළද වෙච්චි සිත් වලට මෙවන් විස ඇතුල්වෙලා සහකරුගේන් ලොකු ලොකු දේවල් බලාපරොත්තුවෙලා නොලැබුනු තැනදි සිත් බිදුනු අවස්ථා මම අත්දැකීමෙන් දන්නවා. සැබෑම ආදරයකදි මෙවැනි දේවල් සිදුවිය නොහැකි උනත් ආදරය කියන්නෙ වෙලාවකදි හරිම බොළද දෙයක්...
හැම දේම දෙපැත්තක් තියෙනවා වගේ අපට මේ දවස හොද අතට යොදාගන්නත් පුළුවන්. මගේ පුද්ගලික අත්දැකීමෙන් කතා කරනවානම් එක වසරක් තිබුනු පොඩි හිත් අමනාපයක් අමතක කරන්න (පොඩි වළියක් ෂේප් කරගන්න) අපි දෙන්නම මේ දවස යොදා ගත්තා. තියෙන සම්බන්ධය තව තවත් තහවුරු කරගන්න මේ දවස යොදා ගන්න කියලා මම සහෘදයන්ට යෝජනා කරනවා. නමුත් "එයාගේ" ආදරයේ තරම තමන්ගෙ සහකරු මේ දවසේ තමන් වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණයෙන් මනින්න යන්න එපා කියන කාරණයත් මතක් කරන්න ඕනේ..
අයයටත් ජය !



adaraya karana ayata hamadama valentine tiyenna ona kiyalai mage adahasa 

