Vehicle Sale Advance Payment ප්‍රශ්නයක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මම Registered Toyota Yaris එකක් ගන්න Sale එකකට Advance කරා 100,000. වාහනේ ගාන 8,800,000. ඇත්තටම මට Registered එකක් ගන්න ඕන උනේ 70% Loan එක ගන්න ඕන නිසා. මගේ අතේ තිබ්බේ 3,500,000 වගේ නැත්නම් මේ ගානට Unregistered වාහනත් තියෙනවා. මම ඉතින් වාහනේ බලල Test Drive එකක් කරලා තමයි Advance කරේ. 2Km ක් වත් ගියේ නෑ Test Run එක.

    එත් ඇත්තටම මට loan එක ගන්න බැරි උනා. Bank එකෙන් 50% Loan එකක් දෙනවා කිව්වේ. Registration එක 1 Year වලට වඩා අඩු නිසා.(මන් loan එකක්ම ගන්න බලන්නේ Staff rate අඩු නිසා) පස්සේ මන් පැය 24 ක් යන්නත් කලින් sale එකේ කෙනාට කිව මට loan එකේ ප්‍රශ්නයක් උනා. වාහනේ ගන්න වෙන්නේ නෑ කියල.

    එයා සල්ලි දෙන බෑ කියනවා ඒක එයාගේ ප්‍රශ්නයක් නෙමෙයි කියල. මන් කිව්වා ඔයාගේ Test Drive එකට ගානක් අඩු කරලා ඉතිරි ගාන දෙන්න කියලා. පස්සේ කියනවා වාහනේ විකුණුවාට පස්සේ දෙන්නම් කියල. මේකට ගන්න පියවරක් නැද්ද. දුන්න invoice එක තියෙනවා