http://www.divaina.com/2013/09/08/nalin.html
පිටිකිරි, රතුපස්‌වල ආසනික් හා බටහිර විද්‍යාව ලිපි පෙළ තවත් සති කිහිපයක් පමාකිරීමට සිදුවන්නේ සෘජු දේශපාලන මාතෘකා කරළියට පැමිණ ඇති බැවිනි. කෙසේ වුවත් ඒ ලිපි පෙළ හා ඉදිරි සතිවල පළවන ලිපි අතර සම්බන්ධයක් නැතිවා නො වේ. එහි දී ද මෙහි දී ද අප සාකච්ඡා කරන්නේ පහළොස්‌වැනි සියවසේ අග ඉතාලියේ ඊනියා පුනරුදය ඔස්‌සේ කරළියට පැමිණි ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් ව, බටහිර ඊනියා විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යොදා ගනිමින් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ලොව පුරා තහවුරු කිරීමට බටහිරයන් කරන වෑයම ය. මෙරට දෙමළ ජනයාට දෙමළ නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැති බව අපි බොහෝ කලක සිට කියමු. එහෙත් ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නේ යෑයි කියන බොහෝ සංවිධාන ඒ ගැන සැලකිල්ලක් නොදක්‌වති. එයට මූලික හේතුව සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වියුක්‌තව සිතීමට බැරි කමය. ජාතික චින්තනයක්, දේශීය දැනුමක් ආදිය ගැන විසිරුණු අදහස් පළ කළ ද ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන බව කියන බොහෝ පඬියන්ට ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය යන්න හා පොදුවේ චින්තනය යන සංකල්ප දිරවා ගැනීමට නොහැකි බව දනිමි. ඔවුහු ද එකී චින්තනයෙහි ප්‍රතිඵල වෙති. ඔවුහු ද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හිස මුදුණින් පිළිගනිති. මුළු ලෝකයම (එකිනෙකා නිර්මාණය කරන ලෝක වෙනස් බවත් ඒ ලෝක යම් චින්තනයක් මත පදනම් වන බවත් අපි කියමු) සමස්‌තයක් ලෙස ගෙන දැකිය හැක්‌කේ වියුක්‌ත ව සිතීමෙනි. අපේ චින්තනයෙහි අංගයක් නොවූව ද වර්තමානයෙහි බටහිරයන් පරාජය කිරීමට නම් තරමකට වුවත් වියුක්‌ත ව සිතීමට පුරුදු විය යුතු ය. මේ ලිපිය ද ඒ ඒ සිද්ධි එකින් එක ගෙන කරන විශ්ලේෂණයකට වඩා සමස්‌තය දැකීමකි.
පිල්ලෙ කවුදැයි අප නොදැන සිටියා නො වේ. ඇය දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයෙහි දෙමළ සම්භවයක් සහිත ලියකි. ලන්දේසීන් වත්මන් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය වෙල්ලාලයන් හෙවත් කෘෂිකාර්මික කම්කරුවන් පදිංචි කර ඇත්තේ ද මේ නැටෝල් ප්‍රදේශයෙහි ය. පිල්ලෙ වෙල්ලාල දැයි මම නො දනිමි. එහෙත් ළදරු වියෙහි දී ඇයට වෙල්ලාල චින්තනය බලපාන්නට ඇත. වෙල්ලාල චින්තනයෙහි එක් අංගයක් නම් බටහිරයන්ට දක්‌වන ගැතිකම ය. ලන්දේසීහු ද ඉංගිරිසිහු ද අනෙක් රටවලට වෙල්ලාලයන් ද ඇතුළු දෙමළ ජනවර්ගය වැඩියෙන් ගෙන ගියේ පොදුවේ දෙමළ ජනයා බටහිරට සුවච ව සේවය කිරීම හේතුවෙනි. බටහිරයන් කිසිම රටකට සේවය කිරීම සඳහා සිංහලයන් ගෙන ගොස් නැති බව අමතක කළ යුතු නො වේ. පිල්ලෙට දකුණු අප්‍රිකාවේ ද ඇමරිකාවේ ද ලැබුණේ බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි අධ්‍යාපනයකි. අපට වැදගත් නොවූ හාවඩ් විශ්වවිද්‍යාලය යුදෙවු ක්‍රිස්‌තියානි අධ්‍යාපනයක් ලබාදෙන විශ්වවිද්‍යාලයකි. පිල්ලෙ සිතන්නේ පතන්නේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට ය. පිල්ලෙ පැමිණියේ ඔබාමාට සේවය කිරීමට ය. ඔබාමා ප්‍රසිද්ධියේ කුමක් කීව ද ඔහුට අවශ්‍ය වන්නේ බටහිරයන්ට අභියෝගයක් වූ සිංහල බෞද්ධ සංස්‌කෘතිය හැකිනම් විනාශ කිරීමට ය, බැරි නම් දුර්වල කිරීමට ය. පිල්ලෙගෙ වාර්තාව ඒ සඳහා ය. ඇමරිකාව යුදෙවු ඇංග්ලිකන් ක්‍රිස්‌තියානි රටකි. පිල්ලෙ කිසි දිනෙක ඔබාමා ධම්මපදයේ නොව බයිබලයේ අත තබා දිවුරුම් දෙන්නේ ඇයි දැයි නො අසයි. එහෙත් නිදහස් චතුරස්‍රයෙහි ඇති බෞද්ධ කොඩියක් ගැන මැසිවිලි කියයි. යුද්ධයෙන් මියගිය අයට ගරුකිරීම ඇගේ ප්‍රතිපත්තිය කියමින් නන්දිකඩාල් හි මල් විසුරුවීමට ඇයට අවශ්‍ය වන්නේ යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය වෙනුවෙනි. ප්‍රභාකරන් යනු යුද්ධයෙන් මියගිය අහිංසකයකු නොව වෙල්ලාලයන්ට රැවටී හිංසාව මෙහෙයවූ ත්‍රස්‌තවාදියා බව මේ ඊනියා මානවහිතවාදිනියට අමතක වෙයි. ඇය ආණ්‌ඩුව ඒකාධිපතිවාදයක් කරා යන්නේ යෑයි කියන්නේ තමන්ගෙන් ප්‍රශ්න ඈසූ ජනමාධ්‍යවේදීන්ට චෝදනා කරමිනි. ආණ්‌ඩුව තමන්ට රටේ ඕනෑම තැනකට ගොස් ඕනෑම කෙනකු හමුවීමට අවසර දුන් බවත් ඇය ඒ අවසරය අනිසි ලෙස යොදා ගෙන ආණ්‌ඩුවට හොරෙන් ත්‍රිකුණාමලයේ දී කතෝලික පූජකවරයකු හමු වූ බවත් අමතක කරමිනි. ලංකාවේ දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ගැන කතාකරන ඇය දකුණූ අප්‍රිකාවේ දෙමළ ජනයාගේ අයිතීන් අමතක කරයි. මැන්ඩෙලාගේ දකුණු අප්‍රිකාවේ දෙමළ භාෂාවට හා දෙමළ සංස්‌කෘතියට ඇති තැන කුමක් ද?
පිල්ලෙගෙ වාර්තාව හා ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය