VEGA දියුණු කරන්න ඇමෙරිකාවෙන් සහය

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    ලංකාවේ VEGA විදුලි වාහන දියුණු කරන්න ඇමරිකානු තානාපතිනියගෙන් උදව්​

    collage.jpg


    ශ්‍රී ලංකාවේ පළමු විදුලි මෝටර් රථය ලෙස සැලකෙන VEGA රථයේ නිෂ්පාදකයන් වන VEGA Innovations සමාගම සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අතර එකඟතා ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවක් ඊයේ (15) කොළඹ පිහිටි එම තානාපති කාර්යාලයේදී සිදු විය.

    VEGA Innovations (පෞද්) සමාගම හට මෙරට තුළ විදුලි මෝටර් රථ ක්ෂේත්‍රය තුළ සිය කටයුතු දියුණු කරගැනිම සඳහා අවශ්‍ය එක්සත් ජනපද තාක්ෂණික සහයෝගය ලබාදීම මෙම එකඟතා අත්සන් තැබීමේ අරමුණ වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්තිය සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දෙන දායකත්වය යටතේ මෙම අවස්ථාව සංවිධානය වී තිබේ.

    මෙහිදී අදාළ එකඟතාව සඳහා අරමුදල් සැපයීම ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ආයතනය (USAID) මගින් සිදු කරයි. ඒ හරහා VEGA Innovations සමාගම හට ශ්‍රී ලංකාව තුළ විදුලි ත්‍රීරෝදරථයද ඇතුළුව විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය සඳහා සහාය ලබා දිම අරමුණ වී තිබේ.

    එසේම මෙම එකඟතාව මගින් ශ්‍රී ලංකාව තුළ විදුලි මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා වන ජාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙන්ම දේශීයව නිර්මාණය කෙරෙන බැටරි සහ ඉන්වර්ටර් උපාංග නිෂ්පාදනය කිරීමටත් අරමුදල් සැපයීම සිදු කරන බවත් එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

    මෙහිදී අදාළ එකඟතා ගිවිසුම වෙත අත්සන් කිරීම USAID ශ්‍රී ලංකා වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ රික් විටේකර් සහ VEGA Innovations වෙනුවෙන් ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් අතර සිදු විය.

    USAID ශ්‍රී ලංකා ආයතනය යටතේ මෙලෙස ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහන් දියත් කිරීම 2021 වසරේදී සිදුව තිබේ. එහිදී මෙරට බලශක්ති ක්ෂේත්‍රය වඩාත් වෙළෙඳපොළ පාදක කරගත්, සුරක්ෂිත, විශ්වාසදායී සහ තිරසාර බවට පත් කිරීම අරමුණ වී තිබේ.

    මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලි චන්ග් මහත්මිය, “ලොව පුරාම සිටින නව අදහස් අත්හදා බලන, උපායමාර්ගික අවදානම් ලබා ගන්නා නවෝත්පාදකයන් සහ පර්යේෂකයන් හට එක්සත් ජනපදය නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. ශ්‍රී ලංකාව තුළදී අපි මෙලෙස VEGA සහ අනෙකුත් ප්‍රධාන පේද්ගලික අංශයේ සමාගම් සමගින් පුනර්ජනනීය බලශක්ති අංශයේ නවෝත්පාදනය සහ වර්ධනය වෙනුවෙන් හවුල්කාරීත්වයකට ලැබීම ගැන සතුටට පත්වෙනවා” යනුවෙන් පවසා තිබේ.

    gossiplankanews245258.jpg



    gossiplankanews245153.jpg


    gossiplankanews245047.jpg


    gossiplankanews244f41.jpg


    Source: https://www.gossiplankanews.com/2022/06/blog-post_16.html

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    Yes. atha dennam kiyala awilla puka illan yanne
    lankawe ewun kisikma terumak nehe.
    Anduwen kisima support ekaka nehe
    Support denawanam un kutti illanawa,

    BOI eken adu gane idamak deela factory ekak hadanna set karala pahasukam deela, rate minissunta wedak wena widihata kisima deyak karanna balanne nehe.

    pissu yakku inne

    ithin nawa nirmana karana ewun balan indala wena ewun ekka set wenawa.

    kalakanni inne rate
     
    • Sad
    Reactions: Nidarshana_k

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ මේ බන්.
    ඕකට අපේ උන් ලියපු කවි, හෑලි අවුරුදු ගානක ඉදන්.

    ඒහෙම තමයි යකෝ R&D කරල ප්‍රොටෝටයිප් හදන එක තච්චියෙන් ආප්ප බානවා වගේ කරන්න බෑ. මොකද එසෙම්බල් කිරිල්ලක් නෙමේනෙ කරන්නෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    ඒහෙම තමයි යකෝ R&D කරල ප්‍රොටෝටයිප් හදන එක තච්චියෙන් ආප්ප බානවා වගේ කරන්න බෑ. මොකද එසෙම්බල් කිරිල්ලක් නෙමේනෙ කරන්නෙ.
    එල මචන් :love:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ෆුල් ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් හදනවට වැඩිය තියෙන ත්‍රීවීල් හයිබ්‍රිඩ් ක්‍රමයකට දුවන්න හදනවා නම් එහෙම කිට් හදල විකුණනවා නම් වැඩේ නැගල යාවි කියල හිතෙනවා
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ෆුල් ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් හදනවට වැඩිය තියෙන ත්‍රීවීල් හයිබ්‍රිඩ් ක්‍රමයකට දුවන්න හදනවා නම් එහෙම කිට් හදල විකුණනවා නම් වැඩේ නැගල යාවි කියල හිතෙනවා
    hybrid kit neme hadanna one threewheel electric conversion kit.
    & footbike walta e-bike conversion kits swytch wage.

    https://www.swytchbike.com/p/universal-ebike-conversion-kit/
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    hybrid kit neme hadanna one threewheel electric conversion kit.
    & footbike walta e-bike conversion kits swytch wage.

    https://www.swytchbike.com/p/universal-ebike-conversion-kit/
    ඔව්, ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු චාජ් කරන්න යන වෙලාව, එක චාජ් එකකින් දුවන්න පුළුවන් දුර සංසන්දනය කරනවා පෙට්රෝල් එන්ජින් තියෙන වාහන එක්ක. ඉතින් ඉලෙක්ට්‍රික් ඒවා ගැන උනන්දු වෙනවා අඩුයි. දැනුත් වාහන කන්වර්ට් කරන්න හිතන්නේ ඉලෙක්ට්‍රික් වාහන ගැන විශේෂ උනන්දුවක් තියෙන අය නේ? බයික් සම්බන්ධයෙන් නම් තත්වය වෙනස්. මොකද එකෙන් කෙරෙන කාර්යය ත්‍රීවීල් එකකට වඩා වෙනස්. බයික් එකත් හයිබ්‍රිඩ්. චාජ් එක නැත්නම් අපිටම පැදගෙන ගමන යන්න පුළුවන්.