අතිපූජ්ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 10 වැනි අනුස්මරණය
ගංගොඩවිල සෝම හිමි වන්a යතිවරයාණන් වහන්සේලා ඉතා අල්පය. ශීලයෙන්, ගුණයෙන් හා Æණයෙන් පරිපූර්ණ වූ සහ ජාතික හා සාමාජික සේවා අංශයෙන් ප්රමුඛස්ථානයෙහි වැඩ සිට රටට හා ශාසනයට මිල කළ නොහැකි සේවාවක් කළ උන්වහන්සේ මීට වසර දහයකට පෙර අපට අහිමි විය. එය මුළු ජාතියේම අභාග්යයකි.
උන්වහන්සේ සසරින් පතාගෙන ආවේ පැවිද්දටමයි. අති පූජ්ය අම්පිටියේ රාහුල ස්වාමීන්ද්රයන් වහන්සේ සමග ඇතිවූ ඇසුර හා කතාබහ විකසිත වන්නට තිබූ පුෂ්පයකට හිරු එළිය වැටුණා හා සමාන විය. තරුණ සෝමරත්නයන්ගේ සිත කෙමෙන් කෙමෙන් පැවිදි වීම කෙරෙහි යොමු විය. මේ පුෂ්පය විකසිත වීමට අවශ්ය පෝෂණය සහ ජලය නිරන්තරව රාහුල ලොකු හාමුදුරුවන් විසින් සපයන ලදී.
තම ජ්යෙෂ්ඨ පුත්රයාගේ පැවිදි වීම සඳහා ඇති නැඹුරු වීම අවබෝධ කරගත් සෝමරත්න තරුණ මහතාගේ දෙමවුපියෝ එයට විරුද්ධ වූහ. පැවිද්දට තමන් තුළ ඇති බලවත් කැමැත්ත තම දෙමවුපියන්ට ඒත්තු ගැන්වීමට සහ ඔවුන්ගේ කැමැත්ත ඒ සඳහා ලබා ගැනීමටත් ඔහු වර්ෂ ගණනාවක් මහත් ඉවසීමෙන් බලා සිටියහ. තම ගමේ පන්සල වූ ගංගොඩවිල සුභද්රdරාමයෙන් ඔහු ලැබූ ආගමික පරිසරය සහ වජිරාරාම දහම් පාසලේ ගුරුවරයකු ලෙස ලැබූ අත්දැකීමත් ඔහුට පැවිද්ද ලබා ගැනීම සඳහා මහත් සේ බලපෑමක් ඇති කළේය.
ඒ අනුව 1974 සැප්තැම්බර් මස 24 වැනි දින පරම පූජ්ය මඩිහේ පඤ්Æසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේත් අම්පිටියේ ශ්රී රාහුල මාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්යායත්වයෙන් උක්ත උපශාන්ත තරුණයා "ගංගොඩවිල සෝම" නමින් ප්රවෘජ්යා භූමියට ඇතුළත් වූයේ එපරිද්දෙනි.
පැවිදි බිමට ඇතුළත් වූ දා සිට උන්වහන්සේ ත්රිපිටකය හදාරන්නට පටන් ගත්හ. උන්වහන්සේ මහඔය වෙහෙරගල ආරණ්යයේ සහ මාතලේ ෙච්තියගිරි ආරණ්යයේ වැඩ විසූ කාලවල මෙම කාර්යයට මුල්තැන දුන්හ. මේ හැදෑරීමේ ප්රතිඵලයක් වශයෙන් පසු කලක බොහෝ දෙනාගේ මවිතයට හේතු වන අයුරින් ධර්මදේශනා හා ධර්ම සාකච්ඡාවන්හිදී විෂය කරුණුවලට අදාළ වන සේ බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්වන්නට උන්වහන්සේ සමත් වූහ.
උන්වහන්සේ තුළ තිබූ අනලස් ස්වභාවය හා ධෛර්ය සම්පන්න භාවය සමග විශේෂ සංවිධාන හැකියාවත් සෝම හාමුදුරුවන් සතුව තිබූහ. මෙම විශේෂ හැකියාව හොඳින් අවබෝධ කරගත් පරම පූජ්ය මඩිහේ පඤ්Æසීහ ස්වාමීන්ද්රයන් වහන්සේ "තරුණ සවිය වැඩසටහන" තවදුරටත් ඉදිරියට ගෙන යැමේ වගකීම සෝම හාමුදුරුවන්ට පැවරූහ. තරුණ ශක්තිය නිවැරැදි ලෙස රට- දැය - සමයට වැඩ ඇති ලෙස, ගොඩනැංවීමේ අරමුණින් මහානායක හාමුදුරුවන් ආරම්භ කළ වැඩසටහනකි. තරුණ සවිය, මහානායක මාහිමියන් වහන්සේ බලාපොරොත්තු වූ ලෙස එම කටයුතු විධිමත් ලෙසත් දීර්ඝ කාලීන ලෙසත් වර්ධනය වූයේ සෝම හිමියන් හා උන්වහන්සේ හා සංවිධානය වූ පිරිසගේත් බලවත් උනන්දුව නිසාය. මෙම ක්රියාකාරකම් අතර. සීල සමාදාන, චාරිකා, ධර්ම දේශනා, රෝහල් පිළිසකර කිරීම, ශ්රමදාන කටයුතු ආදී ශුභසාධන ක්රියාවන් විය.
සෝම හාමුදුරුවන් කළ ධර්මදේශනා විශේෂයෙන්ම තරුණ පිරිස ඉලක්ක කරගත් අතර එම දෙසුම් තරුණ තරුණියන්ගේ මහත් ප්රබෝධයට ලක් විය.
භික්ෂුවක් වශයෙන් උන්වහන්සේගේ දිවිය ඉතාමත් ජනප්රිය විය. එසේම ඉතාම කාර්ය බහුල විය. තමන් වහන්සේගේ දහම් අරමුණු, මිනිසා සුචරිතවත් කිරීමේ ආධ්යාශයන් මුදුන් පමුණුවා ගැනීමට ඒවා සුදුසු අවස්ථාවන් කොට කල්පනා කළ උන්වහන්සේ දොම්නසක් නැතිව පසුබෑමක්, උකටලී වීමක්. මැසිවිලි නැඟීමක් නැතිව, ලාභාපේක්ෂාවලින් තොරව එම ආරාධනා ඉටු කර දුන්හ. උන්වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයට, ජාතියට සහ ජනතාවට සිදුවූ සේවය මිණිය නොහැකි තරම් විශාලය. උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇතිවූ හිඩැස වෙනත් කිසිවකුගෙන් පිරවිය නොහැකිය.
ධෛර්ය සම්පන්න භාවය උන්වහන්සේගේ දිවියෙහි තිබූ විපුල ගුණයකි. ලාභයන් හා අපහාසයේදීත් එකම අයුරින් පිළිගැනීමට උන්වහන්සේ සතුව තිබූ ධීර ගුණය ආදර්ශවත්ය. විපතෙහිදී ධෛර්යයත් - සැපතෙහිදී, ඉවසීමත් උන්වහන්සේ ප්රගුණ කළහ. ඔස්ටේ්රලියාවේදී සසුන් සේවා ආරම්භ කොට වැඩිකල් යන්නට මත්තෙන් එහි ජීවත් වූ ශ්රී ලාංකිකයන් කිහිපදෙනකු උන්වහන්සේට නින්දා - පරිභව - චෝදනා කරමින් වාස වීසාව අවලංගු කර දමන තරමට විරුද්ධ ව්යාපාරයක් ආරම්භ කර තිබිණි. එවැනි අවස්ථාවකට වෙනත් භික්ෂුවකට මුහුණ දෙන්නට සිදු වූවා නම් ඒවා සිවුරු හැර යන තරමට කලකිරීම් උපදවන දරුණු චෝදනාය. උන්වහන්සේ ඒ කිසිවකිනුත් සැලුණේ නැත. ධර්මය පුරුදු පුහුණු කරමින් ලැබූ දැඩි අධිෂ්ඨානයෙන් නිර්භයව හා ඉවසීමෙන් කවරදා හෝ සත්යය එළිවේය යන අදහසින් සිය පුරුදු කටයුතු කරගෙන යැමට සමත් වූහ.